දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය සිදුකර ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද (03) අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
මේ සම්බන්ධයෙන් ලිඛිත සාක්කි සහිත ලිපිගොනුවක් ද ඉදිරිපත් කළ බව වාර්තා වේ.
දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය සිදුකර ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද (03) අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
මේ සම්බන්ධයෙන් ලිඛිත සාක්කි සහිත ලිපිගොනුවක් ද ඉදිරිපත් කළ බව වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ දුප්පත් ජනතාවට දෙවි කෙනෙක්. (නි)
එතුමියගේ ගෙය මම දැකලා තියනවා. නිවසක් නෙමෙයි මාළිගාවක්. සාධාරනව හම්බ කරලා නම් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. (නි)
රන්ජන් කොහොම කිවුවත් අපිට නම් බැලුවහම පෙනෙන්නේ කියුබ් ලක්ෂ 2 ක් විතර කියලයි. (නි)
ඉතා හොඳයි. සැවොම නෙමෙයි. නමුත් බොහෝ ප්‍රාදේශිය ලේකම්වරුන්/ වරියන් හිතවත්කම් මත විවිධ අක්රමිතකතා කරන බව කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහස්. නමුත් කොන්ද පණ ඇති අය අඩු නිසයි ඔවුන් තවමත් නිදහසේ ඉන්නේ. ඔබ ඒ අතින් ඉදිරියෙන්. (නි)
ඔය චෝදනා ප්‍රතික්ෂේප කරනවා නම් කියන්නකෝ කවුද මේ පස් ජාවාරම කළේ කියලත් (නි)
සිංහයෙකු වගේ නිර්භය රන්ජන් මැතිදුණි. ඔබ වැන්නන් අපේ රටට අවශ්‍යය මෙතන අදහස් දමන සමහරු නොදන්නවාට මහබැංකු සිද්ධිය වැරදි බව මෙතුමා කියන වීඩියෝවක් තිබෙනවා රන්ජන් මැතිඳුනි ශ්‍රී ලංකාවේ මීළඟ ජනපති ඔබවේවා ! (අ)
මෙතුමියගේ වත්කම් ප්‍රමාණය ගැන ප්‍රදේශයේ විශාල රාවයක් තිබෙනවා. පුලුවන්නම් මේ ගැනත් හොයන්න. (නි)
මගේ ගෙයි ප්ලෑන් එක පාස්කරගන්න විඳපු දුක දන්නෙ මම විතරයි. මම ඉතා අමාරුවෙන් මේ ගේ හදාගත්තේ. (නි)
"අහෝ දෙවුදත් නොදුටි මොක්පුර" කිවුවලු (නි)
කවුද කැමති රටේ පස් කපනවට හොරෙන්. එ් ගැන කතා කරනවට කැමති නැද්ද? (නි)
කට වහගෙන හිටියා නම් ඒ හොර එළියට එන්නේ නැහැ. වැරදිත් කරලා තව සමාව ගන්නත් කියපු නිසයි වැඩේ දුරදිග ගියේ. හොඳ පාඩම් කාටත් (නි)
එක්තරා ලේකම්වරියක් හිතවත්කමට පක්ෂග්රාහි ලෙස, යාළුකමට, එක් අයෙකුට වාසි වන ලෙස නිවැරදි පාර්ශවයට අවාසි සහ අසාධාරණ ලෙස ලිපි නිකුත්කර ඇත. මේවා කරන අයට හොඳක් නම් වෙන්න එපා දෙවියනේ! (නි)
නියමයි රන්ජන්. නියමයි (නි)
