IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දෙවියන්ටම පෙනේවා

මැදවච්චිය -මන්නාර මාර්ගයේ මඩු දේවස්ථානයට පිවිසෙන මංසන්ධියේ පුවරු දෙකකි මේ.මඩු මංසන්ධියේ සිට මඩු දේවස්ථානය දක්වා ඇති දුර එක් පුවරුවක් අනුව කිලෝ මීටර් 10 කි. අනෙක් පුවරුව  අනුව දුර කිලෝ මීටර් 12 කි.

\



අදහස් (0)

දෙවියන්ටම පෙනේවා

ඉසුරන්දි Monday, 30 June 2014 12:35 PM

ඔය බෝඩ් දෙකම එක ලගද තියෙන්නේ.නැතිනම් එකීනෙකට 2කි.මි. න් ඇතින්ද?(දී)

:       0       0

දෙව්මිනි ගම්ලත් Tuesday, 01 July 2014 09:53 AM

මඩු නගරයට 10 බවත් මඩු පල්ලියට 12 බවත් හිතා ගත්තම හරි. අපි කොළඹ ඉඳන් නුවරට 116 කියන්න‍ේ කොළඹ කොතන ඉඳන් නුවර කොතනටද? ඒ වගේ තමයි (නදී)

:       0       0

සෑම් Monday, 30 June 2014 12:45 PM

මොන තරම් දියුණු රටක් උනත් ඕස්ට්‍රේලියාවේ ප්‍රධානම මාර්ග වල මේ වරද ඕනෑ තරම් දකින්න පුළුවන්. "සිඩ්නි 820 කි. මි." කියන බෝඩ් එක පහුකරලා හැතැක්ම දෙකතුනක් ගියාම "සිඩ්නි 835" කියා තිබෙනවා. මේකට හේතුව ප්‍රධාන නගර අතර පාරවල් නිරන්තරයෙන් දියුණු කරමින් පවතිනවා. එසේ කරන විට නගර මගහැර අලුතින් පාර හදනවා. එවිට පරණ දුර වෙනස් වෙනවා. කිලෝ මීටර් දහස් ගණනක ඇති බෝඩ් සියල්ල වෙනස් කරන්න ගියොත් අලුතෙන් පාරක් හදන්න යන වියදම යනවා. ඒ නිසා පරණ බෝඩ් අලුත් බෝඩ් සියල්ලම කලවමේ තියනවා. (දී)

:       0       0

අරුණ Monday, 30 June 2014 12:46 PM

පුවරුවෙන්ම පෙනෙනවා මොකද්ද කියල,(දී)

:       0       0

කමල් Monday, 30 June 2014 12:50 PM

බෝඩ් දෙකේම දුර එකතුකර දෙකෙන් බෙදල ගත්තොත් මොකද ? (දී)

:       0       0

බණ්ඩාර පෙරේරා Tuesday, 01 July 2014 10:40 AM

ඉස්සර මඩු පල්ලියට තිබ්බේ 6 3/4 කිලෝමිරර් 10 විතර (දී)

:       0       0

ශාන සෞදි Tuesday, 01 July 2014 10:42 AM

ඔය බෝඩ් එක බලන්න දෙවියෝ එන එකක්යැ (දී)

:       0       0

චමින්ද Monday, 30 June 2014 01:07 PM

මාර්ග සංවර්ධන අධිකාරියේ පුවරුව පාර සංවර්ධන කලාට පසුව සවි කරන්න ඇති. පාර හදන විට දුර ටිකක් අඩු වෙන්න ඇති. අනිත් පුවරුව පරණ එකක්. (ස)

:       0       0

සිරි Monday, 30 June 2014 01:14 PM

"ලංකාවේ එහෙම උනාට එංගලන්තේ එහෙම වෙන්නේ නෑ" (දී)

:       0       0

කුශාන්ත Monday, 30 June 2014 01:21 PM

අයියෝ පාර වැරදුනොත් කිලෝමීටර් දෙකකට වෙන්නේ (දී)

