බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන සිද්ධියට මරණ දඬුවම නියම වූ හිටපු උප පොලිස් පරීක්ෂක බී.ඒ. ලක්මිණි ඉන්දික බමුණුසිංහ අද (5) ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත්තේය.
බන්ධනාගාර කුටියේ සිට පාඩම් කර ඔහු පසුගිය දා උපාධි විභාගයට පෙනී සිටියේය. උපාධි ප්‍රදානෝත්සවය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු අතර බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ, උපාධිය ලබා ගැනීම සඳහා ඔහු එහි රැගෙන ඒමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අවසර ලබා දුන් බව වැලිකඩ බන්ධනාගාර අධිකාර චන්දන ඒකනායක මහතා කියයි.
කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ අතින් ඔහු අද සිය උපාධි සහතිකය ලබාගත් අතර බන්ධනාගාර ඉතිහාසයේ දී මෙවැනි සිදුවීමක් වාර්තාවූ පළමු අවස්ථාව මෙය බවද බන්ධනාගාර කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලසන්ත , තාජුදින්, ඝාතන වෙලා වසර 5 කටත් වැඩියි අධිකරණය සමත් වෙලා නැහැ අපරාධ කරුවා අල්ලගන්න. මේ සිද්ධියේදී නඩු අහල මිනීමරුවා වෙලත් ඉවරයි මේ ටිකට . මට හිතෙන්නේ තෝරු මෝරු, නැතුව හාල්මැස්සෙක් දැලට පැටලිලා කියල. (බ)
මිනිසෙකුට උගත්කම විතරක් මදි. ප්‍රඥාවත් තියෙන්න ඕනේ. මේ රටේ ඉන්න ගොඩක් උගත්තුට නැත්තෙත් ඒකයි. උගත්කම විතරක් තියෙන මිනිස්සු හොරකන් කරන්න ගියාම මිනි මරන්න ගියාම ඉතා සුක්ෂම විදියට ඒ අපරාධ කරනවා. මේ රටේ අධ්‍යාපනය ක්‍රමය හුදු උගත්කම අභිබවා ගිය යහපත් මිනිස්සු බිහිකරන ලෙස වෙනස් වෙන්න ඕනේ. (ම)
කොච්චර උගත් උනත් ඉතින් රටේ නීතියට හිස නමන්න වෙනවා. (ර)
මොහුව වරදට පෙලබවූ අයට තමයි මරණ දඩුවම දෙන්න ඕනේ... (ර)
සැබෑ ධෛර්යවන්තයෙක් (නි)
මිනීමරු කොටින්ටත්, කුඩ්ඩන්ට, කැලෑ පාලුවන්ටත් සමාව ලැබෙන මේ කාලයේ ජීවිතය අත නොහැර සිටින මේ ධෛර්යවත් මිනිසාටත් සමාව ලැබිය යුතුමයි. "ලංකාදීප එසැණ", ඔබට හැකියාවක් තිබේනම් මොහු උපාධිය ලබාගන්න ඡායාරූපයක්ද පළකළ මැනවි (නි)
ඔව් ඔව් ධෛර්ය නැත්නම් කොහොමද මිනි මරන්නේ (බ)
සනුකි දන්නා දෙයක් කතා කරන්න. ලොව දියුණුම රටක් වන නවසීලන්තයේ හිරගෙදර මම හිටියා, තරු 5ක් තියා එක තරුවක්වත් මම දැක්කේ නැහැ. (බ)
මේ උපාධියෙන් දැන් කුමක් කරන්නද? කණගාටුයි (නි)
නිල්මිණි-ජපානය, ලාල් , රන්ජිත්, චානක ලොස් ඇන්ජලිස්, ඔබලාගේ අදහස් 100 % සත්‍යයි. (ර)
යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද කිවුවලු (නි)
