"මෑෂප්" කියන සංකල්පය අපේ රටට අලුත් දෙයක් නොවුණත්, දිල්ශාන් උමයංග කියන්නෙඒ සංකල්පය තුළින් විශාල වෙනස් කරපු කෙනෙක්. දක්ෂ බටනළා වාදකයෙකු මෙන්ම වෙනස් සංගීත රසයක් ඇති තරුණයෙකු වන ඔහු නවතම ගීතයක් එළිදැක්වීමට සූදානම්ව සිටියා. නමුත් පහුගිය කාලයේ ඇති වූ ගංවතුර අපදාව හේතුවෙන් ඔහුගේ ගීතය එළිදැක්වීමකල්දමා ඇති බවයි ආරංචිය.
ඒ පිළිබඳව ඔහු තම ෆේස්බුක් ගිණුමේ මෙසේ සටහන් කර තිබුණා. "ගොඩක් අය අහනවා අලුත් වැඩේ කෝ කියලා... සමාවෙන්න... ආසාවෙන් වැඩ ඉවර වෙද්දී ගං වතුරක් ඇවිත් සේමට යට කරගෙන ගියා... මහ කඳුවලට යට වෙලා අපේම අය දුක් විඳින වෙලාවක සින්දු කියලා ජොලි දාන්න මානසිකත්වයක් අපට තිබුණෙ නෑ... බොහොම ළඟදීම අලුත් වැඩේ බලමු... සමාවෙන්න සහ ස්තුතියි."
ඩිලාන් ක්‍රිෂාන්ත




COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.