:       0       0

ඉන්දික Monday, 30 June 2014 01:43 PM

සෑම්, ඔයා හරි. මම ඉන්නේ පානදුර-රත්නපුර පාරේ. ඉස්සර අපේ ගෙවල් තිබුනේ කිලෝමීටර් 8 කනුව ගාව . ඒත් පාර අලුතෙන් හැදුවට පස්සේ 8 කනුව තව ඉස්සරහට ගියා. (දී)

:       0       0

බිමල් Monday, 30 June 2014 01:48 PM

ඔික ඔච්චර හිතන්න එපා. උඩ බෝඩ් එකේ තියෙන්නේ මඩු නගරයට දුර. යට බෝඩ් එකේ තියෙන්නේ මඩු පල්ලියට දුර. ඒක වෙනස් වෙන්න පුලුවන්. (දී)

:       0       0

රත්නවීර Monday, 30 June 2014 01:56 PM

බෝර්ඩ් දෙක අතර දුර කිලෝමීටර් 2යි ද (දී)

:       0       0

සේන Monday, 30 June 2014 01:57 PM

එක බෝඩ් එකක තියෙන්නේ මඩු වලට තියෙන දුර අනික මඩු පල්ලියට තියෙන දුර මේ දෙකම හරි වෙන්න බැරිද? මඩු ගියපු කෙනෙක්ට උත්තර දෙන්න පුළුවන්.(දිල්)

:       0       0

සමිත Monday, 30 June 2014 02:03 PM

ඕක එච්චර අව්ලක් නෑ. 10km ගිහින් බලන්න එතන නැතිනම් තව 2km යන්න. එකම දිශාවටනේ තියෙන්නේ බෝර්ඩ් දෙකම (දී)

:       0       0

රංග Tuesday, 01 July 2014 12:50 PM

මෙම දැන්වීම් දෙකම නිවැරිදි උඩ බෝඩ් එකේ තියෙන්නේ මඩු නගරයට දුර. යට බෝඩ් එකේ තියෙන්නේ මඩු පල්ලියට , මේක තේරුම් ගන්න බැරි උන්ට මාර දෙයක් (දී)

:       0       0

ඉෂාර දමයන්ත Monday, 30 June 2014 02:07 PM

ෂෝර්ට් කට් එකක් ඇති ඔය පෙනෙන විදිහට (දී)

:       0       0

මේනක Monday, 30 June 2014 02:09 PM

එකක සිංහල මුලින්, අනිකේ දෙමල මුලින්. අපේ රටේ තියන භාෂා පාවිච්චි කිරීමේ දැනුම් දීමේ නිතිය මොකක්ද? ඇත්තටම අපිට එහෙම එකක් තියනවද? (දී)

:       0       0

සිරිසේන Tuesday, 01 July 2014 12:16 AM

මේක මෙච්චර කල් දෙවියන්ට පෙනුනෙ නැද්ද?බලමු දැන්වත් පෙනෙයිද කියලා? (නි)

:       0       0

ටෙනිසන් Monday, 30 June 2014 03:54 PM

අසංක කිව්වා වගේ එකක් මාර්ග සංවර්දන අදිකාරියේ. අනෙක බාසා තුන ලියල තියන පිලිවෙලින් කාගේද කියල හිතාගත හැකිනේ. (දී)

:       0       0

දයා අලහකෝන් Monday, 30 June 2014 04:02 PM

ඉතින් ඔයාලා 10 මාර්ගයේ යන්නකෝ. කිලෝමීටර් 2ක් අඩුයි නේ (දී)

:       0       0

ශාන්ත Tuesday, 01 July 2014 02:11 AM

බුද්ධිමත් ලෙස හිතන්න මිනිසුන් දැනගත යුතුයි (නි)

