රුපියල් ලක්ෂ 50 ක පමණ ලැප්ටොප්, රූපවාහිනී, ඩීවීඩී හා රන් භාණ්ඩ සොරකම් කළැයි කියන තරුණයකු අධිකරණ නියෝගයකින් රඳවාගෙන මිරිහාන පොලිසිය ප්‍රශ්න කරයි. ඔහු කොළඹ නම ගිය පාසලක ආදි ශිෂ්‍යයකු බවත් පොලිසිය පවසයි.
කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයේ පදිංචි කරුවකු වන මොහු ‘ලැප්ටොප් මල්ලී‘ නමින් හැඳින්වෙන බවත් මොහු සොරාගත් බව කියන භාණ්ඩ වනාතමුල්ල පැත්තේ මහල් නිවාසයක පිරිසකට තුට්ටු දෙකට විකුණා තිබියදී සොයාගත් බවත් පොලිසිය පවසයි.
මොහු ළඟ තිබී හෙරොයින් කුඩු ග්රෑම් 2 ක් ද සොයාගත් බව පොලිසිය කියයි. දවල් කාලයේ මොහු මේ සොරකම් කර ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරුන්ට රෑ දවල් කියලා වෙනසක් නැහැ (නි)
කුඩු ග්රෑම් 2 ක නම් කවුරු දමපුවා ද දන්නෑ මේයකා ක˛ඩු බොන එකෙක් නෙවේ. (අ)
බඩුත් එක්කම හොරු අල්ලලා වගේ (නදී)
නමගිය පාසල්වල සියලුම වර්ගයේ අය ඉන්නවා. (ර)
නමගිය පාසල් වලට ගිය කුඩු කාරයොත් ඉන්නවා. (ර)
මේ වගේ අය පන්සලේ නමත් කැත කරනවා.(හේ)
ලැප්ටොප් මල්ලිට රෑ, දවල් කියලා වෙනසක් නෑ. (ර)
පොලෝසියේ රාලහාමිලා ටික හරියට ලැප්ටොප් කඩේකට බඩු ගන්න ගිහින් වගෙයි පොටෝ එකට ඉන්නේ. (නදී)
මෙය තමන්ට පැවරුන රාජකාරිය හරිහැටි ඉටු කරපු අවස්තාවක්. රෝහලක සාත්තු සේවකයෙක් ලෙඩෙක්ව ට්‍රොලියේ දාගෙන තල්ලු කිරීම, දොස්තරකෙනෙක් ලෙඩෙකුට බෙහෙත් දීම, ගුරුවරයෙක් ළමයිනට ඉගැන්වීම මේවා ඔක්කොම ඒ ඒ රැකියාවලට පැවරුණු වගකීම්. ඉතින් මේවා පත්තරේට මුනදාගන්න තරම් වැඩද? හොරකම් කල බීඩි දෙකක් සොයගත්තහමත් පත්තරේට මුණ දාගන්න හදනවනම් ඉන් පෙන්නනේ අදාළ අයගේ බොලද කමයි. (අ)