දේශපාලනඥයකුගේ බිරියක කොළඹ ප්‍රධාන පෙළේ පාසලකට හදිසියේ ගොස් ගුරුවරියකට පහර දී ඇතැයි එම විද්‍යාලයයේ ආරංචි මාර්ග සදහන් කරයි.
සැමියාගේ හිතවතියක මුණ ගැසීමට ඇය පාසලට ගොස් ඇති බවත්, එතැන දී වූ බහින්බස් වීම දුර දිග ගොස් දේශපාලන බිරිය එම ගුරුවරියට පහරදී ඇති බවත් කියැවේ.
මේ ගැටුම නිසා තම හිතවතිය වෙනත් පාසලකට ස්ථාන මාරු කරන ලෙස දේශපාලනඥයා අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලූ බව ද අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
මේ ගැන විමසීමට අධ්‍යාපන ලේකම් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය ව්‍යර්ථ විය.
මැතිවරණ නිලධාරීන් කියනුයේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර ඇති නිසා මේ කාලයේ මාරු වීම් කළ නොහැකි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම හයියක්නේ එයා අරගෙන තියෙන්නේ! (නි)
බහුතරයක් දේශපාලකයන්ගේ නෝනලා බලය ලැබුන විට කටුස්සාගේ කරේ රත්තරන් මාලය බැන්දා වගේ තමයි ජීවත්වෙන්නේ. සමහරු හැසිරෙන්නේ තමන්ට කවදාවත් නොතිබුන ප්‍රභූ පවුල් පසුබිම් මවාගෙන. බොහොම දෙනෙකුට උගත්කමක් නැහැ. යහපත් පවුල් පසුබිමක් නැහැ. ඉතින් ඒගොල්ලන්ට බලය කියන එක පෙන්වීම තමයි උඩයන්න තිබෙන එකම ක්‍රමය. මේක මොන පක්ෂයේත් දේශපාලක හාමිනේලාට අදාළයි. (නි)
අද ඉන්න දේශපාලකයන්ගෙන් නිහතමානි බිරින්දෑවරුන් ඉන්නේ කීයෙන් කීදෙනාගේද? සමහරු උගත්කමක්වත් අතේ සතයක්වත් නැතුව ඉඳලා අනිත් මිනිසුන්ට දාන සැර බලන්න ඕනෑ. මහත්තයගේ දේශපාලන බලය අතට අරගෙන ඒක පාවිච්චි කරනවා නෙමෙයි, හතර අතට වනනවා. (නි)
මේ කාගේ නෝනාද පාසල මොකද්ද කියලා කියන්න. මෙහෙම පාසල් වලට කඩාවදින්න මෙයා කාගේ බලයක්ද පාවිච්චි කරන්නේ කියලා අපි දැනගන්න ඕනෑ. (නි)
මොකද මාරුකරන්න බැරි? ඔය පොලිසියේ අය හදිසියේම මාරුකරන්නේ! (නි)
දැන් ඉතින් අළුත්ම රැල්ල මේකනේ.... (නි)
නම දාන්නකෝ ඒ තැනැත්තියගේ (නි)
ඇයි කලබල වුණේ? සැමියාගේ හිතවතියනේ... (නි)
වැඩේ කැත වුණත් මේ සිදුවීම ඉතිහාසය තුළ වැදගත්. රෙකෝඩ් කියන්නේ නිතර නිතර අලුත් වෙන ඒවාටයි. නියමයි! නියමයි!! (නි)
මේ හැසිරීම් වැදගත් පවුල් පසුබිම් වලින් දේශපාලනයට පැමිණි අයවලුන්ගේ හැසිරීම් නෙමෙයි. කිසිම උගත්කමක් විනයක් නැති , අඩු ගානේ කාන්තාවක් ගෙදරින් එළියට බහිනකොට හැසිරෙන පිළිවෙලවත් නොදන්නා කාන්තාවන් තමයි මෙහෙම හැසිරෙන්නේ කියලයි මම නම් කියන්නේ. (නි)