උපාධි සහතිකය මීට වඩා වැදගත් ආකාරයට ප්‍රින්ට් කළානම් හොඳයි නේද ? මේ වගේ උපාධි සහතිකයක් නිසා උපාධිය බාල්දු වෙනවා නේද ? (බ)
රටේ අසරණ මිනිසුන්ගේ මහජන මුදල් වගේම රටේම සම්පත් ටික සුරගෙන කාල ලෝකයේ බැංකු පුරවපු කම්බා හොරුන් නිදහස ඉන්නවා.ඒ ගැනනම් මට තියෙන්නේ පුදුම කලකිරීමක්. (බ)
දෙවියනේ! මොනතරම් ශක්තිමත් මනසක් තිබෙන්න ඕනෑද මෙහෙම විස්කමක් කරන්න? (නි)
එ් කියන්නේ ඔහුව නිදහස් කළයුතුයි කියාද? ඔහොම දෙයක් කැලිෆෝනියාවේ හිරගෙදරත් වුණා. ටුකි විලියම් කියන මිනීමරු පාතාල නායකයා හිරගෙදරදී ළමා පොත් ලියා පළකරමින් නිදහස ඉල්ලා සටන් කළා. නමුත් අධිකරණය එය ප්‍රතික්ෂේප කරමින් ඔහුට හිමි දඬුවම දුන්නා. (නි)
මෙය කැලිෆෝනියාවවත් සෞදි අරාබියවත් නොව,උතුම් බෞද්ධ රාජ්‍යයකි. අංගුලිමාලටත් සමාව ලැබුනා. මිනිසෙක් අතින් වරක් වැරැද්දක් විය හැකි වගේම එය ඔහුට නිවැරදි කරගන්න පුළුවන්. මොහුට නිදහස ලබා දෙන්න. නිකරුනේ හිරේදී මේ වගේ වටිනා කෙනෙක්ගේ කාලය ගෙවන්න ඉඩ නොදිය යුතුයි (නි)
මේ පුද්ගලයා මා දන්නා තරමින් ඉතා අහිංසක පුද්ගලයෙක්. (නි)
මරණ දඬුවම ලබාදෙන්නේ අන් අයගේ යහපත තකා සමාජයෙන් ඉවත්කළ යුතු අයටය. මොනම තත්වයක් යටතේ වුවද මරණ දඬුවම ලැබුවන් දිවි ඇතිතෙක් සිටිය යුත්තේ බන්ධනාගාරයේය. දුෂිත දේශපාලකයන් විසින් නිර්මාණය කර ඇත්තේ නීතියද විහිළුවට ගන්නා සමාජයක් බව පෙනේ. (නි)
චානක ලොස් ඇන්ජලිස්, ඔයා ඔය කියන ඇමරිකාවේම කළු ජාතිකයෙකුට මරණ දඬුවම දීලා පස්සේ හෙළිවුණා ඔහු නිවැරදිකරු බව. (නි)
මරණ දඬුවම ක්‍රියාත්මකවීම ප්‍රමාද නිසා අපේ මුදල් නාස්ති වෙනවා. මරණ දඬුවම ලැබූ අයගේ සියලුම ප්‍රජා අයිතීන් අහෝසි කළයුතු වේ. අංගුලිමාල ධර්මයට යොමුවීම සමාවදීමක් නොවේ. ඔහුගේ අවබෝධය මිස දැනුමක් ලබාගැනීමක් නොවේ. නීතිය ක්‍රියාත්මක කරන්න ප්‍රමාද නොවන්න. (නි)
දඩුවම් ලබාදීමේ අරමුණ ප්‍රති- ප්‍රචණ්ඩත්වය නොවෙයි. ඔවුන් පුනරුත්තාපනය කිරීමයි. ලොව අපරාධ අඩුම රටවල සිරගෙවල් අපේ තරු පහේ හෝටල වලට වඩා සුවපහසුයි. අපි අපේ අදහස් වලින් ඉක්මනින්ම මිදිය යුතුයි. මේ පුද්ගලයා ඉතා ඉක්මනින් ඔහු විසින්ම පුනරුත්තාපනය වී ඇති බව පෙනේ. (නි)
මෙත් මල් පිබිදේවා... සිත් තුළ මෙත් මල් පිබිදේවා...කරුණා ගුණ දේවා... සිත් තුළ කරුණා ඉතිරේවා... (නි)
දැන් මරණ දඬුවම ක්‍රියාත්මක වන්නේ නැහැ. උපාධියක් ගත්තා කියා අපරාධකරුවෙක් නිදහස් කරන්න බැහැ. සියළු වැරදිකරුවන්ට උසස් අධ්‍යාපන අවස්ථා ලබා දී සමත්වන අය නිදහස් කරන්න! (නි)
