IMG-LOGO

දිල්ෂා විවාහකද?

2016-05-27-ent-30

2016-05-27-ent-28කොහොමද දිල්ෂා මේ දවස්වල වැඩකටයුතු?

මේ දවස්වල bridal වගේම TV Commercials කිහිපයකත් වැඩ කටයුතු කරගෙන යනවා.

 

මොනවගේ වෙළඳ දැන්වීම්වලද මේ දවස්වල පෙනී ඉන්නේ?

Potello වෙළඳ දැන්වීම රෑගත කිරීම් සිද්ධ වෙනවා.

 

මීට කලින් පෙනී හිටපු වෙළඳ දැන්වීම් තියෙනවද?

ඔව්. කිහිපයක්ම තියෙනවා. අම්රිතා හඳුන්කූරු, ජින්ජර් බිස්කට් වගේ දැන්වීම් මේ වෙනකොට විකාශය වෙනවා. තව ඉස්සරහට මැලිබන් කිරි සහ Potello දැන්වීම් විකාශය වේවි.

 

ඒ කියන්නෙ ගොඩක් කාර්යබහුලයි වගේ?

ටිකක් විතර Programs වල bridal shoots තියෙන නිසාත් කාලය ගොඩක් ඒවාට වැය වෙනවා.

 

නිරූපණයට අමතරව මොනවහරි කරන දෙයක් තියෙනවද?

ඔව්. මම දැනට කැලණිය විශ්ව විද්‍යාලයේ බාහිර උපාධිය හදාරනවා. ඒ වගේම රූපලාවන්‍ය අංශයෙන් NVQ level 4 හදාරලා තියෙනවා. ඒ අංශයන් දියුණු කරෙගන යනවා.

 

දිල්ෂා නිරූපණ ක්‍ෂේත්‍රයට ඇවිත් දැන් කොච්චර කල්ද?

දැන් අවුරුදු තුනක් විතර

 

ඒ අවුරුදු තුනේ අත්දැකීම මොන වගේද?

ඇත්තටම හිතුවට වඩා සාර්ථකත්වයක් ලබාගන්න පුළුවන් වුණා. අනික හරිම මාර්ගයේ ආපු නිසා ඉදිරියට ආවා කිව්වොත් හරි.

 

මොකක්ද හරි මාර්ගය කියන්නේ?

හරි මාර්ගය කියන්නේ, දැන් නිරූපණ ක්‍ෂේත්‍රයට එන ගොඩක් ළමයි ක්‍ෂේත්‍රයට එන්නේ මේ ගැන වැරදියට තේරුම් අරගෙනනෙ. ඒ කියන්නේ හරියට අධ්‍යපනයවත් හරියට ඉවර කරගන්නෙ නැතිව, කොටින්ම අවබෝධයක් නැතිව තමයි මෙතනට එන්න හදන්නෙ. ඉතින් එයාලා ගොඩක් වැරදි මාර්ගවල යොමුවෙනවා. මට නිරූපණය හැදෑරුවෙ රොසෑන් ඩයස් මහත්මිය ළඟ. ඉතිං අවබෝධයකින් එනවනම් නිරූපණ ක්‍ෂේත්‍රයේ ඉදිරියට යන්න පුළුවන් කියලයි මම හිතන්නෙ.

 

ආසාවට තිබුණු පලියට නිරූපණ ක්‍ෂේත්‍රයට ඇවිත් වැඩක් නැහැ?

හරියටම හරි.

 

මේ වෙද්දි දිල්ෂා වැඩිපුරම කරලා තියෙන්නෙ මොනවගේ විලාසිතාද?

වැඩිපුර bridal. ඊට අමතරව තමා Fashion පැත්තට යන්නෙ.

 

ඔයා පෞද්ගලිකව කැමතිම විලාසිතාව?

එහෙම විශේෂයක් නැහැ. කාලෙට ගැළපෙන සහ මට ගැළපෙන ඕනම ෆැෂන් එකක් කරනවා. නමුත් ඕනවට වඩා ෆැෂන් කරන්න හදන්නෙත් නෑ.

 

ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි Ramp එකකදි අපි දකින ඔයාලා නිරූපණය කරන Fashions අපි වෙළඳපොළට ගිහින් ගන්න හැදුවට කාලයකට පස්සෙ වුණත් දකින්න නැහැ. නිරූපිකාවක් විදිහට මේ ගැන දකින්නෙ කොහොමද?

ඇත්ත. ඒ විලාසිතා රඳාපවතින්නේ සමස්තේ එක් කොට්ඨාසයක් අතර විතරයි. හරියටම කිව්වොත් හතරෙන් එකක කොටසක් විතර තමා ඒ ෆැෂන් කරන්නෙ.

 

දිල්ෂා දිගටම නිරූපණය ක්ෂේත්‍රයේ ඉන්නද කල්පනාව?

මගේම කියලා සැලෝන් එකක් පටන් ගැනීමේ අදහසකුත් තියෙනවා. නමුත් නිරූපණ ක්ෂේත්‍රය අතහරින්න නම් අදහසක් නෑ. ඒ කලාවට මම ගොඩක් ආදරෙයි.

 

රංගනයට, ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබිලා නැද්ද?

රංගනයට නම් ඕනතරම් ආරාධනා ලැබිලා තියෙනවා. ඒත් ඒකට ගතවෙන කාලය ගැන හිතලා ඒවා ප්‍රතික්ෂේප කළා.

 

ඒ කියන්නේ රඟපාන්න අදහසක් ඇත්තෙම නෑ?

මම කලින් ආරාධනා ප්‍රතික්ෂේප කළේ ඉගෙනීමට බාධා වෙයි කියන බයටයි. නමුත් ඉස්සරහට රඟපාන්නත් අදහසක් තියෙනවා. ඒ අත්දැකීමත් ලබාගත්තොත් හොඳයි කියලා හිතෙනවා.

 

ලංකාවේ හෝ ජාත්‍යන්තරයේ ඔයා අනුගමනය කරන නිරූපණ ශිල්පිනියක් ඉන්නවද?

එහෙමම කියලා නැහැ. හැබැයි ඕන කෙනෙක්ගෙන් අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවනෙ. එහෙම එකතු කරගත්තු දේවල් නම් සෑහෙන්න තියෙනවා.

 

දිල්ෂා විවාහකද?

අපෝ තාම නැහැ.

 

එහෙනම් විවාහ යෝජනාත් ගලාගෙන එනවා ඇති නේද?

විවාහ යෝජනා නම් ඇවිල්ලා තියෙනවා.

 

ඒවා හින්දා ප්‍රශ්න එහෙම ඇතිවෙලා ඇති?

ප්‍රශ්න ඇතිවෙලා නැහැ. ඒවා ආවාම එයාලට හරියට තේරුම් කරලා දුන්නම හරි.

 

පෞද්ගලික විස්තර ටිකක් කිව්වොත්?

මම ගම්පහ. පවුලෙ ඉන්නෙ මායි අම්මයි තාත්තයි. ඒ ඇති නේද?

 

ඉදිරි බලාපොරොත්තු?

නිරූපණය තුළ හොඳ ගමනක් යන්න හිතාගෙන ඉන්නවා. මගේම ඇකඩමි එකක් පටන් ගන්නත් ආසයි.

 

රජිත

සේයාරූ - සුමුදු හේවාපතිරණ

 

DESHAYA

 

2016-05-27-ent-29
2016-05-27-ent-27
2016-05-27-ent-26
2016-05-27-ent-23
2016-05-27-ent-24
 



අදහස් (0)

දිල්ෂා විවාහකද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 125 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 400 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site