මත්පැන් සහ මත්ද්‍රව්‍ය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් දිනකට රුපියල් කෝටි 47කට වඩා වියදම් කරන බව මත්පැන්, මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය කියයි.
දිනකදී අරක්කු වෙනුවෙන් රුපියල් කෝටි 16ක්, බියර් වෙනුවෙන් රුපියල් කෝටි 6ක්, සිගරට් වෙනුවෙන් රුපියල් කෝටි 25ක් වැය කරන බව එම තොරතුරු පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවසකට මනුස්සයෙක් රුපියල් 27ක් විතර වියදම් කරලා කමක් නැහැ වගේ. (ස)
එතකොට මහින්ද මහත්තයා තිත තිබ්බේ මොකටද ? (බ)
2009 දී යුද්දේ නිමකරන්න කලිනුත් කෝටි ගණන් පිච්චුනා. (ස)
යුරෝපය සහ ඇමෙරිකාව වැනි රටවල් සමඟ සසඳනවිට මෙයේ ඉතාමත් අඩු ප්‍රතිශතයකි. (නි)
ඔය වියදම විතරක් නෙමෙයි, පිලිකා හදාගෙන ආවම රජයෙන්නේ බෙහෙත් කරන්නේ.. ඒකටත් වියදම්. මොන මරණ සහතිකේ ද සිගරට් බීලා මලා කියලා තියෙන්නේ...(හේ)
මත්පැන් මිල අඩු කළා නම් ඔය ප්‍රශ්නය විසදෙනවා (බ)
මගේ අම්මෝ! ජීවන වියදම අහස උසට ගියත් මේකට නම් අපේ අය සල්ලි හොයාගන්නවා. (නි)
ලෝකයේ හොඳ වෙළදාමක්, එ්කනේ කසිප්පු පෙරන්නේ. (ස)
අපේ මිනිස්සු කවදා නම් හැදෙයිද මන්දා? (නි)
මිනිස්සු කාල බීලා ඉන්න ඕනෑ. කන බොන මිනිසුන්ට ප්‍රශ්නයක් නැත්තන් අනෙක් අයට මොකද? (නි)
නගරයක් නගරයක් පාසා තැබෑරුම් තිබෙනකොට,කඩවල් වල සිගරැට් අළෙවි කරනකොට,ඔය වාගේ වියදම් කරන එක කියන්න දෙයක්ද. (නි)
මීට වඩා වැඩි ඇති අනෙක් විනාශකාරී මත්ද්‍රව්‍ය වලට. (ස)
මහින්ද පටන් ගත්ත මතට තිත වැඩ සටහන් මේ ආණ්ඩුව කඩාකප්පල් කලා. (ස)
එතනෝල් වගේ දේවල් එදා මෙදාතුර හොරෙන් ගෙන්වන්නේ දේශපාලුවන්. මේවා නවත්වන්න බැහැ (නි)
රජයට විශාල බදු මුදලක් මෙයින් එකතුවෙනවා. (නි)
ඔය වියදම් කරන මුදලින් කොපමණක් බදු වශයෙන් රජයට ලැබෙනවාද?ලෝකේ සෑම රටක්ම වැඩිපුර යැපෙන්නේ මේ බදු වලින් නේද? මත්පැන් භාවිතය නරකයි. එහෙත් එකෙන් ලැබෙන ආදායමෙන් කොතරම් දෙයක් රටට කෙරෙනවද? වැනෙන්නේ නැතිව තීරණයක් ගත යුතුයි. බදුත් එපා කියල හරි තීරණයක් ගන්න. (ස)