ටිබෙටයේ ආධ්‍යාත්මික නායක දලයි ලාමා තුමන්ට සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි ශ්‍රී ලංකා මහා බෝධි සමාගමේ සභාපති බානගල උපතිස්ස හිමියෝ ඇරියුම් කළහ.
ඉන්දු - ශ්‍රී ලංකා බෞද්ධ භික්ෂූන් අතර නවදිල්ලි නුවර පැවති හමුවකදී මෙම ආරාධනය කර ඇතැයි නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත් වාර්තා කරයි.
ආරාධනය පිළිගනිමින් එතුමා පවසා ඇත්තේ ශ්‍රී දළඳා මාළිගය සහ ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීම ද ප්‍රාර්ථනය බවයි. නමුත් ඉන්දීය මාධ්‍ය පවසනුයේ දලයි ලාමා තුමා ශ්‍රී ලංකාවට පැමිණියහොත් එය ඉන්දු - චීන සබඳතාවලට බලපානු ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගේවත් උවමනා එපාකම් නිසා අපි වැඩකලයුතු නැහැ නේද? තීරණ ගැනීමට කලින් ඒවා කොතෙක් දුරට රටේ යහපතට බලපානවද නැද්ද කියලනේ අපි බැලිය යුත්තේ. (ත)
දලයි ලාමා නම් අපේ රටට නොආවාට කමක් නැහැ. හරියට නොහොයා නොබලා නොකළ වැරදි වලට අපේ රටට පලච්චි කරපු පුද්ගලයා. බුදුහාමුදුරුවෝ උන්වහන්සේගේ පිරිනිවනෙන් පසු නායකත්වය ගැනීමට පුද්ගලයකු පත් නොකර ධර්මයම ගුරු තන්හි ලා සලකන්නැයි වදාලේ ඇයිදැයි මෙවැනි පුද්ගලයන්ගේ හැසිරීම් දකිද්දි මනාව වැටහෙයි. (ත)
ලංකාවේ යුද්ධය දිනන්න උදවුකලේ චීනය. දැන් කවුරුත් නිදහසේ වන්දනාවේ යන්නේ ඒහේතුව නිසා. ඉන්දියාව වචනයකින්වත් උදවු කළේ නැහැ. මුල අමතක කර කටයුතු කිරීමෙන් ලංකාව අමාරුවේ වැටෙනවා. (ත)
ජාත්‍යන්තර සම්බන්ධතාවයන්හිදී අපිට වටින්නේ චීනයයි. චීනය තරහ කරගැනීම එතරම් සුදුසු නොවන බවයි මගේ නම් හැඟීම. (නි)
ඉතාම වටිනා ආරාධනාවක්. මම හිතනවා දලයි ලාමාතුමාට අපේ රටට එන්න ලැබේවි කියලා (නි)
ලෝක ආගමික නායකයෙක් වන දලෙයි ලාමා තුමා දේශපාලනික ආරාධනාවකින් නොව ආගමික අැරයුමකින් පැමිණෙන නිසා ජාත්‍යන්තර දේශපාලනයට එය බල නොපානු ඇත. සෑම වසරකම වාගේ අමෙරිකාවට එන එතුමා දේශපාලන ප්‍රභුන්ද හමුවී විශ්ව විද්‍යාල දේශන පවත්වයි. (නදී)
දේශපාලනයෙන් තොරව කරන ඇරයුමක් නිසා ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.(ම)
මේ හිමිත් දේශපාලනයට සම්බන්ධයි. පසුගිය දිනක කරුණු නොදැන ලංකාවටත් වැරදි කතාවක් කිවා. (ම)
දලයි ළමා තුමා චීනයට එරෙහි අයගේ හිතවතෙක් නේද -පොර්ට් සිටියට අඩන ඇහැට ඇගිල්ලෙන් අනින එක හොදද ? (ම)
දලයෙි ලාමා මේ වෙලාවේ නොපැමිනෙනවානම් වඩා හොඳයි චීනය අපට හුගක් වැදගත් (බ)
අපේ රටේ තියන බෞද්ධ සිද්ධස්ථාන වඳින්න ඕන කෙනෙක්ට එන්න පුළුවන්. ඒක චීනය ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ. (බ)