
(අතුල. පී. බණ්ඩාරනායක)
පුද්ගලික ආරවුලක් මත වටවන ප්‍රදේශයේ 79 හැවිරිදි කාන්තාවකට දෙල් ගෙඩියකින් හිසට පහරදි ඝාතනය කළැයි 25 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව මැල්සිරිපුර පොලිසිය පවසයි .
මෙසේ ඝාතනය කර ඇත්තේ මැල්සිරපුර වටවන ගමේ පදිංචිව සිටි එච්.සි.ඇසිලින් හැත්තෑ නමය හැවිරිදි සිව් දරු මවකි.
මරණය සම්බන්ධව පොලිසිය පැවැත්වූ මූලික පරීක්ෂණයේදී පවුල් දෙකක් අතර ඇතිවූ පුද්ගලික ආරවුලකදී සැකකාර තරුණයා කාන්තාවට අතේ තිබුණ දෙල්ගෙඩියකින් හිසට පාහර දී ඇති බවත් සීසුන්ව ඇද වැටුණු කාන්තාව රෝහල් ගත කරන විටත් මියගොස් සිටිය බව පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි පොලිසිය කියයි.
මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් හා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කර ඇති බවත් මරණයට සම්බන්ධ සැකකාර තරුණය අත්අඩංගුවට ගත් බවත් ඝාතනයට යොදා ගත් දෙල් ගෙඩිය පොලිසිය භාරයට ගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඝාතනයට යොදාගත් දෙල් ගෙඩිය පොලිසිය භාරයට ගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි.!
මෑණියනි ඔබතුමියට නිවන්සුව පතමු.. මෙවන් අකල් මරණයක් මින් මතු නොම වේවා...!
නඩුව අහලා අවසන් වෙනකොට නඩු භාණ්ඩය හොඳින්ම තියේවි...!
වැඩේ දෙල් කියන්නේ ඔන්න ඔහොම වෙලාවට තමයි.