ගිය රජය සමයේ ජීවිත ආරක්ෂාව සඳහා නේපාලයට ගොස් සැඟවී සිටි ශාන්ත විජේසූරිය ඇතුළු මාධ්‍ය වේදීන් ශ්‍රී ලංකාවට පැමිණීමට දැන් සූදානමින් සිටියත් කත්මන්ඩු නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයය ඔවුන් බැහැර කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේ දී කීවේය.
සුදු වෑන් වලට බියෙන් දිවි බේරා ගැනීම සඳහා නේපාලයේ සැඟ වී සිටි එම පිරිස් ශ්‍රී ලංකාවට ඒමට ඉඩ නොදෙන්නේ ඇයිදැයි ඔහු ප්‍රශ්න කළේය.
නේපාලයේ භූමි කම්පාවෙන් දිවි බේරා ගත් ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට අයිතියක් ඇතැයි ද ඔහු කීවේය.
ඔවුන් ශ්‍රී ලංකාවට එන ගුවන් යානයකට නැගීමට යද්දී නැවත හරවා ඇතැයි කත්මන්ඩු ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිවිතුරු පිටිගල ,,, හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් ... නම පිවිතුරු උනාට සිතුවිලි අසූචි වගේ ගද ගහනවා. (බ)
ශාන්ත විජේසූරිය ඔබ ඉන්නවද? (බ)
පිවිතුරු කියල අදහස් දක්වන්නේ මහින්දමද කියලත් හිතෙනවා. ඒ තරමටම එ්කපාර්ශවීයයි (නදී)
බොර දියේ මාළු ඇල්ලීමක්ද?(දිල්)
පට්ට කෙබර ඇද අද නැති භීෂණ මවමින් තමන් උපන් මවු බිමට ද්‍රෝහී වෙමින් තම පුද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් රට දැය පවා දීමට කටයුතු කළ මේ අයට ස්වභාව ධර්මයගෙන් ලැබිය යුතු දඩුවම නිසි අකාරයෙන් නොලැබීම පිලිබදව මාගේ හර්දයාංගම කනගාටුව.. (බ)
දුකෙන් කරදරෙන් පිරුණු අයට වෛර නොකරනු කරුණාව මෛත්‍රීය දක්වමු (බ)