දෙහිවල දාර්ශනිකාරාමයේ මහා භද්‍රකාලී දේවාලයේ ත්‍රිශූලය ඇතුළු දේවාභරණද පූජා කළ රන් අබරණද පිත්තල පහන් ඇතුළු භාණ්ඩ රැසක්ද සොරකම් කර ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ.
පසුගිය 10 වැනිදා දේවාලය වැසූ පසු විවෘත කර ඇත්තේ සිකුරාදා බවත් සොරකම දැනගත්තේ ඉන්පසුව බවත් කියති.
භද්‍රකාලි මෑණියන්ට පූජා කළ රන් බඩුවල මිල නොදන්නා බවද කියති. යාබද පත්තිනි දේවාලයේ කවුළුවකින් සොරා භද්‍රකාලී දේවාලයට ඇතුළුවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම වැඩේ..පන්සල් වලට මොකටද දේවාල. අහිංසක මිනිස්සු රවට්ටලා සල්ලි හම්බ කර ගන්න හදපු දේවාල මේවා.. මේවයේ දෙවියෙක් ඉන්නවා නම් හොරකම් කරන්න පුලුවන්ද..අනික මිනිස්සු හොරුන්ට දඩුවම් දෙන්න කියල කන්නලව් කරන්නේ මේ දේවාල වලට නේ..මේ දේවල් බලලවත් මිනිස්සුන්ගේ ඇස් ඇරේවා. (ස)
දෙවියන්ටම ඔප්පුවේච්චාවේ (බ)
දැන් දෙවියන්ගේ මහිම දකින මොහොතවේ (බ)
එතකොට චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය? (නි)
කුමාර්, දෙවියන් මිනිසුන් මැවුවා නම්,ඇයි එකිනෙකාට වෙනස්? උදා: එක අච්චුවෙන් හදන ගඩොල් ඔක්කොම එක සමාන නේද (හැඩය,බර ආදී ). (නි)
පත්තිනි මෑණියන්ටත් , භද්‍රකාලී මෑණියන්ටත් හොරෙන් කළ වැඩක්? (බ)
හරින්ද්‍ර ඔබ හරියටම හරි , මේ හොරු නියම වැඩේ කරේ ,කිසිම දවසක මිත්‍යා විශ්වාස කරන්න එපා ,දෙවියන්ට කරන්න පුළුවන් මගුලක් නෑ මේවා පිටිපස්සේ යන අයට පව් (බ)
පොලීසි ගිහින් සොයාගන්නත් බැරි වුනාම නේද දේවාල වලට සමහරු යන්නේ? (බ)
මේවායෙන්ම ඔප්පුවෙනවා මේවා කතා කරන්න බැරි මැටිපිලිම බව. ලෝකෙට ඉන්නේ එකදෙවියයි ඒ ලොව මවා පාලනය කරන ස්වර්ගයේ පියාණන්. අනිත් ඔක්කොම නිකන් පිළිම විතරයි (බ)
දේවාලේ වැව හින්ද දෙවියෝත් රවුමක් ගහන්න යන්න ඇති ඒ වෙලාවේ හොරු එන්න ඇති (ම)
කුමාර් කියන ස්වර්ගයේ පියාණන් ඉන්නේ කොහෙද? ලොව මවා, මිනිසා මවා, මිනිසුනට කන්න සතුන් මවා, කරන පවු වලට සමාවදෙන, එකපාරට දහස් ගණනක් මිනිසුන් මරණ සුනාමි, සුළි සුළං , ගංවතුර මැවීම හොඳද? ඉතාමත් නීතිගරුක කාටවත් කරදරයක් නැති ලෝකයක් මැවුවා නම් කරදරයක් නැතුව ඉන්න තිබුනා නේද? (නි)
ලොව සියලු දෙයම ඔහු විසින් සෑදුවා නම් ඔහු සෑදුවේ කව්රුද? අද අපි ඉන්නේ, අප ජීවත් වන මේ ක්ෂීර ඵතයෙනුත් එහාට පවා චන්ද්‍රිකා යවන කාලයකදී බව දින කිහිපයකට උඩදී මම ලංකාදීප පුවත්පතේ පලවී තිබුණු දැන්වීමෙන් තේරුම් ගතිමි. අපි යයි කියා කියන අපගේ මෙම භෞතිකව නිර්මාණය වූ ශරීර කුඩුවකට රිංගාගත්තු කර්ම ශක්තියක් පෙනී සිටිනවා කියා බුදු රදුන් පවා එදා දෙසු එකේ, අද අපි පිලි ගන්නා විද්‍යාවෙන් මේ ලෝකයේ සියලු දේ ගොඩ නැගී ඇත්තේ රසායනිකව ගොඩනැගුනු ද්‍රව්‍යක් නිසා බවයි අපි ඉස්කෝලේදීත් ඉගෙන ගත්තේ. නැතුව කිසිදු නිර්මාණ වාදයක් නිසා මෙලොව ඇතිවී නැති බව අද අපි බොහෝ දෙනෙකු පිළිගත්තද, තවමත් අන්ධ භක්තියෙන් සිටින අයත් ලොව නැතුවා නොවේ කියා මොනවාට තහවුරු නොවේද? (නදී)
දෙවියන්ට නොසලකන, දෙවියන්ට බය නැති හොරුන්. දැන් පේනවා සමහරුන් දේවාල වලට යන්නේ, බාරවෙලා දෙවිපිහිට ඉල්ලන්න විතරක් නොවෙයි කියලා. (නදී)
අහෝ දෙවියනි,ඔබ ඇයි නිහඬ? දෙවියෝ කෙසේ වෙතත් පොලිසියට අහුවුණොත් නම් දෙයියෝ බුදුන් සිහිවෙයි. (නි)
සමහර අයගේ ඔලු වල පුදුම මෝඩ අදහස් තමයි තියෙන්නේ (නි)
කුමාර් , එතකොට ඔය කියන ලොව මවා පාලනය කරන ස්වර්ගයේ පියාණන් ලෝකයේ මෙච්චර ප්‍රශ්න ඇතිකළේ ඇයි? (නි)
මේවගේ පිළිම වලට පුජා තියමින් පිහිට ඉල්ලන ගොන් රැල දැන්වත් ඇත්ත තේරුම් ගනිත්වා. පන්සල් වලින් මේ විකාර රුප ඉවත් කර එම ස්ථාන වල බුදුන්ට පමණක් ආමිස පුජා කරන තැන් හැටියට පත් කල යුතුයි.(ම)
මෙහෙම මිනිස්සුත් අපි අතරම ඉන්නවනේ?? (නි)
මේවා මෙලෙස සිදුවෙන්නේ අන්ධ භක්තියෙන් අන්ධවුවන්ට යථාර්ථය අවබෝධ කරවීම පිණිසයි. සිතට බුද්ධියට අනුව කටයුතු කිරීමට සැමට නුවණ පහළ වේවා! (නි)
මෙහෙම මිනිසුන් මරණින් මතු මොන ලොවක යන්නද? (නි)
කුමාර්, තමන් ගේ ආගම ගැන ඔය තරම් ආඩම්බරෙන් කතා කරන්න දන්නවා නම් අනික් ආගම් වලට අපහාස කරන්න එපා. තමන්ගේ ආගම විස්වාස කරගෙන ඉන්න. (ම)