(රංජන් කස්තුරි)
නුගේගොඩ දෙල්කඳ පිහිටි පර්චස් 100 කින් යුත් ඉඩමක සුඛෝපබෝභී මහල් නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් සම ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා කීය.
එම ඉඩමේ සුඛෝපභෝගී නිවාස 70 ක් ඉදිකරන බවද රමේෂ් පතිරණ මහතා පැවැසීය.
රජයට වැයබරක් නොමැතිව පෙර විකුණුම් ක්‍රමවේදය ඔස්සේ එම මහල් නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවද පතිරණ මහතා පැවැසීය.
එය ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය යටතේ පවතින ඕෂන් වීව් ඩිවෙලොප්මන්ට සමාගමට අයත් ඉඩමක් බවද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියලා අතගහන්නේ කොමිස් කන්න පුළුවන් සැලසුම් වලටමයි... රට ගොඩගැනීම් පේනතෙක් මානයක නොමැත...
සුඛෝපභෝගී නිවාස හදන්නේ කට ගන්න පහසු වෙන්නද? අනිවාර්යයෙන් ඔය ගෙවල්වලින් භාගයක් යන්නේ සුදුරෙදි හොරුන් සහ ඔවුන්ගේ හෙංචයියන් අතට... අනිත් එක... දැන් මේකද අපිට තියෙන දැවෙන ප්‍රශ්නේ...? කොමිස් කුට්ටියක් ගහන්න වෙන විදිහක් හොයාගන්නම බැරි වුණාද?