පසුගිය දින 12 තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 106 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා පවසයි.
ජූනි 1 සිට ජූනි 12 දක්වා ගතවූ දින කිහිපයේදී දිවයින පුරා අනතුරුවලින් යතුරුපැදිකරුවන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇති බවත් කුඩා දරුවන් ඉන්ධන ටැංකිය මත තබාගෙන යාම, වංගුවලදී වාහන පසුකර යාම, දෙදෙනකුට වඩා යතුරුපැදියක ගමන් කිරීම, අධික වේගය, ආරක්ෂිත හිස්වැසුම් නිසියාකාරව නොපැළඳීම හා බීමත්ව රිය පැදවීම යන හේතු මත මෙවැනි අනතුරු බහුලවී ඇතැයි සේනාරත්න මහතා කියයි.
මෙවැනි වැරදි කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද ඒ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට වැරදි ,තිබෙන පාරවල් .ප්‍රධාන මාර්ග කිසිවක් පාරේ තිබෙන වාහන ප්‍රමාණයට ඔරොත්තු නොදෙන තරම්.මිනිස්සු ,මහන්සියෙන් රැකියාවක් කරලා ,ගෙදර යන්න විඳින කරදර මදිවට පාරවල් වල තිබෙන ප්‍රශ්නත් ඔවුන්ගේ කරමත.පාර මාරුවෙන්න,වහනයක් පසු කර යාමට මෙකි නොකී හැම කර්තව්‍යක්ම පසුවෙන් කල හැකි වන සේ තිබිය යුතු උවත් . බොහොමයක් පාරවල් වල මෙවැනි ක්‍රියා කාරකම් කිරීම සිය දිවි හානි කර ගැනීමට යාමක් වැනිය (ම)
කුමන ජාතිකයෝද වැඩිපුර මරුනේ? (ම)
දෙපසට යන වාහන වෙන් කෙරෙන විදිහට මිටි හෝ කොන්ක්‍රීට් බැම්ම හෝදනවා නම් මුහුණට මුහුණ සිදුවන ගැටීම් අඩු කර ගත හැකිවේවි. අනික රථවාහන පොලිසියත් ප්‍රධාන තැන දිය යුත්තේ බරපතල සිදුවීම් වැලක්වීමට. නැතුව සුළු දේවලට නොව (උදා: කහ එලිය වැටද්දීම වහනය දාවනය කිරීම) (ම)
ඒ අතිනුත් ලංකාව ලෝකෙන් අංක එකද??? (ම)
ජිවිතේ අගයක් දැන් නැති මෝඩ රැලක් ලංකාවේ ඉන්නේ.යතුරුපැදි කාරයෝ කිසිම මාර්ග දැනුමක් නැතිව පාරේ යන්නේ.ලංකාවේ පොලිසියත් වරදක් කරපුවම දඩ දෙනවා මිසක් ,,,වරදට කලින් ඒවා නතර කරන්න උනන්දු වෙන් නැහැ (ම)
මේ ලංකාවේ තියෙන ත්‍රීවීල් ටික සේරම ආපසු ඉන්දියාවට පරණ යකඩ වලට විකුනලා, පාරේ සෑම තැනකම මාර්ග නීති පුවරු අවශ්‍ය තැන්වලට සවි කර, මාර්ග නීති කඩන රියදුරන්ව බයකරලා හොරට සල්ලි එකතු කරන පොලිස්කාරයෝ නැති කරලා, නිවැරදි මාර්ග ඉස්පීඩ් එකක් සමග පාරේ ගමන් කරන මිනිසුන්ගේ යහපතට සෑම මාර්ගයකම පේව්මන්ට් එක නිවැරදිව තියෙනවනම්, මේ අනතුරු නැත්තටම නැතිවෙනවා සිකුරුයි ...රටේ ජනතාවගේ ආරක්ෂකයා නිවැරදි නීතියයි, ගරු සරු පැවැත්මයි ...? (බ)
රුපවති, ඔයාගේ කියන විදිහට ත්‍රීවීල් වලින් විතරද අනතුරු වෙන්නේ ? අනික් වාහන වලින් මුකුත්ම වෙන්න නෑ වගේ කතාව. (ස)
ලංකාවේ ගොන් කරත්ත ප්‍රචලිත කරා නම් මේ මාර්ග අනතුරු ගොඩක් අඩු කරන්න පුළුවන්. (ම)
ලෝචන, ඔයා තමයි හැම වාහනයටම ඉස්සර කරන්නේ හදිස්සියට, ඔයාව තමයි ඉස්සරවෙලාම අල්ලන් යන්න ඕනේ... (ර)
ප්‍රධාන හේතුව පාරේ වේග සීමාවන් දක්වා නැහැ.. යුරෝපීය රටවල නම් වේග සීමා දක්වා තියෙනවා. හය්යෙන් ගියොත් දඩ කොළ දෙනවා. අපේ එහෙම නැහැ. මොකක් පාරේ ගියත් යන්නේ වේගය 60 ට විතර. අපේ මිනිස්සු මේ ගැන දැනුවත් වී නැහැ.(අ)
රූපවතී,හරියටම හරි. එතකොට පොලිසියේ අය කීයක්හරි හොයාගන්නෙ කොහොමද? (නි)
අසාද් එතකොට පොලිස්කාරයට මහජන මුදලින් පඩියක් ගෙවන්නේ නීතිය බල්ලා මංකොල්ල කන්නද ..? (ම)