නම සහ පාසල පළකරන්න. සමහර කට්ටිය මහා ලොකුවට මේ අයට නේද රිබන් කපන්න , උත්සව වල තෑගි දෙන්න , නොයෙක් ප්‍රදර්ශන විවෘත කරන්න කිය කියා ආරාධනා කරන්නේ? (නි)
උගත්කමක් , වැදගත් හැසිරීමක් , නිහතමානීකමක් ඇති නෝනලා සිටින සහ සිටි දේශපාලකයන් ඇත්තේ අතළොස්සයි මට හිතෙන හැටියට.ආ හැටි, උන්හිටි තැන් මතක නැහැ සමහර නෝනලා අනෙකුත් අයට පාට් දාන්න ගියාම (නි)
අද කාලේ දේශපාලන කරලියට ඇවිල්ලා ඉන්න කට්ටියගේ නෝනලාගෙන් උගත් වැදගත් හැසිරීමක් බලාපොරොත්තුවෙන අපියි මෝඩයෝ. (නි)
කලකට පෙර පාසලකට පැමිණි දේශපාලක නෝනා කෙනෙක් තමන්ගේ පුතාට විහිලු කළා කියලා පන්තියේ ළමයෙකුට පහර දුන්නා. මම එතකොට ඒ පාසලේ උසස් පෙළ ශිෂ්‍යයෙක්. එදා ඒ සිද්ධිය කොහොමහරි මාධ්‍යයෙන් වසන් කළා. ඒ නිසා දේශපාලක හාමිනේලාගේ උද්දච්ච වැඩ නම් කවදාවත් නතර වෙන්නේ නැහැ. (නි)
ඇත්තටම මට නම් මේ බහුතරයක් දේශපාලක බිරින්දෑවරුන් ගැන පැහැදීමක් නැහැ. අපේ දුවගේ පන්තියේ ඉන්නවා එහෙම පවුලක ළමයෙක්. ඒ නෝනා හිතන්නේ පන්තියේ ගුරුවරිය වැඩ කරන්න ඕනෑ ඒගොල්ලන්ට ඕනෑ හැටියට කියලා. (නි)
හැබැයි ඉතින් සමහර දේශපාලක පුතාලාත් පාසල් වලට පැනලා නැටුම් නටන්න බාලිකාවන්ට අඬගහපු එකේ මේ නෝනාටත් හිතෙන්න ඇති මට මොකද පාසලකට පනින්න බැරි කියලා (නි)
දේශපාලනඥයකුගේ බිරියක් උනහම දැන ගන්න ඕනේ විනීතව හැසිරෙන්න. (ර)
කාගේ නෝනාද කියලා කියන්න. පවුලේ හැදිච්චකම බලලත් ඡන්දෙ දෙන්න වෙන බව දැන් සිදුවෙන සමහර දේවල් වලින් අපි දන්නවා. (නි)
එයාට හිතෙන්න ඇති ඒ විදියට කළාම තමයි හරි කියලා. (නි)
ඔක්කොම සෙල්ලම් ළඟදීම අවසන් වෙනවා. (නි)
මෙයාට තියෙන්නේ සැකයක් නම් මුල්ලේරියාවට ගොස් බෙහෙත් දියයුතුයි. ඇත්තටම ගැටලුවක් නම් නීතිය ඉදිරියට යන එකයි කිරීමට ඇත්තේ. (නි)
ලංකාව දිහා බලනකොට හරිම කණගාටුයි. කරන්න දෙයක් නැහැ. බුදුදහම අනුව ජීවත්වෙලා හිත හදාගන්නවා. (නි)
මොන ඇමතිගේ බිරියද මේ වැඩේ කලේ. (ර)
දැන් බන්දුල පෙරේරා මේකට කියාවි බොහොම සුළු, ගණන් නොගතයුතු පුද්ගලික ආරවුලක් කියලා. (නි)
අද බොහොමයක් දේශපාලකයන්ට වැඩ වැරදී ඇත්තේ පිට මිනිස්සු නිසා නෙමෙයි, තමන්ගේම කට්ටිය නිසා. බලයෙන් හිස උදුම්මාගත් නුගත් නෝනලා සහ රටටම තිත්ත වූ චණ්ඩි පුතාලා නිසා සමහරුන්ට පාරේ බැහැලා යන්න බැරි තත්වයක් දැන් තියෙන්නේ. (නි)
මේවාට තමා රටේ නීතියක් නැහැ කියන්නේ. රටේ නීතිය දැන් ඉස්සරට වඩා හොඳින් ක්‍රියාත්මක වෙනවා කිව්වාට මේ වගේ වැඩ තමා දේශපාලුවෝ කරන්නේ. මේවා නවත්වන්න පුළුවන්. නොකරන එක තමා දුක. (නි)
