නිෂ්පාදන හා සේවා ආදිය සඳහා තත්ත්ව සම්මාන ලබා දෙන්නාක් මෙන් දේශපාලනඥයින්ගේ තත්ත්වය ද පරීක්ෂා කර බලා වාර්ෂිකව සම්මාන දීමේ ක්‍රමවේදයක් ඇති කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
රටේ ජනතාව නිෂ්පාදන හා සේවාවල තත්ත්වය මෙන්ම දේශපාලනඥයින්ගේ තත්ත්වය ගැනත් බලාපොරොත්තු වන බව කී ජනාධිපතිවරයා එවැනි සම්මාන දෙන වැඩපිළිවෙළක් ඇති කරන්නේ නම් එහි විනිශ්චය මණ්ඩලයට ලෙස පත්කළ යුත්තේ කම්කරු අමාත්‍යාංශ නියෝජිතයින්ගෙන් වැඩ කරන ජනතාවගෙන් යුත් විනිශ්චය මණ්ඩලයක් බව ද සඳහන් කළේය.
රටේ සියලු තත්ත්වයන්හි සියලු ප්රමිතීන්හි මූලික වගකීම එන්නේ දේශපාලනඥයන්ගෙන් බැවින් එතැන තත්ත්වය බාල වුවහොත් එතනින් පහළට ඇති සියලු අංශ දුර්වල වන බව ද ජනාධිපතිවරයා කීවේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ කොළඹ හිල්ටන් හෝටලයේදී අද පැවති ජාතික තත්ත්ව සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා කරන්න කලින් අර සිද්ධවෙලා තියෙන ලොකුම වංචාවට ඉහළම තැනට දඬුවම් දෙන්න! (නි)
කවුරු වටිනාකම “0“ ගනීද? (නි)
ආණ්ඩුවේ තත්ව සහතිකේ කොහොමද කියලා බලාගන්න තිබුනා ප්‍රාදේශීය සභා ඡන්දෙ තිබ්බා නම් (නි)
තවම හොරු ටික ඇල්ලුවේ නැහැ. නමුත් ලොකු කතා. කතා විතරයි (නි)
ජනාධිපති තනතුරටත් තත්ව සහතිකයක් තිබුනොත් හොඳයි නේද? (නි)
තත්ත්ව කෙසේවෙතත් බොහෝ දෙනෙකුට දැනටමත් ‘සත්ව‘ සහතිකයක් තිබෙනවානේ. (නි)
අනේ ජනාධිපතිතුමනි, දැන්නම් ඔබතුමාටත් සැහෙන අවබෝධයක් ඈති. හොඳම කොමිස්කාරයා, හොඳම සමාජවිරෝදියා, හොඳම ස්ත්‍රී දුෂකයා වගේ සම්මාන වලින් තමයි දේශපාලකයින්ට සම්මාන දෙන්න වෙන්නේ. (නි)
මෙම ශ්‍රේණිගත කිරීම් වලදී ජනතාව විසින් ප්‍රතික්ෂේප කරපු හොර දේශපාලකයෝ පස්සා දොරෙන් පාර්ලිමේන්තුවට ගත් එකට ලැබෙන්නේ මොන සම්මානයද? (නි)
අපිට වාහන පර්මිට් නොගන්න රන්ජන් රාමනායක වගේ 225 ක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා දෙන්න (නි)
මහජනතාව සම්මාන දෙන්න ගමට එනතුරුයි මඟ බලාගෙන ඉන්නේ (නි)
මට නම් මේ කතා අහලා ඇතිවෙලා. කියන කිසිම දෙයක් වෙන්නේ නැහැනේ (නි)
නිකම් විහිලු කතා එපා. එහෙම වුවහොත් දැන් ඉන්න වැඩිම දෙනෙකුට පාර්ලිමේන්තු එන්න වෙන්නේ නැහැ. (නි)
ඔවාදෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට කිවුවලු! (නි)
දැන් එච්චරනේ අඩු! (නි)
පැරදිච්ච මිනිසුන්ට එපාවෙච්ච හොරු ටික ළංකරන්න හදනවා. අපි ලවා ඔවුන්ට සම්මානත් දෙන්න හදනවා අපේම සල්ලි වලින්! ඉදිරි ඡන්ද වලට අපිව ගොනාට අන්දලා අපෙන්ම සහතික ගන්නද බලන්නේ! (නි)