:       0       0

සිතිර Monday, 30 June 2014 04:05 PM

අයියෝ කිලෝමීටර් දෙකයිනෙ වෙනස. ඕක පත්තරේ දාන්න දෙයක්ද? (ස)

:       0       0

ලක්ෂිත Tuesday, 01 July 2014 03:14 PM

මෙම දැන්වීම් දෙකම නිවැරිදි නැ මඩු නගරයට දුර කිලෝමීටර් 11, මඩු පල්ලියට කිලෝමීටර් 11.5, (දී)

:       0       0

රන්ජිත් සිල්වා Monday, 30 June 2014 04:22 PM

මටනම් ලොකු වෙනසක් පෙන්නේ නැහැ. වෙන දෙවියෙකුට පෙන්නන්න. (දී)

:       0       0

ඩෑම් Tuesday, 01 July 2014 03:57 PM

පළමුව කිලෝමීටර් 10ක් යන්න, මඩු පල්ලිය එතන තිබුනේ නැත්නම් තව කිලෝමීටර් 2ක් යන්න.ප්‍රශ්නය ඉවරයිනේ (නි)

:       0       0

සත්‍යා Tuesday, 01 July 2014 06:38 AM

මේ පුවරු දෙක කි.මී. 2 කේ වෙනසට වඩා දෙයක් හෙළි කරනවා නේද? වඩාත් විශේෂ වන්නේ සිංහලෙන් මඩු පල්ලිය පාර කියා ලියා ඇතත් දෙමළෙන් ලියා ඇත්තේ මඩු කෝවිල් වීදිය කියායි. (නි)

:       0       0

විජේසිංහ Monday, 30 June 2014 05:08 PM

කමල්, බෝඩ් දෙකේ දුර එකතුකරලා ' මෙව්වා කරොත්' හරි (දී)

:       0       0

ප්‍රසංග Tuesday, 01 July 2014 05:18 PM

ලක්ෂිත හරි. මඩු නගරයට දුර හරියටම 10.9යි. මඩු පල්ලියට දුර 11.5යි. (නි)

:       0       0

ෂෙහාන් Tuesday, 01 July 2014 07:52 AM

සත්‍යා, ඔයා කියපු දෙය මට හරියට පැහැදිලි නැහැ. මොකක්ද ඒ දෙකේ වෙනස.(නදී)

:       0       0

දකුණේ සිල්වා Monday, 30 June 2014 05:48 PM

බෝඩ් දෙකම හරි ...සිංහල ක්‍රමයට යනවනම් කිලෝ මීටර් දහයයි ...දෙමල ක්‍රමයට යනවනම් කිලෝ මීටර් දොළහයි ..කැමති එකක් තොර ගන්න (දී)

:       0       0

දිනු Monday, 30 June 2014 12:16 PM

අපි ඉන්නේ මේ ලංකාවේ ,ජපානයේ නෙවෙයි (දිල්)

:       0       0

අප්සරා Monday, 30 June 2014 06:22 PM

මීගමුවේ සිට ජා-ඇල පැත්තට එනකොටත් මෙහෙමයි,මීගමුවේ දාල තියෙනව 28 කියා හැබැයි කටුණායකට හැරෙන තැන තියෙනව 29 කියලා, කලින් තලාව නගරයෙත් මේ විදියට කුරුනෑගලට දුර දාල තිබුනා (දී)

:       0       0

අසංක Monday, 30 June 2014 12:27 PM

එකක් වගකියයුතු ආයතනයක් වන මාර්ග සංවර්ධන අධිකාරියේ, අනික වෙනත් කණඩායමක් හෝ අයතනකයක් එකක් බව පේනවා. එක නිසා ඕක දෙවියන්ට කියල වෙඩක් නෑ. එයා මේ දවස් වල ගොඩක් බිසී. මාර්ග සංවර්ධන අදිකාරියේ පුවරුව බලල යන්න! ඕනි නම් කිලෝ මීටර් දෙකක් වෙනස් වෙයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 389 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site