IMG-LOGO

2025 මැයි මස 29 වන බ්‍රහස්පතින්දා


දෙල්ගොඩ හිටපු බැංකු කලමනාකරු අල්ලන්න වරෙන්තු

 ව්‍යාජ රන් බඩු අධි තක්සේරු කර උකස් ගත්තැයි බියගම දෙල්ගොඩ රාජ්‍ය බැංකුවක හිටපු කලමනාකරු ඩබ්ලිව් ඊ විජේසිංහ ශ්‍රී ලංකාවේ සිටීනම් රටින් පිටවීම තැත්කරන විට හෝ ශ්‍රී ලංකාවට එන විට හෝ අත්අඩංගුවට ගන්නැයි මහර මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය අද වරෙන්තු කළාය.

2010 සිට 2013 දක්වා කාලයේ දී බැංකුවේ රන් බඩු උකස් අංශයේ රුපියල් දොළොස් කෝටියකට ආසන්න රන් බඩු වංචා කළැයි රහස් පොලිසිය අධිකරණ හමුවේ කියා සිටියේය.

 



අදහස් (0)

දෙල්ගොඩ හිටපු බැංකු කලමනාකරු අල්ලන්න වරෙන්තු

කුමාර Wednesday, 02 July 2014 10:05 AM

හොරා නම් අපි දන්නවා. (ස)

:       0       0

කණිෂ්ක Tuesday, 01 July 2014 08:27 PM

ඡායාරූපයක් ප්‍රසිද්ධ කර දුටු තැන අල්ලනු තත්ත්වයට පත් කරන්නයි තියෙන්නේ. එහෙම නැතුව මෙහෙම හොරු අල්ලන්න බැහැ. අඩු වශයෙන් මහජනයාගෙන් වැදගත් තොරතුරු වුණත් ඡායාරූප පළ කළොත් ලැබෙන්න පුළුවන්. (නි)

:       0       0

ලාල් Wednesday, 02 July 2014 10:33 AM

කලකිරෙනවා මේවා දැක්කාම (දී)

:       0       0

මහීපාල Wednesday, 02 July 2014 12:28 AM

පුදුමාකාර ගැහිල්ලක්නේ? කෝටි දොළහක්! (නි)

:       0       0

ජයන්ත Wednesday, 02 July 2014 04:29 AM

මේ දේවල් දකිනකොට හිනාත් යනවා. සමහරු දොස් කියනවා නිදහස් අධ්‍යාපනය ලබා මිනිසුන් පිටරට පදිංචි වෙනවා කියලා. මේ ඉන්නේ මෙහෙ රටට සේවය කළ කෙනෙක්. තව ඉන්නවා. මේ විදියට ලංකාවේ ජීවත්වෙන උදවියට වඩා නම්බු නැද්ද කාටවත් බරක් නොවී නීත්‍යානුකුල සුළු රැකියාවක් කරගෙන පිටරටක හරි ජීවත්වෙන එක? (නි)

:       0       0

කාවිඳු Wednesday, 02 July 2014 01:38 PM

බැරිද ජෝතිශ්‍යයෙ පිහිට වත් පතන්න ? එතකොට මෙයා ඉන්න තැන පෙන්නුම් කරාවි නේ ! ඒක ලේසියෙන්ම කරන්න පුළුවන් . එහෙම නේද ? (දී)

:       0       0

සත්‍යා Wednesday, 02 July 2014 05:57 AM

වරෙන්තු නිකුත් කරලා විතරක් මදි, අල්ලන්නත් ඕනෑ (නි)

:       0       0

ෂෙරිෆ් Wednesday, 02 July 2014 06:17 AM

වර්තමානයේ තවත් සක්විති කෙනෙක් බිහිවූ වගයි... (නි)

:       0       0

ජනනි Wednesday, 02 July 2014 06:17 AM

පුද්ගලික බැංකු වල නම්, ක්‍රමානුකුලව කෙරෙන විගණන කටයුතු, කලින් නොදන්වාම හදිසියේ සිදුකරන පරීක්ෂණ කටයුතු ආදිය නිසා මෙවැනි දේවල් වලට තිබෙන අවකාශය සාපේක්ෂව අඩුයි. අනෙක පුද්ගලික බැංකු වල දේශපාලන බලපෑම් නැහැ. එම නිසා අවශ්‍ය පරීක්ෂණ විගණන නිලධාරීන්ට කාර්යක්ෂම අයුරින් අපක්ෂපාතීව රාජකාරිය කරන්න හැකියි. (නි)

:       0       0

සම්පත් Tuesday, 01 July 2014 04:48 PM

මේ තරම් හරියක් කරනතුරු බැංකුවේ අය මොකද කළේ? අපේ බැංකු ණය ගෙවන්න දවසක් ප්‍රමාද වෙනකොට හතර වටේටම කතාකරනවා, ලියුම් යවනවා (නි)

:       0       0

ටිරෝන් Tuesday, 01 July 2014 05:22 PM

වැඩේ දෙල් වෙලා වගෙයි (නි)

:       0       0

වසන්ත Wednesday, 02 July 2014 07:58 AM

හෙට අනිද්දා වෙනකොට අම්මා තාත්තාවත් විශ්වාස කරන්න බැරි වෙන තත්ත්වයක් එන්නේ, මෙහෙම ගියොත්. රටකට වෙච්ච දෙයක්! (නි)

:       0       0

ජානක Tuesday, 01 July 2014 05:43 PM

තනතුර තුට්ටුවකටවත් මායිම් කරන්නේ නැහැ වංචා කරන කොට (දී)

:       0       0

විමල් Tuesday, 01 July 2014 05:54 PM

අපෙ රටේ තියෙන්නේ කොහෙන් හරි ගැහිලිම තමා. බැංකු කළමනා කරුට මෙච්චර අමාරුනම් රටේ සාමාන්‍ය මිනිසුන්ට මොන තරම් අවශ්‍යතා ඇත්ද. (දී)

:       0       0

ලුම්බිණි Tuesday, 01 July 2014 05:55 PM

බලනකොට හැමතැනම ඉන්නේ හොරුනේ (නි)

:       0       0

ලලිත් Wednesday, 02 July 2014 08:21 AM

තනිවම කළ වැඩක් වෙන්න නම් බැහැ (නි)

:       0       0

නිශේන් Tuesday, 01 July 2014 07:44 PM

මේක තනියම කරන්න නැහැ. උකස් තැබූ රත්තරන් බඩු බැංකුවේ විගණන නිලධාරියා අඩු වශයෙන් මසකට වරක්වත් පරික්ෂා කරනවා. පුද්ගලික බැංකු වල මෙය සතියකට වරක්වත් සිදු වෙනවා. මොහු නිලයේ බලතල යොදා , විගණනය කිරීම් සුක්ෂම ලෙස නැවැත්වූවාද? නැත්නම් තව කවුරුහරි හවුල් හොරෙක් ඇතුළෙම ඇති. (නි)

:       0       0

සත්‍යයා Tuesday, 01 July 2014 08:01 PM

මුළු රටම හොර ගුහාවක් වෙලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 58 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 212 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 557 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site