ජනිත්, ඔබ කියන දේට උදාහරණ ඕනෑතරම් ලෝකේ හොයාගන්න පුළුවන්. අන්තර්ජාතික ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් දත්ත අනුව ලොව පුරා සිර දඬුවම් විදින්නන්ගෙන් 30% අධික ප්‍රමාණයක් නිර්දෝෂයි හෝ වරදට නොගැළපෙන දඬුවම් ලබන්නන්. (නි)
සඳුන්, "අහිංසක" කියන අය තමා වැඩියෙන්ම වැරදි වැඩ කරන්නේ. (නි)
නොර්වේ, ස්විට්සර්ලන්තයේ අපරාධ සිදුවෙන්නෙම නැතිතරම්. හැබැයි මේවායේ තමයි ලොව වඩාත්ම මානුෂීය සිරගෙවල් තිබෙන්නේ. මේ රටවලට දියුණු රටවල් කියන්නේ, රටවල් දියුණුවෙලා තියෙන්නේ මිනිස්සු හිතන විදිහත් දියුණු නිසයි. (නි)
බොහෝ පාඨකයින් දඩුවමේ අරමුණු නොදන්නා බව පෙනේ.දඩුවම ලිහිල් කරනවානම් හොදයි.(හේ)
ඉහත බහුතර අදහස් කියෙව්වහම හිතට සතුටක් දැනෙනවා. නිල්මිණි-ජපානය ,ලාල් ,රන්ජිත්,චානක ලොස් ඇන්ජලිස් තාමත් ඉන්නේ ගල් යුගයේ කියල තමා හිතෙන්නේ. (අ)
ලංකාවේ බොහෝ අය වැරදි වැඩ කිරීමට පෙලඹෙන්නේ ඔවුන්ගේ දුගී දුප්පත් කම නිසා ඉන් පසු ඔවුන් පැවැත්ම සඳහා එය දිගින් දිගට කරගෙන යනවා.(දේශොලකයන් වැන්නන් අතලොස්සක් හැර ) එනිසා ආර්ථික දියුණුව බොහෝ ගැටළු වලට විසදුමක්. අනික ඔය බොහෝ බටහිර රටවල් දියුණු වෙලා තියෙන්නේ අනෙත් කුඩා රටවල් පහුගිය කාලයේ හුරගෙන කාල කියලත් අමතක කරන්න එපා . (අ)
රටේ දරුණු අපරාද කරලා,කුඩු විකුණලා පොහොසත් වුන,ව්‍යාපාරිකයෝ සන්තුවරයෝ වගේ රටේ ජීවත්වෙනවා. කාගෙවත් පෙලඹවිමෙන් මෙවැනි දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා, අදිෂ්ටාන ශක්තියෙන් හෙබි මේවගේ පුද්ගලයෙකුට සමාවදීම නිවැරදී දෙයක් කියලයි මම හිතන්නේ. (අ)
මේ උපාධියෙන් වැඩක් තියෙනවද දැන්.? (ර)
මේ වගේ කෙනෙක්ගෙන් රටට වැඩක් ගනිමු. (ර)
චේතනාවකින් කරන මිනී මැරුම් බුදු රජාණන් වහන්සේ අකුසල කර්මයක් ලෙස වදාල සේක. එය මතු සංසාර වලදීද පඩිසන් දෙනබවද වදාල සේක. (අ)
මේ පුතා පඩිරුවනක්. ජාතියට සම්පතක්. හිරේ හිටියත් රටට ඔහුගේ සේවය ලබාගන්න. ඉක්මනින් නිදහස් කරන්න. (ර)
නුවන්, දියුණු රටවල් කියන්නේ එකක්, අපරාද අඩු රවල් කියන්නේ එකක්. නොර්වේ ,ස්වීඩන් ,ස්වීට්සර්ලන්ටය වගේ රටවල හිරේ ගෙවල් ගෙන පොඩ්ඩක් ඔයා කියවන්න. මේවා තමයි ලොව අපරාද අඩුම රටවල්. (ර)
මේ ලෝකේ කව්රු හෝ වේවා වැරදි කරන්නේ ඒ අයට නිසි මග පෙන්වීමක් නොලැබුණු නිසා හෝ සමාජ අසාධාරණයට ලක්වුවන් නිසයි. කිසිම අපරාදකාරයෙක් නිකම්ම ඒ තත්වෙට වැටෙන්නේ නැහැ. (අ)
සදුන් ඔයා හරි. මම හිතනවා අබියාචනයෙන් මෙයාලා නිදහස් වේවි කියලා. (ර)
පාඨක තීරුවේ හොද කතිකාවතක් ගොඩනැගීම ගැන ලංකාදීපයට තුති. (අ)