ජනිත්, එයා කරන රස්සාවට පඩි ගන්නවා. නිල වාහන, නිල ඉන්ධන ලැබෙනවා. ගරු සේවයක් නෙමෛයි කරන්නේ. (නි)
රජයට අත්කරගත් ඉඩම් වෙනුවෙන් වන්දි ගෙවිමේදී විශාල අක්‍රමිකතා වෙනවා මේ අවටම. සමහර ලේකම්වරුන්ව මුණගැහෙන්න බැහැ අපිට. එයාගෙ සහායිකාවට තමයි ප්‍රශ්නෙ කියන්න ඕනෑ. පඩි ගන්නෙ මහජන මුදලින්. මහජනයා මුණගැහෙන්න බැහැ. යන හැම වෙලාවෙම මිටිමක. (නි)
සම තැනනේ ඉල්ලන්නේ. ඒ නිසා ගැහැණු කියලා වෙනසක් කරන්න හොඳ නැහැ. වැරදි කරලා නම් බැනුම් ඇසිය යුතුයි (නි)
තවත් පැති තිබෙනවා නිලධාරීන් මුණගැහෙන්න සෑහෙන අමාරු (නි)
රන්ජන් කියපු විදිය වැරදි වෙන්න පුළුවන්. නමුත් කළ දේ හරි. රට වෙනුවෙන් මිස පුද්ගලික දෙයක් නෙමෙයි (නි)
අනේ අපිට නම් පස් මාෆියාවක් ගැන කතාකිරීමම ලොකු වීරකමක් තමයි. බොහෝ අය වරද දැක දැකත් අසාධාරණයට ලක්වුණත් ප්‍රසිද්ධියේ කියන්න බයයි. ඇයි මේ හොර වහන්නේ. (නි)
රටේ තියෙන දේශපාලන වට පිටව අනුව රජයේ සේවකයකුට ස්වාධීනව වැඩ කරන්න බැහැ. අවංක සේවකයින්ට පැවැත්මක් නැහැ . එ්කට රන්ජන්ලා වගේ සියලු දේශපාලකයින් වගකියන්න ඕනෑ. (නි)
මහී, ඔයාගෙ නෑයන්ද පස් කපන කට්ටිය? කතාවෙ හැටියට එහෙම හිතෙනවා. ඒකයි අහන්නේ (නි)
රන්ජන් මෙතනදී නිවැරදියි කියලා අපිටත් හිතෙනවා (නි)
මුණසිංහ, කිසිම දේශපාලඥයෙකුට තනිව හොරකම් කළ නොහැකියි. ඒවාට උදව්වෙලා වාසි ගන්න නිලධාරි රැළකුත් ඉන්න නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නේ. දැන් ඒ අය කියන එකක් තමයි අනේ අපි සුපිරිසිදුයි, දේශපාලඥයා තමයි වැරදි කියන එක. (නි)
දහම්, මහබැංකු හොරා ගැන කිව්වම පස් හොරා සහ හොරු 40 නැතිවෙනවද? (නි)
ප්‍රදීපා කියන කාරණාවේ උඩින්ම ඉන්නේ දේශපාලකයා නොවෙයිද? (නි)
ලිඛිතව ඉල්ලුවානේ! (නි)
ඔබතුමාට මල් මිටක්! (නි)
රන්ජන්, කියුබ් 61000 ට වඩා එතන කපන තියෙන පස් ප්‍රමාණය ගොඩක් වැඩියි. මම නම් රන්ජන් කියපු කරපු දේ වල වැරැද්දක් දකින්නේ නැහැ. මෙතුමිය වැඩ කරන්නේ ජනතාවටද කාටද කියන එක දන්නෝ දනිති. (නි)
මමත් වැඩ කරන්නේ පරිපාලන සේවයේ. පඩියෙන් විතරක් ජීවත්වෙන්න අමාරුයි කියන එක ප්‍රසිද්ධ රහසක්. ඉතින් කාගේ කාගේත් කිල්ලෝට වට හුණු ටික ටික හරි තියෙනවා. කව්රුවත් මේවා අහුවෙන්න කරන්නේ නැහැ. අල්ලන්න යන අය තමා අන්තිමට සවුත්තු වෙන්නේ. රන්ජන්ට පවුල් බර දැනෙන්නේ නැහැ. කව්රුත් ආසයි තමුන්ගේ ළමයින්ට ඉහළ ජීවිතයක් ඉහළ අධ්‍යාපනයක් දෙන්න. (නි)
රන්ජන් මේ පස් කැපිල්ල නවත්තපු එකෙන් කී දෙනෙකුගේ අහිංසක සිහින බොඳ වුණාද කියලා දන්නේ ඒ අය විතරයි. දරුවෙක් පුද්ගලික විශ්ව විද්‍යාලයකට යවනවා කියන්නේ, ජාත්‍යන්තර පාසලකට යවනවා කියන්නේ මහා ලොකු අපරාධයක් නෙමෙයි නේද? (නි)
