මහනුවර මහ රෝහල සංවර්ධනය කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ දෙවැනි ජාතික රෝහල ලෙස ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.
ලබන වසර වන විට එය සිදු කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය. මහනුවර මහ රෝහලේ සංචාරයක නිරත වූ සෞඛ්‍ය අමාත්‍යවරයා එම ගොඩනැගිල්ලේ සැලසුම් පරික්ෂා කර බලා මහල් 7 කට රෝහල් සංකීර්ණය ඉදිකරන ලෙස දැනුම් දුන්නේය. මෙහි ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරිම සදහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රම දායකත්වය ලබාදීමට ද තීරණය කර ඇත. තැලසීමියා රෝගීන්ගේ කවය විසින් කළ ඉල්ලීමකට අනුව මෙම රෝහල් සංකීර්ණය ඉදිකරන අතර, එහි ඉදිකිරීම් කටයුතු වසර 2020 ට ප්‍රථම අවසන් කිරිමට ද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහනුවරට වුවමනා රථ වාහන සැලැස්මක් මොන ඉස්පිරිතාලයකින් වැඩක්ද එතනට යාගන්න බැරිනම් ?
දැන් ඉතින් ත්‍රිවිධ හමුදාවේ පිහිට තමයි නේද ??
මෙම ඇමතිවරයා කටින් බතල කොළ සිටුවනවා. මහනුවර හෝ වෙනත් ප්‍රධාන රෝහල් වල කිසිදු සංවර්ධනයක් සිදුවෙන්නේ නෑ. රෝගීන් සියගණනින් ඇඳක් හෝ නොමැතිව බිම නිදාගෙන සිටිනවා. ජාතික රෝහලක් කියා බෝඩ් ලෑලි ගැසීමෙන් ජනතාවට හෝ සෞඛ්‍ය ක්ෂේත්රයට සෙතක් වෙන්නේ නෑ
රටක "ජාතික" දේවල් තියෙන්න පුළුවන් එක බැගින් කියල තේරුම් ගන්න තරම්වත් මොලයක් නැද්ද? ජාතික ගීය, ජාතික කොඩිය, ජාතික පුෂ්පය, ජාතික පක්ෂියා.