කාශ්මීරයේ පිහිටි ඉන්දු - පාකිස්තාන දේශ සීමාවේ ඇතිවී තිබෙන යුද උණුසුම හේතුවෙන් ජම්මු කාශ්මීරය, පන්ජාබ් සහ හිමාචල් යන ප්‍රදේශවලට අයත් ගුවන් තොටුපළ අටක් වසා දැමීමට ඉන්දීය රජය පියවර ගෙන තිබිණි.
නමුත් ඊට පැය කිහිපයකට පමණ පසු ඉන් ගුවන්තොටුපළ කිහිපයක ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට නව දිල්ලි බලධාරීන් තීරණය කර තිබේ.
අම්රිත්සාර්, ජම්මු, ශ්‍රී නගර්, ලේ, කුල්ලු මනාලී, කන්ග්රා, ශිම්ලා සහ පතන්කොට් යන ගුවන් තොටුපළ වසා දමා තිබිණි.
පාකිස්තානයෙන් ගුවන් ප්‍රහාර ඇතිවුවහොත් ඊට මුහුණ දීම සඳහා ගුවන් කලාපය නිදහස් කරගැනීමේ අපේක්ෂාවෙන් මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.
මාස තුනක පමණ කාලයක් ගුවන් තොටුපළ වසා දමන බව බලධාරීන් පැවසූවත් පවත්නා දේශපාලන තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම කාල පරාසවල වෙනසක් සිදුවනු ඇති බව ද ආරංචි මාර්ග පවසයි.
(එන්.ඩී.ටී.වී. ඇසුරිනි)
16844

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඉන්දියාවේ මෝඩ දේශපාලකයන් නිසා ත්රස්තවාදීන්ගේ අරමුණ හිතුවටත් වැඩිය සාර්ථක වුණා. මේ ප්රශ්නය දෙරට අතර සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නේ නැතුව ඔක්කොම අනාගන්නවා.