ලිඛිතව ඉල්ලීම් කෙරුවට නිලධාරීන්ගෙන් කවදාවත් පිළිතුරු නම් ලැබෙන්නේ නැහැ. මම කළුතර ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ එක ඉල්ලීමක් සම්බන්ධයෙන් දැන් අවුරුදු පහකටත් වැඩි කාලයක් තිස්සේ තිස්සේ තවම බලාගෙන ඉන්නවා. ඒ ගැන පළාත් පාලන කොමසාරිස්ටත් ලියුම් කීපයක් ඇරියා. සිරිත් පරිදි කිසිම පිළිතුරක් නැහැ. මහජනතාවගේ මුදලින් වැටුප් ලබන මේ වගේ නිලධාරීන් කුමටද? (නි)
රන්ජන් වගේ සියලු ඇමතිලා හිටියොත් ශ්‍රී ලංකාව ගොඩ (නි)
ඔබතුමාව අගයකරනවා. දුක ලංකාවටම එක්කෙනයි ඉන්නේ (නි)
ඔහොම යමු. ජයවේවා! (නි)
හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලාගෙන සමහරු විවේචනය. ජනතාවගේ පැත්තේ සිට සාධාරණය ඉටු කළේ රන්ජන්ද? රජයේ සේවකයාද? ලංකාව දියුණු වෙන්නේ නැත්තේ මේ නිසා. රන්ජන් සමග පීඩිත ජනතාව සිටිනවා. (නි)
රන්ජන්, දිවුලපිටිය ප්‍රා. ලේකම්වරිය වැරැද්දක් කර තිබුනා නම් ඔබට ඊට අදාල පුද්ගයින්ට නිලවශයෙන් පැමිණිලි කරන්න අයිතියක් සහ හැකියාවක් තිබේ. නමුත් ඔබ කව්රු වුණත් ප්‍රා. ලේකම්වරියට හෝ වෙනත් කිසිවෙකුට බැණීමේ අයිතියක් නැත. ඔබ පාතාල නායකයෙකුට බැන්නොත් මොකද වෙන්නේ. ඔබ ලොකුකම හිතට ගන්නවා වැඩියි (නි)
අනිවාර්යයෙන්ම නඩු දමා සිරගෙට යැවිය යුතුයි, අනිකුත් හොරුන්ටත් පාඩමක් ඉගෙනගන්න (නි)
ගම්වාසීන් එකතුවී හොරුන් එළවීමට ලේකම් කාර්යාලය වට කළයුතුයි. කිසි වැඩක් කරගන්න බැහැ පගාවක් නොදී (නි)
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ... (නි)
ඕක කරන්න තිබුනේ කලින්නේ (නි)
මෙවැනි පුහු ක්‍රියා ගැන අපිට ලැජ්ජයි (නි)
ජනතා නියෝජිතයෙක් රාජකාරි වැඩකට යන හැටි දැක්කම අප්‍රසන්නයි. නළුවෝ දේශපාලනය කළා, කතා නායක වෙලත් හිටියා, ඒ වගේම තනතුරේ ගෞරවයත් උපරිමව රැක්කා. එ්ත් මේවා දැක්කම කතිරේ ගහපු අය ගැන දුක හිතෙනවා. දැන් ඉතින් ප්‍රාදේශීය ලේකම්ට ගෙදර යන්න වෙයි. එයාව දේශපාලනයට ඇද දමන්න නේද ඔය හදන්නේ. දිනනවා ෂුවර් (නි)
රන්ජන්, ඔබ අවංකව රටේ ප්‍රශ්න හොයාබලන කෙනෙක් වීම අපට සතුටක් (නි)
පාර්ලිමේන්තුවේ 60%ක් දෙනා ඔබ වගේ වුණා නම් අපේ රට ගොඩ. මීටපස්සේ ඔය හොරු ඔබගේ අඩුපාඩු කියන්න ගනී. ජනතාව බුද්ධිමත් විය යුතුය. රන්ජන්ට හැමකෙනාගේම වැරදි අල්ලන්න බැරිවුණත් ඔය කරන ටික ඇති. ඔබට බුදු සරණයි දෙවි පිහිටයි ! (නි)
