කොටගල වැවිලි සමාගමට අයත් මවුන්ත් වර්නන් තේ වත්තේ තේ දලු නෙළන්නියක වන ශාන්ති කුමාරි (51) මැයි මාසයේ රුපියල් 57395.25 වාර්තාගත ආදායමක් උපයා ගත්තාය.
මැයි මාසයේදී ඇය තේ දලු කිලෝ 1899 ක් නෙළුවාය.තවත් නෙළන්නියන් රැසක් රුපියල් තිස්දාහ ඉක්මවා වැටුප් ලැබු බව වතු අධිකාරී අර්ජුන මැදගම මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මන්ත්‍රීතුමන්ලා පඩි වැඩිකරලා ඉල්ලයිද දන්නෙ නැහැ. මොකද එයාලගේ පඩිය දළු නෙලන්නියකට සමානයි කියලා. (නි)
රුවන් යොදාගත් වචන සුදුසු නැතත් ඔහුගේ අදහස මා අනුමත කරනවා. අද බොහෝ කාන්තාවන් ඉතාම අඩු වැටුපකට මෙහෙකාර වැඩ සදහා තම දු දරුවන් සැමියන් ලංකාවේ තනිකර විදේශගත වී විවිධ අතවර වලට ලක් වෙනවා. එවැනි අයට මෙම දිරිය කාන්තාව ආදර්ශයට ගෙන දේශීයව යම් කටයුත්තක නිරත වීමට හැකිනම් ඉතා වටිනවා. (නි)
අනේ කසිකබල් මන්ත්‍රී ලට මහන්සි වෙලා වැඩ කරන මිනිසුන් සමාන කරන්න එපා. දාඩිය මහන්සියෙන් හොයන සල්ලි. ඔය ගානත් මදි. (දී)
ඇස්වහ කටවහ දුරුවේවා! ඇයට දියුණුවම සැළසේවා! (නි)
දවසකට දළු කිලෝ හැට ගණනක් කඩන එක ලේසි වැඩක් නෙවෙයි . මේ වැටුප ගන්න මෙය කොච්චර මහන්සි වෙන්න ඇද්ද. අම්මේ ඔබට යෝධ ශක්තිය , ධෛර්ය ලැබේව. දෙවි පිහිටයි . (දී)
දෙකොටසේම වැටුප් සමානයි. එහෙත් ක්‍රියා අසමානයි. මැය රටේ දියුණුව සඳහා ශ්‍රමය වැයකර රටේ දියුණුව සළසයි. එහෙත් බොහෝ දේශපාලකයන්....? කෙසේ වුවත් ඇයට යෝධ බල යෝධ ශක්තිය ලැබී තවත් රටට සේවය කිරීමට ලැබේවායි පතමි. (නි)
මේක සංසන්දනය කරන්න එපා. එහෙම උනොත් තේ දළු නෙලන්නියට අපහාසයක්. (ස)
තේ ගැන දන්නා අය මේ ගැන දන්නවා. හිතන්න, දවසට තේ කිලෝ 64 ක් කඩනවා කියන්නේ කොහොම දෙයක්ද? ඒකත් දවස් 30 ම වැඩ කරලා. හැබැයි එකක් පිළිගන්නවා, රට රස්සාවට ගිහින් වෙන මහන්සියත් මේ තරම්ම තමයි (නි)
සෙහාන් මම කිවේ රැකියාවන් අතර තියෙන වැටුප් වෙනස නෙවෙයි. එකම රස්සාව කරන විවිධ ජාතීන්ට සලකන විදිහ. අර දාලා තිබුණු වචනයට මමත් කැමති නැහැ. නමුත් යථාර්තය එ්කයි. අපේ රටේ දවසට රුපියල් 1000 ක් දුන්නත් මනුස්සයෙක් ගෙන් වැඩක් ගන්න බැහැ. නමුත් ඒ මනුස්සය මෙහෙ ඇවිත් රුපියල් 500 ට පැය 10 ක් වැඩ කරනවා. (ස)
