හර්ෂ උඩකන්දගේ "උලත් එකයි පිළත්" එකයි චිත්‍රපටය තුළින් පසුගිය කාලයේ කතා බහට ලක්ව සිටි ජනප්‍රිය ටෙලි නාට්‍ය හා සිනමා නිළි මේ දිනවල අලුත්ම ටෙලි චරිතයක් තුළින් රසික ඔබ හමුවේ. ඒ හිරු රූපවාහිනි නාළිකාවේ සෑම සති අන්තයකම විකාශය වන "මහරජ ගැමුණු" ටෙලි නාට්‍යයේ "කළු මැණිකා" ලෙසිනි. එම චරිතයට ඉමහත් රසික ප්‍රතිචාර ලැබෙන බව පවසන දිල්ශානි පෙරේරා ඒ පිළිබඳව "සාරවිට" අපිට මෙසේ තොරතුරු පවසා සිටියා."ගැමුණු මහරජ" කියන ටෙලි නාට්‍යයේ "කළුමැණිකා" කියන චරිතය මට විශේෂ එකක්. දැනට මම ටෙලි නාට්‍ය කිහිපයකම රඟපාලා තියෙනවා.
නමුත්, මේ ටෙලි නාට්‍ය චරිතයට මම ගොඩක් මහන්සි වුණා. මෙහි සමරක් දර්ශන වල මම අංගම්පොර සටන්වල පවා නිරත වෙනවා. අද වනවිට ලැබෙන රසික ප්‍රතිචාර මත මේ චරිතයට වෙච්ච මහන්සිය අපතේ ගිහින් නැහැ කියලා හිතෙනවා. "උලත් එකයි පිළත් එකයි" චිත්‍රපටයට පස්සේ මා රඟපාපු තවත් චිත්‍රපටයක් ලබන වසරේ තිරගත වෙන්න නියමිත වෙලා තියෙනවා. ඊට අමතරව ටෙලි හා චිත්‍රපට කිහිපයකටත් මේ දිනවල ආරාධනා ලැබී තියෙනවා සහභාගී වෙන්න.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd