(නිමල කොඩිතුවක්කු)
ඇමරිකානු ඩොලර් බිලියන 3.95ක් වටිනා, ඉතිහාසයේ දැවැන්තම ආයෝජන ව්‍යාපෘතිය ලබන 24 වනදා හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවැසීය.
එම ව්‍යාපෘති අතර ඇමරිකානු ඩොලර් මිලියන 3,850ක් ආයෝජනය කරමින් තෙල් පිරිපහදු සංකීර්ණයක් සහ ඇමරිකානු ඩොලර් මිලියන 100කින් ඉදිවන සිමෙන්ති නිෂ්පාදන කම්හලක්ද වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ අද(19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
තෙල් පිරිපහදු සංකීර්ණ ව්‍යාපෘතිය අවුරුදු 04ක ව්‍යාපෘතියක් වන අතර එය සිංගප්පූරු සහ ඕමාන් සමාගමක් විසින් ආයෝජනය කරනු ලබයි.
සිමෙන්ති නිෂ්පාදන කම්හල සඳහා දේශීය ආයතනයක් විසින් ආයෝජනය කරනු ලබන අතර එම ව්‍යාපෘතිය සඳහා වසර පහක කාලයක් වැයවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම ව්‍යාපෘති මගින් සෘජු හා වක්‍ර රැකියා 5,000කට අධික සංඛ්‍යාවක් බිහිවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම ව්‍යාපෘති දෙක ඇරඹීමත් සමඟ හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපල කාර්යක්ෂමව සහ සක්‍රීයව භාවිත කළ හැකි බවත් සඳහන් කළ නලීන් බණ්ඩාර මහතා එමගින් මෙරට ආර්ථිකය වඩාත් ශක්තිමත් වනු ඇති බවද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හම්බන්තොට චීන්නුන්ගේ නෙමේද? අපි වරාය පාවිච්චි කරන්න ඒ ගොල්ලන්ට ගෙවන්න ඕනේ නැද්ද?
දැන්ද නින්දෙන් ඇහැරුනේ. මේ අවුරුදු ගණන මහින්ද මහතා සිටියානම් ඔය ව්‍යාපෘති 24 ත් ඉවර කරලා මේගොල්ලෝ තාම පාරම්බානවා.
දැන් ඕවා ණය නොවෙයිද? ඔය ව්‍යාපෘති පටන්ගෙන තිබුනොත් ඔබලා 2020 දී පැරදුනාම ඔය ව්‍යාපෘති කරන්න වෙන්නේ පොහොට්ටු ආණ්ඩුවට. ඊළඟ මැතිවරණයේදී පොහොට්ටු රජය ලෝකෙට ණය උනා කියා මේ ණය පෙන්වනවාද?
මේ මොකාටද එන්න හදන්නේ?? හොදා හොදා...
මෙයාගේ කතාව හරියට නිමකළ ව්‍යාපෘති විවෘත්ත කරනවා වගෙයි. මේ ගොල්ලෝ තාම පටන් ගැනීම විවෘත්ත කරනවා. කාවද මේ ගොනාට අන්දන්නේ අර 62 මිසක්?