මේ ප්‍රාදේශීය ලේකම්ලා කියන්නේ දෙවිවරු කියලයි ඔවුන් හිතාගෙන ඉන්නේ. සාමාන්‍ය මිනිහෙකුට ළඟට ගියාම හමුවෙලා කතාකරන්නවත් බැහැ, සර් මැඩම් කියලා කතා නොකළොත්. මේවා රටෙන් නැතිවෙන දාට අපේ රට දියුණුවෙයි. (නි)
ලිඛිතව ඉල්ලුවනේ. ලිඛිතවම දුන්නා. (නි)
මෙතැනදී රන්ජන්ට බනින එක අසාධාරණයි. එහෙම කරන කෙනෙක් ඉන්නවා නම් මහා අධමයෙක්. එහෙම මිනිස්සු තමන් පදිංචි ගෙවල් දොරවල් ආණ්ඩුවෙන් චීනයට විකුණුවත් මන්දබුද්ධිකයෝ වගේ බලාගෙන ඉදියි (නි)
කාලෙකට පස්සේ කොමිසම පැත්තේ ගිහිල්ලා වගේ. ඉස්සර නම් දිනපතාම වගේ යනවනේ හිස් ෆයිල් එකක් අරගෙන මාධ්‍ය සංදර්ශන තියන්න! ළඟදි විල්පත්තුවේ ගියා නේද? ඒවා ගැන ෆයිල් එකක් දෙන්නේ නැද්ද? (නි)
හැම ගහකටම කොට කොටා ගිහින් අන්තිමට කෙසෙල් ගහට කොටපු කොට්ටෝරුවට වෙච්ච දේ තමයි දැන් බොරු වීරයාට වෙලා තියෙන්නේ. (නි)
ඇයි මේ මුලින් කරන්න තිබුණු දේ දැන් කරන්නේ? පස් වළට ගිහිල්ලා රඟපාන්නට පෙර මේ වැඩේ කරන්න තිබුනා නේද උප ඇමතිතුමා. (නි)
හැමෝම රන්ජන් වගේ වුණා නම් මේ රට හැදිලා (නි)
පස්, කළුගල් හා වැලි තුනම සමහර කාර්යාල වල ලොක්කන්ගේ හොඳ ඉල්ලමක් (නි)
අනේ මෙහෙමත් වැඩ. කෝ අර මහා බැංකු හොරා ගැන පැමිණිලි? (නි)
රන්ජන් මෙතැනදී හරි. ඔය රාජ්‍ය සේවකයෝ ගොඩක් අය ඔහොම තමා (නි)
රන්ජන් මැතිඳුනි, ඔබ නිහතමානි මිනිසෙකි. කෙළින් කතාකරන කෙනෙකි (නි)
මෙතරම් හානියක් වෙනතුරු දේශපාලකයින් දැනුවත් නොවීම එක්තරා විදියට කණගාටුවට කරුණක්. (නි)
දහම් - මහබැංකුව ගැන කෝප් කමිටුවක් පරීක්ෂණ තියල නිර්දේශ දුන්න - ඒවා නීතිපතිට ඉදිරිපත් කරලා තියෙනවා ඉදිරි නීති කටයුතු සඳහා අනික ජනාධිපති කොමිසමක් පත් කරලා තියෙනවා මේ ගැන විමර්ශනය සඳහා, මහා බැංකුව වෙනම පරීක්ෂණයක් කරනවා , ඔයා කියන්නේ එකබද්දය කියන කතාවක්නේ .(අ)
හොරුන් ගැන විස්තර නිර්භීතව නම් ගම එක්ක මාධ්‍ය වලට කියන දේශපාලකයා ලංකාවේ ඉන්නේ ඉතාම අතලොස්සකි , පස් මාෆියාව සමග ජීවිතය පරදුවට තබා නිර්භීතව එළිපිට සටනට පිවිසි රන්ජන්ට මගේ ප්‍රණාමය (අ)
රන්ජන්ට ජයවේවා! (නි)
රන්ජන් රාමනායක නිසා එසේ කළායැයි කියන අක්‍රමිකතා සියල්ල හෙළිවෙනවා නම් හොඳයි (නි)
රන්ජන් හිතනවා ඇති ලොකු වීරකමක් කළා කියලා. අතන ජා ඇල ඉඩම් ගොඩකරන එක නවත්වන්න ගිය සංස්ථාවේ සභාපතිටවත් බැරි වුණා ඒක කරන්න. තව ජනාධිපතිතුමාගේ නියෝගයකුත් තියෙද්දී. මෙතැන බලයක් නැති රජයේ සේවකයෙක් අල්ලාගෙන වීරයා වෙන්න හදනවා. ඇයි තමන්ගේ ලොක්කන්ට කියන්නේ නැත්තේ, බලය තියෙන්නේ එතනනේ. (නි)