රුවන් වගේ අය ඉන්නේ ලංකාවේ. පිට රට මිනිස්සු රස්සාවල් වලින් මිනිස්සු මනින්නෙ නෑ.ඕන කෙනෙක් එක සමානයි. (ස)
පිටරට මිනිසුන් ලංකාවේ වගේ කරන රස්සා වල කුල මල හොයන්නේ නැහැ. මොන රස්සාව කළත් ඒ අය හැමෝම එකයි. හැමෝම සතුටින් ජීවිත ගෙවනවා (නි)
දළු ගොඩක් කඩන එක අගය කරන්න ඕනෑ. ඒත් නිෂ්පාදන වියදම ගැන කිසිකෙනෙක් කතා කරන්නේ නැහැනේ (නි)
රුවන්ගේ අදහස හරි. එකෙන් හැම රැකියාවක් ගැනම නෙවේ. එත් හුඟක් අය ගෘහ සේවිකාවන් ලෙස ගෙවල් දොරවල්, දරුවන්, ස්වාමි පුරුෂයන් දාල ගිහිල්ල පිටරට මිනිස්සුන්ට කඹුරලා, හම්බ කරන මුදලට වඩා තමන්ගේ රටට වෙලා, තමන්ගේ දරුවන්, ස්වාමි පුරුෂය එහෙම බලාගෙන ලබන වැටුප ගොඩක් වටිනවා. දරුවන්ට අම්මෙක් ඉන්න එක ගොඩක් වටිනවා. (දී)
ඔබේ දෑතට දෙවි පිටයි.තව තවත් ශක්තිය ලැබේවා ජීවිතේ ජය ගන්න. (දී)
රු. 57000ක් හොයන්න ඇය කොතරම් දහදියක් හෙලන්න ඇතිද ? එත් අපේ මැති ඇමති වරු ........? (ස)
මවුන්ට් වර්නන් තේ වත්ත. (ස)
සමන්, ඔබගේ අදහස බොහෝදුරට හරි. ඒත් අපේ මිනිසුන්ට රැකියා හරියට නැතිකම නිසා තමයි ඒ තත්ත්වයට වැටිලා තියෙන්නේ. අපේ මිනිසුන් බොහොමයක් මහන්සි වෙලා වැඩ කරන්න කැමති අය. ඒත් කෝ රැකියා? (නි)
රුවන්, නිකන් මෙතන සෝබනේ පෙන්වන්න හදන්න එපා. පුලුවන් නම්, ඔබ කරන රැකියාවයි වැටුපයි මෙහි පළකරන්න. (නි)
මැදපෙරදිග රුපියල්30000ක් ගන්න දවසකට පැය16ක් වැඩ කරන්න ඕනේ. කිසිම නිවාඩුවක් නැහැ.අසනීප උනත් වැඩ.මෙහෙම මහන්සි වෙලා වැඩකරනවා නම් ලංකාවේ ඉඳලම ගාමන්ට් එකක,තේ දළු නෙලලා රුපියල් 75000ක් පමණ ලබාගන්න පුළුවන්.තවද පිටරට සේවයේ සිටින අයගෙන් 80%ක් පවුල් ජීවිතය අවුල්. (ස)
රුවන්, සමන්, මේ ඉතාමත් දුර්ලභ අවස්ථාවක් විතරයි. මෙවන් එක් උදාහරණයකින් හැම කෙනෙකුගේම වේතනය ගැන නිර්ණය කිරීමේ හැකියාවක් තිබේද? අපි රට ඇවිල්ලා ඉන්නේ අපි ඉගෙනගත් කර්මාන්තයෙන් ලැබිය යුතු වේතනය නොලැබෙන නිසයි. අනික මේ කතා කරන්නේ තේ දළු නෙලීම ගැනයි. ඒක එම තැනැත්තිය ප්‍රගුණ කරන ලද රැකියාවයි. (නි)
අසරණ මන්ත්‍රීවරුන්ගේ පඩිය වහා වැඩිකරමු! (නි)
කාන්තාවන් මොන දුකක් විඳලා හරි කීයක්හරි හොයාගෙන කාපු ලංකාවේ තිබුන ඇඟලුම් කම්හල් ටිකෙනුත් වැඩි ගණනක් දැන් වැහිලා ඉවරයි (නි)
දහදිය මහන්සියෙන් හම්බරකපු එකේ මන්ත්‍රී නිකන් ඉඳල හම්බ කරපු එකෙයි වෙනස? කාට කියන්ද මේවා. (දී)
රුවන්ගේ කතාව හරි. නමුත් ගෘහ සේවිකාවකට 30000 ක වැටුපක් ලබාගන්න ගොඩාක් අමාරුයි. බොහෝ දෙනෙක් රට යන්නේ තැරැව්කාරයන්ට රැවටිලා. (නි)
ඇයට එතකොට තේ කිලෝවකට කීයක් ගෙවලද? (නි)
කොච්චර ආදර්ශවත් කාන්තාවක්ද? (නි)
සෙහාන් කියන කතාව සමහරවිට යුරෝපයට තරමක් දුරට හරි වෙන්න පුළුවන්. නමුත් මැද පෙරදිග සහ අනෙකුත් රටවල එහෙම නැහැ. සාමාන්‍ය සේවයට වැඩිම පඩි ලබන්නේ යුරෝපීය හා ඇමෙරිකානු ජාතිකයන්, ඊළඟට අරාබි ජාතිකයන්, ඊළඟට ආසියාතිකයන්. ඊටත් පස්සේ තමයි දකුණු ආසියාතිකයන්. ශ්‍රී ලාංකික අපිට බොහෝවිට ලැබෙන්නේ දකුණු ආසියාතිකයින්ගෙනුත් අඩුම වැටුප. (නි)
රුවන් දන්නේ නැත්නම් දැනගන්න, ඔය කියන රැකියා කරන්න කාන්තාවන් පිටරට යන්නේ අපේ රටේ 'හොඳකම' නිසා තමයි. (නි)
ඔබට අපෙන් සුභ පැතුම්! (නි)
මොන සමාන කමක්ද ඇමතිලා හම්බ කරනවා ඔය ගාන මිනිත්තුවට මේ අහිංසක කාන්තාව මොන තරම් නම් දහදිය හෙලන්න ඇතිද? මගේ උපහාරය. (ස)
කොහොමද වැඩ? ඔයාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
ඒ වගේද මන්ත්‍රීතුමාලා ඉන්නේ අපි වෙනුවෙන් ජීවිතයම කැප කරලානේ නේද? කොච්චර ආදර්ශවත්ද ඒක? (නි)
මැද පෙරදිග ඉන්න අපේ අක්කලා නංගිලා මේ රස්සාව කරලා මේ ශාන්ති කුමාරි වගේ වැටුපක් ගන්න නම් අවුරුදු ගණනක තේ දළු නෙළන පලපුරුද්දක් ඕනෑ වෙනවා. (නි)
ඩුබායි තිලක්ට ඩුබායිවල ඉන්නකම් ඕක කියල දුන්න කියල වැඩක් නැහැ..එන්න ලංකාවට..බහින්න දේශපාලනේට මොන දහිරිය දාල හරි මන්ත්‍රී කෙනෙක් වෙලා බලන්න..එතකොට තේරේවි හම්බ කලේ හම්බ කරන්නේ කොහොමද කියල..? හැබැයි ඉතින් ඔය කෝටි දෙකහමාරක් විතර වෙන මේ රටේ මිනිස්සුන්ගෙන් ඔය දෙසිය ගානට රිංගන්න ඉතින් පෙර කල පිනුත් තියෙන්න ඕන..ඕවට ඉරිසියා කරලා වැඩක් නැහැ තිලක් මහත්තයෝ...ලබන ආත්මෙවත් මන්ත්‍රී කෙනෙක් වෙන්න ඔය ඉරිසියාව කුහක කම ක්‍රෝධය වගේ නුහු ගුණ මග ඇර ගෙන දැන් ඉඳල පුළුවන් තරම් පින් දහම් කරන්න,..(ස)
නිකන් කාලය කමින් ජීවත්වීමට බලාගෙන ඉන්නා අයට ආදර්ශයකි. ඔබට දීර්ඝායු වේවා! පළකිරීම ගැන ලංකාදීපයට තුති! (නි)
57,395.25 / 1,899 = 30.22 දළු කිලෝ එකකට රුපියල් 30.22 දෙනව කිව්වම ටිකක් පුදුමත් හිතෙනවා. (ස)
ශ්‍රම බලකායට නව ජවයක් (දී)
මම මේ බැලුවේ කවුද මේ රසවත් කතාව ලියලා තියෙන්නේ කියලා. අපේ මේ රන්ජිත් රාජපක්ෂ මහත්මයනේ. මෙතුමාත් සැබෑ දක්ෂයෙක්. (නි)
පිටරට රැකියා වලට අපේ අක්කලා නංගිලා නොගියොත් කොහොමද රටට විදෙස් විනිමය ලැබෙන්නේ? ඔබට දිනෙන් දින ජයෙන් ජය! (නි)
දලු නෙළන්නිය සොර සතුරන්ගෙන් ආරක්ෂා වුණොත් හොඳයි (නි)
මේ මිනිසුන් කොච්චර මහන්සි වෙලාද ඔය ගාන හොයාගන්නේ?ඒකට මන්ත්‍රීලා... (නි)
මේ රටේ තේ දලු කඩන සේවකයින්ගේ දිනක වැටුප වැඩිකරන්න ඕනෑ (නි)
බලාගෙන! අපේ මන්ත්‍රීතුමන්ලා වැල නොකැඩී ඔය පැත්තට එයි. (නි)
මේ මුදල්වල වටිනාකමක් තිබෙනවා. (නි)
නුවන්, ඔබේ අදහසට බොහොම ස්තුතියි.ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියන්නේ නිකන්ද? (නි)
රන් දහදිය බින්දු බින්දු.. ඉසුරු සුවඳ රැන්ඳු රැන්ඳු... රටේ අපනයන ආදායමට අතදෙමින් තමන්ගේ දරු පවුල සුරකින මේ දිරිය මාතාවට මගේ උපහාරය! (නි)
ලංකාව වැඩිම විදේශ විනිමයක් උපයාගන්නේ අපේ මැදපෙරදිග කාන්තාවන්ගෙනුයි. මේ අම්මා තම දරු පැටවුන් දමා රට නොගොස් ලංකාවේ කාන්තාවන්ට ආදර්ශයක් දී තිබේ.දිරිය කාන්තා සම්මානයක් මැයට දීම වටී (නි)
දලු නෙළන අය විඳින දුක බොහොම කටුකයි.මැද පෙරදිග ගෘහ සේවිකාවන් ලෙස යන අයත් ඒ හා සමාන කටුක ජීවිත ගෙවනවා. එහෙ ඉන්න අයට වන දුක් කරදර,අසාධාරන , ගැන අපි සොයා බලන්න ඕනෑ. මැති, ඇමති, මන්ත්‍රී, ලේකම්ලා සොයා බැලිය යුත්තේ මෙවැනි දේවල්.නොවෙන්නෙත් ඒවාම තමයි (නි)
දැන් ඉතින් ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ ඊළඟ ඡන්දෙට ආධාර එකතු කරන බලවතුන් මේ කාන්තාවගේ පසුපස ලුහුබැඳ යාවිද කියලයි මට බය (නි)
අනේ! මන්ත්‍රී වැටුප වැඩි කරන්න. එයාලා කොච්චර මහන්සි වෙනවද? (නි)
අදහස් සියල්ල කියෙව්වා. සමහර අදහස් වලට හිනහත් යනවා. ඔයගොල්ලෝ හිතන්නේ තේ දලු කඩන එක හැමෝටම කරන්න පුළුවන් කියලද? ඒකටත් කාලයක් පුරුදු වෙන්න ඕනෑ. අනෙක තේ දලු කඩන අම්මලා මොනතරම් දුකක් විඳිනවද? ඒ වගේම මැදපෙරදිග යන අපේ අක්කලා නංගිලාත් ගොඩක් දුක් විඳිනවා. අසෝකා, ඔබ හරි. (නි)
ආදර්ශයට ගන්නවා නම් මෙන්න චරිත (නි)
අපිත් යමුද දලු කඩන්න? (නි)
අපි ණයගැති වෙමු සුකුමල දෑතට තේ දළු නෙළන ලඳේ....(ස)
මම නම් අපේ කාන්තාවන් මැදපෙරදිග යන එක ගැන බොහොම අකමැති ........විශේෂයෙන්ම ගෘහ සේවිකාවන් ...මම ජනාෙධිපති තුමා නම් මෙය වහාම නවත්වනවා ........(ස)
රුවන් ඔයාගේ දුව හෝ නෝනා හරි යවන්නකෝ දළු නෙලන්න, පිටරට ඔය කියන ජාතියේ ජරා රස්සාවලට යන්න වෙලා තියෙන්නේ අපේ රටේ පාලකයන්ගේ වැරැද්දකට මිසක් මිනිස්සුන්ගේ වැරැද්දකට නෙවේ,මහන්සි වෙලා උපයගත්තු මුදලට වාසනාවන්ත අනාගතයක් යහපතක්ම වෙන්න ප්‍රර්ථනා කරනවා මම, (ස)
මට නම් විශ්වාස කරන්නත් අමාරුයි (නි)
දැන් පේනවද අපේ රටේ මන්ත්‍රීවරු කොච්චර අඩු වැටුපක්ද ලබන්නේ කියල, අනේ පවු. (ස)
පෝසත් වෙන්න සිහින මවාගෙන පුටු වලට වෙලා ඉන්න අයට මේක හොඳ ආදර්ශයක්. අතේ ඉන්න කුරුල්ලා ගේ වටිනාකම දන්නා කාන්තාවක්. (ස)
මන්ත්‍රීල සල්ලි හම්බ කරන්නෙ දාඩිය මහන්සිය නැතිව. මේ දුප්පත් මිනිස්සු සල්ලි හම්බ කරන්නෙ දාඩිය මහන්සියෙන්, රොටී කාල. (ස)
අනේ වැඩිය උලුප්පන්න එපා .ඔහොම ඉඳල තමා කට්ටියක් අවරුදු තිස්ගානක් යුද්ධ කලේ. (ස)
තව කොච්චර කල් කරන්නද? මන්ත්‍රීලට වගේ විශ්‍රාම වැටුප් ලැබෙනවද. (ස)
වැඩ නොකරන මිනිසා රටට දෙයාකාරයකින් හානි කරි.1,රටට වැඩක් නොකිරීමෙන් කරන හානිය,වැඩ කරන මිනිසා විවේචනය කිරීම. (ස)
තේ කුඩය පිටේ බැඳන් නුඹ එනවා කන්ද උඩින් හුඟ කාලෙකට පස්සේ දැක්කේ ලෙච්චමී....(ස)
පතිරණ, මම කිව්වේ වැටුප් ගැන නෙමෙයි. වැටුප් වෙනස් රැකියාවෙන් රැකියාවට. මම කිව්වේ සැලකිල්ල ගැන. කිසි කෙනෙක් කොන් කරන්නේ නැහැ කියල,ජරා රස්සා කියල කිව්ව හින්ද. (ස)
අනේ මන්ද අපේ කට්ටියගේ අදහස් දැක්කම මොනවා වෙලාද කියලත් හිතෙනවා? දළු සරුවට තියෙන්න ඇති. අනික එක මාසයක් මෙහෙම ලැබුණට හැමදාම එහෙම නැහැ. අසනීප උනොත්. වැස්සොත්,දරුවෙක් හරි ලෙඩ උනොත් ,මෙහෙම ලැබෙන්නේ නැහැ. සමහරු හිතන්නේ ඇයත් වායුසමීකරණය කාමරයක ඉදල සුපිරි රැකියාවක් කලා කියලද? වතුවල වැඩට ගන්නේ විශේෂයෙන් ඒ ලයිම් වල ඉන්න අය. ඊට අමතරව ටික දෙනෙක් පිටින් ගන්නවා ඇති. රට රැකියාවලටත් හුග දෙනෙක් යන්නේ දරුවන්ගේ බඩගින්න නිවන්න මිසක් අහස උසට මාළිගා හදන්න නෙමෙයි. (ස)
මේ අසරණ මිනිස්සුන්ගේ මුළු ජීවිතේම වැය වෙන්නේ තේ ගසුත් එක්ක. එත් මේ අසරණයන්ගේ අර්ථ සාදකෙත් දැන් සමහරු ගසා කනවා. මොන අපරාදයක්ද. (අ)
මේ අහිංසකයන් ඔය වැටුප ගන්න පමණටත් වඩා වැඩකරනවා (නි)
බලන්න කොච්චර දක්ෂ අය අපේ රටේ ඉන්නවාද කියලා? (නි)
ගැහැණු රට යන්නේ මිනිසුන් රැකියා නොකරන නිසා.ගත් ණය ගෙවාගන්න විදිහක් නැති නිසා.නැතුව සතුටු වෙන්න නොවේ.ඒ තේ දලු නෙලන කෙනත් එච්චර වැටුපක් අරගෙන තියෙන්නේ එයාගේ වත්තකින් නොවෙයි. (නි)
අනේ මමත් යනවා තේ දලු නෙළන්න. එතකොට ඔය පඩියම ගන්න මන්ත්‍රීලා වගේ මටත් පුළුවන්. අවුරුද්දකින් තට්ටු දෙකේ ගේකුත් හදලා ප්‍රාඩෝ එකකුත් ගන්නවා. (නි)
දිරිය මවක්. ඔබට දියුණුවේ රන් දොරටු විවර වේවා! (නි)
දෙයියනේ! එක මාසයකට මෙච්චර තේ දලු නෙළනවා නම් මේ අම්මාට කොතරම් ශක්තියක් ඇද්ද? ගිනස් වාර්තාවකට යන්න වුණත් පුළුවන් මම හිතන්නේ. (නි)
හරිම සන්තෝෂයි. උත්සාහය ඇතොත් කළ නොහැක්කක් නොමැත.ඇයට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)
ඇයගේ ආදායම සෑම මාසයකම මේ විදියට ලැබෙන්නේ නැහැ.මන්ත්‍රී වැටුප කොහොමත් ලබනවානේ ඉතින්. (නි)
ආදායම් බදු ගෙවන්න වෙයිද? නැත්නම් මන්ත්‍රීලත් තේ දලු කඩයිද දන්නෙ නැහැ දැන්? (නි)
මන්ත්‍රී වැටුප මෙපමණක් වේ නම් මේ අවරුදු කිහිපය ඇතුළතදී කෝටි 10-15 වටිනා නිවාස දෙක තුනක්, කෝටි 3-4 ක් වටිනා යාන වාහන 5-6 ක්,අනෙකුත් සැපසම්පත් ගන්න සමහරුන්ට පුලුවන් වුණේ කොහොමද? අනේ! ඒ ක්‍රමය මටත් කියලා දෙන්නකෝ. (නි)
කොපමණ දක්ෂ, උත්සාහවන්ත කාන්තාවක්ද? (නි)