විනයක් නැති රටක්! මේවා මට්ටු කරගන්න බැරි දේශපාලකයාට රට හදන්න ඊළඟ පාරත් භාරදෙනවද කියලා අපි තීරණය කරන්න ඕනෑ නේද? (නි)
දේශපාලකතුමා බුද්ධිමත් විදියට යමක් කරගත්තා නම් මේ මොකුත් නැහැනේ (නි)
අපේ කැලණියේ දුටුගැමුණු කුමාරයාගේ බිරිඳ වත්ද ? (නදී)
ඕපාදූප වලට ප්‍රසිද්ධ වෙබ් අඩවියක තියෙන දේවල් එක්ක සංසන්දනාත්මකව බැලුවාම ඔය කියන දේශපාලනඥයා අරුන්ද මුන්ද කියල හිතාගන්න පුළුවන්. (නදී)
අන්න! බලය තව දෙන්න. අනේ හොඳයි (නි)
මේක මගේ රටයි කීමට පවා ලජ්ජා තත්වයක් අපිට උදා වී ඇත. (නදී)
ආත්මාරක්ෂාවට ගහන්න ඇති. (නි)
ගුරුවරිය රජයේ සේවිකාවකි. ඇයට සේවයකරමින් සිටියදී සේවා ස්ථානයේදීම පහරදීම බලවත් වරදකි (නි)
මේක ඩොලර් වලට රැවටිලා කළ අන්තර්ජාතික කුමන්ත්‍රණයක් (නදී)
මේ දේශපාලකතුමාගේ නම හෙළිකරන්න බැරිද? (නි)
හිතවතිය, බිරිය, ගුරුවරිය, මේ ඔක්කොම දේශපාලඥයාගේද? නරක නැහැ (නි)
මෙයාගෙත් මොලේ පරීක්ෂා කරන්න වෙයි (දිල්)
ඕකනේ අපි කියන්නේ ශ්‍රී ලංකාවට වෙලා තියෙන දේ! (නි)
කියන්න කණගාටුයි. රට පුදුම විදිහට කඩාවැටිලා තියෙන්නේ (නි)
රට කන මිනිස්සු! (නි)
රටේ නීතියක් නැහැ. මහ දවල් ටී 56 පෙන්නලා මංකොල්ල කනවා. මුළු රටම දේශපාලනීකරණය වෙලා (නි)
මේ කව්රුත් කට අරිනවා එහෙම නෙවෙයි හොදේ (දිල්)
දේශපාලකයාගේ හිතවතියක් කියල හොදටම විස්වාසද? (ත)
හරි අපූරු පවුලගේ බලය .....! (නි)
මෙි මිනිසුන් එළිපිට නිර්වස්ත්‍ර වන්නේ කුමක් නිසාද?මෙි අවිචාරවත් වූ දේෂපාලන රටාව නිසා නේද? (ත)
දවල් මිගෙල් රෑ ඩැනියෙල් දේශපාලනයද? (නි)
ඇත්ත කතාව රන්ජිත් (නි)
මේ නිව්ස් එකේ වැදගත්ම දෙය ජනතාවට හංගලා.(ත)
රාජකාරි කාලය තුල මේ දේ වුනානම් එකට ක්‍රියාකරන්න ඕන විදුහල්පති .ගිහිල්ලා පොලිසියේ පැමිණිල්ලක් දැම්මා නම් හොදයි.එත් ලොක්කා දේශපාලන ගැත්තෙක් නම්........? (හේ)
අපේ දරුවන්ට ඕනෑ යහපත් රටක්. විනයක් තිබෙන එකිනෙකට ගරුකරන රටක් (නි)
රන්ජිත්, ඔයාට තේරෙන්නේම නැද්ද මේක අනියමාර්ථයේ ගැටළුවක් බව. දේශපාලක බිරිය පමණක් නෙමෙයි ගැහැණු අපි කවුරුත් ඉවසීමේ සීමාව පැන්නවිට ඔහොම කරාවි. (නි)
දුර පළාතකින් අග නගරයට පැමිණි දේශපාලුවෙක්ගේ බිරියක් වගෙයි (නි)
වයඹ දෙවැනි රංගනය. (ර)
සාමාන්‍ය දෙයක්. නමුත් ගහපු එක වැරදියි. (නදී)
කොහොමද ඉතින් සිසුන් හදන්නේ. (ර)
ලජ්ජා නැද්ද සඳුනි දේශපාලකයෝ මදිවට ඒගොල්ලන්ගේ නෝනලාටත් කඩේ යන්න. ? (ස)
මම නම් හිතන්නේ ගුරුවරිය තමන්ටම ගහගන්න ඇති. (ර)
