සිව් වැනි හා පස් වැනි පළාත් සභාවල දී සම්මත කර ගත නොහැකි වූ වයඹ පළාත් වාරිමාර්ග ප්‍රඥප්තිය අද වයඹ පළාත් සභාවේ දී වැඩි ඡන්ද 29කින් සම්මත විය.
එක්සත් ජාතික පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඡන්දය දීමෙන් වැළකී සිටි අතර ජවිපය විරුද්ධව ඡන්දය දුන්නේය.
මෙවැනි ප්‍රඥප්තියක් මුලින්ම සම්මත වූයේ වයඹ දී ය.
මෙහි සැඟවුණු අරමුණ ජලය විකිණීම බව ජවිපෙ කියයි.
වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසුවේ ජල කලමනාකරණය මිස ගොවියාට හානිකර කිසිවක් පනතේ නැති බවයි.
විපක්ෂ නායක ජේ සී අලවතුවල මහතා පැවසුවේ ගොවියාගේ යහපතට හේතු වන නිසා ඊට එක්සත් ජාතික පක්ෂය විරුද්ධ නොවන බවයි.
බහුජාතික සමාගම්වල අවශ්‍යතාවය මත ප්‍රඥප්තිය ගෙන ආ බව ජවිපෙ මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජල පණත සම්මතයි කියන්නෙ ගමනක අවසානය තමයි. (ස)
ජලසම්පත් කලමණාකරනය මධ්‍යම රජයට අයත් ජාතික විෂයයක්. පළාත් සභාවට මේ සඳහා පණත් සම්මත කිරීමට අයිතියක් නෑ (නදී)
දක්ෂ මහා ඇමති කෙනක් අපි පත් කර ගත්තේ නිකම් නෙමේ. සුළු මුදලක් ජලයට අය කරන එක හොඳයි. දයාසිරි මහත්තයාගෙන් අනිත් පළාත් සභාත් පාඩමක් ඉගෙන ගත යුතුයි.(නදී)
ජලය කියන්නේ පෙට්රෝල් වලටත් වඩා මිල අදික දෙයක් , බටහිරයන්ට මේක හොඳ ජාවාරමක් . ඔය එන අන පනත් ගේන්න බල කරන්නේ එයාලා. අපේ කට්ටියටත් සැහෙන කුට්ටියක් ලැබෙනවා වැඩේ පත්තු උන ගමන්. හැබැයි අපේ බුද්දිමත් ගොවි මහත්වරු දිවි හිමියෙන් සටන් කරයි අපේ ජල සම්පත රැක ගන්න (නදී)
ඔව් ඔව් සුළු මුදලක් අය කරයි ඩයස් මහත්තයෝ (නි)
අපිටත් කියන්නකෝ කෙටියෙන් ඔය පනතේ සාරාංශය. දන්නේ නැති නිසා අහන්නේ.(නදී)
අපි අපේ ගෙවත්තේ තිබෙන ළිං වලින් තමයි වතුර පරිහරණයට ගන්නේ. අනේ අපිව කබලෙන් ළිපට නම් දමන්න එපා හොඳේ. (නි)