(ජේ.කේ.එල්.චාමින්ද)
ඩ්‍රෝන කැමරාවක් මගින් දෙවට වෙරළ තීරය විඩියෝ කරමින් සිටි රුසියානු ජාතිකයකු අද (9) අත්අඩංගුවට ගත්බව ගාල්ල වරාය පොලිසිය පවසයි.
මෙකී රුසියානු ජාතිකයා 32 හැවිරිදි වියේ පසුවන අයෙකි. මොහු ඩ්‍රෝනා කැමරාවකින් දෙවට වෙරළ තීරයේ විඩියෝ ගත කරමින් සිටින බවට පොලිසියට ලැබුණු තොරතුරකට අනුව රුසියානු ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇත.
මෙකී රුසියානු ජාතිකයා අප්‍රේල් 28 වැනිදා මෙරටට පැමිණ ඇති බව පොලිසිය පවසයි.
ඔහු මෙම මස 11 වැනි දා මෙරටින් පිටත්ව යාමට නියමිතව ඇති බව පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.
මොහු එරට ටෙලිකොමියුනිකේෂන් ආයතනයක සේවය කරන්නෙකි. මොහු විඩියෝ දර්ශන ලබාගෙන ප්රචාරක කටයුතු සඳහා ඒවා යොදා ගන්නා බව පොලිසිය පවසයි.
(ඡායාරූප - රවී ලියනගේ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනට කියන්න ISIS එකට දෙන්න වීඩියෝ කලේ කියල. 11 වෙනිදා ට යන්න ඇප ගන්න පුලුවන්.
මේ නිකම් වීඩියෝ යුටියුබ් එකට දාන අය වෙන්ට ඇති. සංචාරකයින්ට වැඩිය හිරිහැර කරොත් ඒ අයගේ පැමිණීම තවත් අඩු වෙන්ට පුළුවන්.
පොලිසිය තාක්ෂණය ගැන දන්නෙ නැහැ. මේවා ලෝකයා හිනස්සන වැඩ. වෙන රටවල් වල ඕවා සෙල්ලම් බඩු. මේ විදේශිකයා මේවා රූපගත කරලා ලංකාවට උදව්වක් විදියට සංචාරකයො ගෙන්නගන්න ප්‍රසිද්ධ කරන්න හදලා තියෙන්නෙ මට පේන විදියට. මේ අය මේතරම් අවදානමක් තියෙද්දි ලංකාවෙ සංචාරයේ යෙදෙන්නෙත් අපේ රටට උදව්වක් විදියට
පොලිසියේ මෝඩ වැඩ නිසා එන සංචාරකයෙක්වත් ආයෙ එන්නෙ නෑ..
කරුණාකර විදේශිකයන්ට වීසා ලබාගැනීමේදී සහ ගුවන්තොටුපොලේදීම අපේ රටේ නව නීති ගැන දැනුවත් කරන වැඩපිළිවෙලක් ආරම්භ කරන්න. එය මොවුන්ට කරන විශාල හිරිහැරයකි.. ඩ්‍රෝන කැමරා භාවිතය ඔවුන්ගේ සංචාරයේ ප්‍රධාන අංගයක්..නැතිනම් ඉතිරි වෙලා ඉන්න විදේශිකයන්වත් යවන වැඩක් වෙන්නේ.
එන සුද්දෝ ටිකත් කොහොම හරි නැති කරන්න.
ත්‍රස්තවාදියයි සංචාරකයයි හදුන ගන්න බැරි පොලිසියට මෙතෙක් කල් මේ බෝම්බකාරයො අල්ල ගන්න බැරිවීම අරුමයක් නෙමේ
යුටියුබස්ලා මේ රටේ සංචාරක ව්‍යාපාරය නංවන්න සංචාරක දෙපාර්තුමේන්තුවට වඩා සේවයක් කරනවා. මොව්න් මේ අත්දැකීම වීඩියෝවක් විදියට දැම්මොත් ආය රුසියානු සංචාරකයෝ එන්නෙත් නැතිවෙයි.
ඩ්‍රෝන තහනම් නම් ඒ බව ගුවන්තොටුපලේ පැහැදිලිව සදහන් කල යුතුයි..... සියලු විදේශිකයන්ට පැහැදිලිව පෙනෙන්න. නැත්නම් රටේ වාතාවරණය අනුව තහනම් දේවල් අඩංගු පොඩි පත්‍රිකාවක් රටට අතුල්වෙනකොටම දියයුතුයි. අපි සැරෙන් සැරේ දාන නීති ඒ මිනිස්සු දන්නේ නෑනේ.
පොලීසිය මේ දවස්වල රාජකාරිය කරනවා.... ඒත් මේ වගේ දේවල් කරලා සවුත්තු වෙන්න එපා... ද්‍රෝණ යානා යවන්න එපා කියලා සුද්දෝ දැනුවත් කරන්න.... මේ එන සුද්දොත් නැති කන්න එපා....
දැන් තමයි නියම ත්රස්තවාදියා හොයාගෙන තියෙන්නේ. දැන් කලින් අල්ලපු අහිංසකයෝ ටික නිදහස් කලානම් හරි