2016-12-15-ent-127

බොලිවුඩයේ ශෝකාන්ත රජු ලෙස අභිෂේක ලත් දිලිප් කුමාර් සිය 94 වැනි උපන් දිනය සැමරුවේ දෙසැම්බර් 11 දාය. දශක කිහිපයකට පෙර බොලිවුඞ් සිනමාවේ වැජඹුණු සුපිරිතම නළුවා ඔහුය. සත්තකින්ම ඔහු පුරාවෘත්තයකි. ආන් දාග්, මධුමතී, පාටිගාම්, ලීඩර්, රාම් ඕර් ශ්‍යාම් චිත‍්‍රපටිවල ඔහු ඉදිරිපත් කළ රංගනයන් අදටත් රසිකයන්ට මතක තිබේ. දේව්දාස්, ගංගා ජමුනා, මුගල් ඒ අසාම් වැනි ශෝකාන්ත චිත‍්‍රපටිවල ඔහු රඟ පෑ අසහාය විලාසය නිසාම ඔහු ශෝකාන්ත රජු බවට පත්වූයේය.

පසුගිය දිනවල සෞඛ්‍ය තත්ත්වය දුර්වල වීම නිසා ඔහුට වරින්වර රෝහල්ගත වෙන්නට සිදුවිය. උපන් දිනයට දින හතරකට පෙර ඔහු ලීලාවතී රෝහලට ඇතුළත් කරන ලද්දේ වම් කකුලේ වේදනාවක් සහ ඉදිමුමක් ඇති වූ නිසා බැව් ඔහුගේ බිරිඳ සයිරා බානු පවසයි.

එක් යුගයක සිනමාවේ මුල් පෙළේ වැජඹුණ නිළියක් වූ ඇය සිය සැමියා පිළිබඳව බෙහෙවින් සැළකිලිමත් වන බිරිඳකි. ඔහුට හෙම්බිරිස්සාවක්, කැස්සක් වැළඳුණත් ඇය කලබල වන්නීය.

ඉන්දියානු පුරවැසියෙකුට ලැබිය හැකි දෙවන ඉහළ ගෞරව සම්මානය වන පද්ම විභූෂන් සම්මානයෙන් දිලිප් කුමාර් පිදුම් ලද්දේ 2015 දීය.

 

2016-12-15-ent-125
2016-12-15-ent-126
2016-12-15-ent-128
2016-12-15-ent-130
2016-12-15-ent-129