මන්නාරම් දිසාවේ මඩුපාර අඩවියේ මාන්තෙයි බටහිර දෙස පෙරිය මඩු රක්ෂිතයේ වීර දැව ඝන මීටර් 85 ක් අනවසරයෙන් කපා ප්‍රවාහනය කළ ලොරි හතරක් සමග දෙදෙනෙක් අත් අඩංගුවට ගත් බව මන්නාරම අඩම්පන් පොලිසිය පවසයි.
දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ එක හමාරකට ආසන්නය.
ප්‍රදේශවාසීන් පවසන්නේ ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයකුගේ අධාරකරුවන් දිගින් දිගටම මෙම දැව ජාවාරම සිදු කරන බවයි.
මන්නාරම් දිසා වන නිලධාරී එම්.කේ. ජයකොඩි මහතාගේ උපදෙස් මත මඩුපාර අඩවි වන නිලධාරී එල්.ඒ.එස් යාපා, අතිරේක අඩවි වන නිලධාරී ඒ.ආර්.එම්.නියාස්, මාන්තෙයි නිලධාරී ඩි.ඒ.කේ.පී.ද සිල්වා, රාජ්‍ය දැව සංස්ථාවේ සහකාර ප්‍රාදේශිය කළමනාකාර එච්.කේ.සෝමතිලක යන මහත්වරු අඩම්පන් පොලිසිය සමග වැටලීමට එක්වූහ.
සැකකරුවන් මන්නාරම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවත් ඔවුන් දෙදෙනාට රුපියල් පනස් දහස බැගින් දඩ මුදල්ද දඩ නොගෙවන්නේ නම් බර පතල වැඩ සහිතව මාස තුනක සිර දඩුවම්ද, එක් ලොරි රථයක් සදහා ලක්ෂය බැගින් මුදල් ඇප සහ රූපියල් ලක්ෂ 20 බැගින් බැඳුම්කරද මන්නාරම් මහේස්ත්‍රාත් අදිකරණයේ මහේස්ත්‍රාත් ඇලෙක්ස් රාජා මහතා නියම කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න පේනවනේ අයියලාගේ වැඩ! (නි)
අද කැලේ කපනවා ඊලගට පරම් පරාව පොල් අතු මඩු ගහල පදිංචි කරවනවා. (ර)