නම් ගම් එක්කම දැන්මනම් තමයි වටින්නේ.(හේ)
නියම කතාවක්.මේ ජර මර අස්සෙනේ මේකත් වුණේ.(හේ)
මටනම් හිතාගන්න බෑ. (හේ)
මට නම් හිතාගන්න බෑ දෙන්නම ඇමති වරුද අනේ කාලේ වනේ වාසේ රටකට ගිය කලක් (නදී)
දේශපාලකතුමාගේ ඇලීම මැතිනියගේ ගැටීමට මුල්වෙලා වගෙයි පෙනෙන්නේ. බුදුදහමේ හරය අනුව සසර දිගු ගමනට හැරවුමක්. කෙසේ වෙතත් කාන්තාවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුවත් විනය තැකුවා නම් මේ ප්‍රශ්නය දුරයන්නේ නෑ කියන එකයි මගේ හැගීම් (නදී)
තම දේශපාලක සැමියාට පමණක් නොව රටේ මෙන්ම ලෝකයේ සියලුම දේශපාලකයින් අපකීර්තියට පත්කරමින් මෙම ක්‍රියාව කළායැයි කියන මෙම බිරියට විරුද්ධව නීති මඟින් ක්‍රියාකළ යුතු නොවේද? (නි)
මේ කරුම දේශපාලන ක්‍රමයට තිත තැබිය යුතුයි. (නදී)
මේවා තවදුරටත් අපේ දරුවන්ට නොදැකීමට සැලැස්වීමේ කාලය එළඹ තිබේ. එය සඳහා කවුරුත් එකකතු වෙමු. (බ)
අනේ ඡන්දය දෙන්නකෝ. (නි)
මේ කියන්නේ අපිට වෙනසක් අවශ්‍ය බව නොවේද? (නි)
මේකද ඔය කියන ඉදිරි දැක්ම? (නි)
අපිට ඕනෑ ශීලාචාර සම්පන්න දේශයක්! (නි)
විල්බට්, ඔබ හරි. (නි)
ඔහොම ගියාදෙන්. මෛත්‍රී යුගයේ ඕවට ඉඩ නැහැ (නි)
පිස්සුද? තමන්ටම ගහගත්ත කාලේ දැන් අවසානයි (නි)
දැන් ඉතින් මේකටත් ගුරුවරුන් වර්ජනය කරයි .(හේ)
රටකට ගිය කලක්! නුගත් අය දේශපාලනයට ඇවිල්ලා රටට කොඩිවිනයක් වෙලා. තව ඉදිරියටත් මේ තත්වය වර්ධනය වෙන්න ඉඩදෙමුද? (නි)
දේශපාළුවෝ කවුරුත් එකයි (නි)
මේක අලුත් ෆයිල් එකක්ද? නැත්නම් දිගුකාලීනව සංශෝධනය වූ ෆයිල් එකක්ද? ෆයිල් එකේ හිමිකාරයා කවුද කියලා කියන්න බැරිද? (නි)
සමහරු පාසල් වලට කඩාපැනලා සිසුවියන් වේදිකාවට කැඳවන කාලයක් මේක (නි)
මෙයා කවුද ඇත්තටම? (නි)
අද කාලෙ මෙහෙම දේවල් වෙන්න පුළුවන්. මේවා සාමාන්‍ය දේවල්. (නදී)
මීට කලකට කලිනුත් ප්‍රසිද්ධ පාසලකට මෙහෙම බවලතියක් ඇවිල්ලා තමන්ගේ පුෂ්ටිමත් පුතාට බතලයා යැයි කිවූ පන්තියේ ළමයෙකුට සද්දයක් දාලා තිබුනා. (නි)
කියන්න වචන නැහැ (නි)
මේවා නම ගම සමඟම පළකරන්නකෝ. තමන්ගේ ගෙදර හාමිනේ ආණ්ඩු මට්ටු කරගන්න බැරි දේශපාලකයාට රට හදන්න ඊළඟ පාර භාරදෙනවද කියලා අපි තීරණය කරන්න ඕනෑ නේද ? (නි)
පුතුන්ගෙ ලෙඩේ දැන් අම්මලාටත් බෝවෙලා. ඊළඟට ආච්චිලා සීයලාත් පටන්ගනීවිද දන්නෙ නැහැ (නි)
මීට බොහෝ කලකට උඩදී මගේ ඥාති සොයුරෙක්ගේ පන්තියට කඩාවැදුන ක්‍රීඩාවකට සම්බන්ධ දේශපාලක නෝනා කෙනෙකුත් එතන හොඳ කස්තිරමක් ඇල්ලුවා. (නි)