(විනීතා එම් ගමගේ)

ද්විත්ව පුරවැසි භාවය ඇති මැති ඇමැතිවරුන් කවුදැයි දැයි දැන ගැනීම ස ඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 225 දෙනාගේම තොරතුරු එක් රැස් කරන බව පැෆරල් සංවිධානය සහ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා කි‍්‍රයාකාරිත්වය කියයි.
තොරතුරු දැන ගැනීමේ පනතේ වගන්ති මේ සඳහා යොදා ගන්නා බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය. 

එවැනි ජනතා නියෝජිතයන් සිටී නම් ඔවුන් පිළිබඳව ජනතාවට හෙළි කිරීම තම සංවිධානයේ අරමුණ බව ද හෙට්ටිආරච්චි මහතා කීය.  එසේ ද්විත්ව පුරවැසිභාවය ඇති කිසිවෙකු ප‍්‍රතිතිපත්ති සම්පාදනයේ නොසිටිය යුතු බව තම සංවිධානයේ අදහස යැයි ද හෙතෙම සඳහන් කළේය. 

රටවල් දෙක අතර ඇතිවන තීරණාත්මක අවස්ථාවකදී එවැනි අය මෙරට වෙනුවෙන් පෙනී සිටින්නේ ද නැද්ද යන්න ප‍්‍රශ්නයක් මතුවන්නේ යැයි කී හෙට්ටිආරච්චි මහතා ඔහු කවර රට වෙනුවෙන් පෙනී සිටින්නේද යන්න පැහැදිලි කර ගැනීමට නොහැකි බැවින් ද රට වෙනුවෙන් පෙනී සිටින්නේ ද නැද්ද යන්න පැහැදිලි නොමැති බැවින් ඔවුන් ප‍්‍රතිපත්ති සම්පාදනයට නුසුදුසු යැයි පැෆරල් සංවිධානයේ මතය යැයි ද පැවැසීය.