ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීම තිඹිරිගස්යාය ශාන්ත තෙරේසා කතෝලික දේවස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතාගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි.
ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම දේව මෙහෙය මගින් පසුගිය යුද සමයේ තම මාතෘ භුමිය වෙනුවෙන් දිවි පිදු ගුවන් හමුදා සෙබලුන් මෙන්ම සේවයේ යෙදී සිටියදී මියගිය රණවිරුවන් සිහිකර යාඥා කිරීම, සක්‍රිය සේවයේ යෙදී සිටින රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් වෙනුවෙන් මෙන්ම කඳවුරු ඒකකයන් වෙත ආශිර්වාද කිරිම මෙහිදී සිදුකෙරිනි. .
මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා අධ්‍යකෂ මණ්ඩලයේ සාමාජිකයෝ, ගුවන් හමුදාවෙි ජ්‍යෙෂ්ඨ නිළධාරීහු සෙසු නිළයන් ඇතුළු මිය ගිය රණවිරු පවුල් වල සාමාජිකයෝ ද සහභාගී වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානිවත්ත අභික්කමම්. (ස)
රුවන් ආගම වැදගත් නෑ. කරන වැඩෙයි වැදගත්. ත්‍රිවිධ හමුදාවට මාගේ උපහාරය. (දී)
රට දැය සමය වෙනුවෙන් දිවිදුන් විරෝධාර ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණවිරුවනි අපි හැමදෙනාම ඔබලාට සදා ණයගැති වෙමු, (දී)
වරදක් පෙනෙන්නේ නැහැ .....නමුත් මින් කී දෙනෙක් කතෝලික ද දන්නේ නැහැ ? ජාතික සමගියට ජයවේවා......... (දී)