IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දේශපාලන ගෝලයෝ උතුරු කැලේ කපති

මන්නාරම් දිසාවේ මඩුපාර අඩවියේ මාන්තෙයි බටහිර දෙස පෙරිය මඩු රක්ෂිතයේ  වීර දැව ඝන මීටර් 85 ක් අනවසරයෙන් කපා ප්‍රවාහනය කළ ලොරි හතරක් සමග දෙදෙනෙක් අත් අඩංගුවට ගත් බව මන්නාරම අඩම්පන් පොලිසිය පවසයි.

දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ එක හමාරකට ආසන්නය.

ප්‍රදේශවාසීන් පවසන්නේ ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයකුගේ අධාරකරුවන් දිගින් දිගටම මෙම දැව ජාවාරම සිදු කරන  බවයි.

මන්නාරම් දිසා වන නිලධාරී එම්.කේ. ජයකොඩි මහතාගේ උපදෙස් මත මඩුපාර අඩවි  වන නිලධාරී එල්.ඒ.එස් යාපා, අතිරේක  අඩවි  වන නිලධාරී ඒ.ආර්.එම්.නියාස්, මාන්තෙයි නිලධාරී ඩි.ඒ.කේ.පී.ද සිල්වා, රාජ්‍ය දැව සංස්ථාවේ සහකාර ප්‍රාදේශිය කළමනාකාර එච්.කේ.සෝමතිලක යන මහත්වරු අඩම්පන් පොලිසිය සමග වැටලීමට එක්වූහ.

සැකකරුවන් මන්නාරම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවත්  ඔවුන් දෙදෙනාට රුපියල් පනස් දහස බැගින් දඩ මුදල්ද දඩ නොගෙවන්නේ නම් බර පතල වැඩ සහිතව මාස තුනක සිර දඩුවම්ද, එක් ලොරි රථයක් සදහා ලක්ෂය බැගින් මුදල් ඇප සහ රූපියල් ලක්ෂ  20 බැගින් බැඳුම්කරද මන්නාරම්  මහේස්ත්‍රාත් අදිකරණයේ මහේස්ත්‍රාත් ඇලෙක්ස් රාජා මහතා නියම කළේය.

20150421-0002 20150421-0007



අදහස් (0)

දේශපාලන ගෝලයෝ උතුරු කැලේ කපති

ඇල්පිටිය Wednesday, 22 April 2015 02:00 PM

ඔන්න පේනවනේ අයියලාගේ වැඩ! (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Wednesday, 22 April 2015 02:55 PM

අද කැලේ කපනවා ඊලගට පරම් පරාව පොල් අතු මඩු ගහල පදිංචි කරවනවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 793 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site