IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දෙවරක් බැරි වූ ජල පනත වයඹ සභාව සම්මත කරයි

සිව් වැනි හා පස් වැනි පළාත් සභාවල දී සම්මත කර ගත නොහැකි වූ වයඹ පළාත් වාරිමාර්ග ප්‍රඥප්තිය අද වයඹ පළාත් සභාවේ දී වැඩි ඡන්ද 29කින් සම්මත විය.

එක්සත් ජාතික පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඡන්දය දීමෙන් වැළකී සිටි අතර ජවිපය විරුද්ධව ඡන්දය දුන්නේය.

මෙවැනි ප්‍රඥප්තියක් මුලින්ම සම්මත වූයේ වයඹ දී ය.

මෙහි සැඟවුණු අරමුණ ජලය විකිණීම බව ජවිපෙ කියයි.

වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසුවේ ජල කලමනාකරණය මිස ගොවියාට හානිකර කිසිවක් පනතේ නැති බවයි.

විපක්ෂ නායක ජේ සී අලවතුවල මහතා පැවසුවේ ගොවියාගේ යහපතට හේතු වන නිසා ඊට එක්සත් ජාතික පක්ෂය විරුද්ධ නොවන බවයි.

බහුජාතික සමාගම්වල අවශ්‍යතාවය මත ප්‍රඥප්තිය ගෙන ආ බව ජවිපෙ මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා කීවේය.

 



අදහස් (0)

දෙවරක් බැරි වූ ජල පනත වයඹ සභාව සම්මත කරයි

සෙනෙවි Tuesday, 03 June 2014 05:18 PM

ජල පණත සම්මතයි කියන්නෙ ගමනක අවසානය තමයි. (ස)

:       0       0

කුමාර Tuesday, 03 June 2014 05:23 PM

ජලසම්පත් කලමණාකරනය මධ්‍යම රජයට අයත් ජාතික විෂයයක්. පළාත් සභාවට මේ සඳහා පණත් සම්මත කිරීමට අයිතියක් නෑ (නදී)

:       0       0

ඩයස් Tuesday, 03 June 2014 06:02 PM

දක්ෂ මහා ඇමති කෙනක් අපි පත් කර ගත්තේ නිකම් නෙමේ. සුළු මුදලක් ජලයට අය කරන එක හොඳයි. දයාසිරි මහත්තයාගෙන් අනිත් පළාත් සභාත් පාඩමක් ඉගෙන ගත යුතුයි.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 04 June 2014 08:27 AM

ජලය කියන්නේ පෙට්රෝල් වලටත් වඩා මිල අදික දෙයක් , බටහිරයන්ට මේක හොඳ ජාවාරමක් . ඔය එන අන පනත් ගේන්න බල කරන්නේ එයාලා. අපේ කට්ටියටත් සැහෙන කුට්ටියක් ලැබෙනවා වැඩේ පත්තු උන ගමන්. හැබැයි අපේ බුද්දිමත් ගොවි මහත්වරු දිවි හිමියෙන් සටන් කරයි අපේ ජල සම්පත රැක ගන්න (නදී)

:       0       0

තේජා Tuesday, 03 June 2014 06:14 PM

ඔව් ඔව් සුළු මුදලක් අය කරයි ඩයස් මහත්තයෝ (නි)

:       0       0

සුනිල් රියාද් සිට Wednesday, 04 June 2014 12:13 PM

අපිටත් කියන්නකෝ කෙටියෙන් ඔය පනතේ සාරාංශය. දන්නේ නැති නිසා අහන්නේ.(නදී)

:       0       0

කුමාරි Tuesday, 03 June 2014 10:51 PM

අපි අපේ ගෙවත්තේ තිබෙන ළිං වලින් තමයි වතුර පරිහරණයට ගන්නේ. අනේ අපිව කබලෙන් ළිපට නම් දමන්න එපා හොඳේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site