ගමට ආවහම ඒ අයට තත්ත්ව සහතික ගමේ ජනතාව දෙයි. (නි)
ජනපතිතුමනි, අදහස නම් මසුරන්. එනමුත් ලංකාවේ පවතින මැතිවරණ ක්‍රමය සහ නීති නිසා, එවැනි ක්‍රමයක් ලංකාවට උචිත නැත. (නි)
කල් ඉකුත්වීමේ දිනය සහ වාර කීයක් පැරදුනද බලන්නේ නැද්ද? (නි)
"පාර්ලිමෙන්ට් ජෝක්ස්" වලට ප්‍රසිද්ධ පිරිසට ඔබතුමාත් දැන් එකතුවෙලාද? (නි)
අපි නම් ඔබතුමාටත් තත්ත්ව සහතිකයක් දීලා තියෙන්නේ. බලාගන්න ඕනෑ නම් ඡන්දයක් තියන්නකෝ. (නි)
"රටේ සියලු තත්ත්වයන්හි සියලු ප්රමිතීන්හි මූලික වගකීම එන්නේ දේශපාලනඥයන්ගෙන් බැවින් එතැන තත්ත්වය බාල වුවහොත් එතනින් පහළට ඇති සියලු අංශ දුර්වල වන බවද" ජනාධිපතිවරයා කීවේය. ලංකේශ්වරයාණෙනි, "කට බොරු කියයි එහෙත් දිව බොරු නොකියයි" කියන්නේ මේ වගේ වෙලාවට තමයි. (නි)
ඒ විදියට වෙනවා නම් හොඳයි.(හේ)
එහෙම ක්‍රමයක් කලින් නොතිබුනේ හොඳ වෙලාවට (නි)
තවත් ජනතා මුදල් ටිකකට වැඩේ දෙන්න ක්‍රමයක් වගේ. කම්කරු නියෝජිතයන්ගෙන් සාධාරණ විනිශ්චයක් බලාපොරොත්තු වෙන්නේ කොහොමද? (නි)
හොඳ වෙලාවට දැන් කාලේ එහෙම දෙයක් නොතිබුනේ (නි)
මේ රජය හැමදාම අපිට විහිළු සපයනවා. (නි)
ජන්මය හොඳ නම් තත්ත්ව සහතික මොකටද? (නි)
ඔය ඔක්කොටම කලින් රටම පාලනය කරන ජනාධිපතිගේ ඉඳලා ඡන්දෙන් පත්වුණ සහ පිනට පත්වුණ 225 දෙනාගේම අධ්‍යාපන සුදුසුකම් වෙන වෙනම මොනවද කියලා රටේ ජනතාවට කියනවද බලන්න. එතකොට අපි දෙන්නම් තත්ත්ව සහතිකේ නියෙමට. (නි)
එහෙම කළොත් ඒකාබද්ධ විපක්ෂයටයි, යහපාලනයටයි එක සම්මානයක්වත් ලැබෙන්නේ නැත. සම්මානලාභී පක්ෂයක් තිබුනොත් ඔවුන්ට කවදාවත් බලයට එන්න ලැබෙන්නේ නැත. ජනතාව බොහෝවිට කැමති හොරුන්ට, මිනීමරුවන්ට සහ දාමරිකයන්ටය. රටේ හැටි එහෙමය. (නි)
වෙන කරන්න දෙයක් ඇත්තෙම නැද්ද? අපුරුවට හොරු ටික, දුෂකයෝ ටික තත්ත්ව සහතිකත් ගනීවි මැරකමෙන් හරි සල්ලි බලෙන් හරි (නි)
අනේ මොකටද මගේ කට! (නි)
එයට අගමැති සහ ජනාධිපතිද ඇතුළත් වියයුතුයි (නි)
රටේ ජනාධිපති හෝ අගමැති තනතුර දැරීමට චතුර ලෙස ඉංග්‍රීසි දැනුම සහ දෙමළ කතාකිරීමේ හැකියාව ඇති කෙනෙක් විය යුතුය. (නි)
ජනාධිපති තනතුරටත් තත්ත්ව සහතිකයක් තිබුනොත් නරකද? (නි)
දැන් මේකනේ රටේ ලොකුම ජාතික ගැටළුව (නි)
හැබැයි ඒ දෙන තත්ත්ව සහතිකය විකටයන්ට දෙන තත්ත්ව සහතිකයට සමාන නොවිය යුතුමය. (නි)
දැන් මෙච්චරයි අඩු අපිට (නි)
62 දෙලක්ෂයක ජනතාවට ක්‍රෝටන් කවනකම් ඉන්නේ. (නි)
ඔබතුමත් විහිලු සපයනවද ඒ ගමන? (නි)