ලේසි වෙන්නෙ නෑ. අදායම් බදු ගෙවන්න වෙයි ? (ස)
හොඳ වැඩක්. අපි මන්ත්‍රීවරුන්ට දලු නෙළන්නියන්ගේ වැටුප දෙමුද? (නි)
වැටුප සමාන උනාට මහන්සියේ තියන අසමානකම ?.(දිල්)
දැන් මන්ත්‍රීවරුන් උද්ඝෝෂණය කරයිද දන්නෙ නැහැ වැටුප වැඩිකරන්න කියලා? (නි)
තමගේ සහ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වෙහෙසෙන දිරිය මවක් ඔබට සුබපැතුම්. (දිල්)
මන්ත්‍රීවරුන් දලු නෙළන්නවත් දැම්මා නම් අඩුම ගණනේ ඉන් රටට ප්‍රයෝජනයක් වෙනවා (නි)
බොහොම හොදයි,මහන්සි වෙන තරමට මුදල් ලබා දෙන එක ගැන සතුටුයි, කම්මැලියන්ට මේවා හොද පාඩමක් (දිල්)
මේ මිනිස්සුන්ට උදව් කලාට පව් නෑ.. හරිම සන්තෝසයි ...(ස)
පිටරට රුපියල් 25, 30,000ට ජරා රස්සා හොයාගෙන යන අයට හොඳ උපදේශයක්. අහන්නත් ආසයි. දාඩිය මහන්සියෙන් හොයන සතයෙත් වටිනාකම දන්නවා. තව තව දියුණු වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. (ස)
උත්සාහය ඇතොත් කළ නොහැක්කක් නොමැත (නි)
අනේ! දැන් ඉතින් කට්ටිය මෙයාගෙනුත් ආදායම් බදු එකතු කරන්න බැරි නැහැ (නි)
සේනක , මන්ත්‍රීවරු නෙමෙයි, වෙන වෙන කට්ටිය පඩි වැඩි කරන්න කියාවිද දන්නෙ නැහැ. (නි)
මේ මිනිස්සු මහන්සිවෙන තරමට මටනම් හිතෙන්නේ මේ වැටුපත් මදි කියලයි. (දී)
වැඩි පඩි ගන්න පිරට රස්සා හොයන ගැනුන්ට හොඳ ආදර්ශයක් . ඔබට සුබ පතුම් ....... (දී)
තේ දලු නෙළන්නියන්ට වැඩ ලැබෙන්නේ දලු තිබෙන විදිහට.ඒ නෙළන දලු වලිනුත් කොටසක් තෙත බරට ඉවත් කරනවා. (නි)
වැටුප එහෙම සමාන වුණාට, මහන්සිය සමාන කළ හැක්කේ කාටද? (නි)
මෙන්න තමන්ගේ මහන්සියෙන් උපයන මිනිස්සු. (නි)
ඇයට තවත් ශක්තිය ලැබෙන්න කියලප්‍රාර්ථනා කරමු (දී)
අනේ රුවන් මිනිස්සුන්ට සහ රස්සාවල් වලට අපහස කරන්න එපා. අපේ අහිංසක මිනිස්සු පිටරට යන්නේ ජරා රස්සාවල් හොයාගෙන නෙමේ. සමහර අය අසරණ වෙලා තියෙන බව ඇත්ත එත් එයාලට ගරහන එක වැරදි. අනිත් එක අපේ මිනිස්සු පිටරට ගිහිල්ල නිකන් ඉදන් සල්ලි හම්බ කරන්නේ නැහැ. එයාල බොහොම මන්සිවෙලා තමා හැම සතයක්ම උපයන්නේ. ඔබ ඔය අපහාස කරන්නේ අපේ රටේ ආර්ථිකයට වැඩිම දායකත්වයක් දෙන අයට බව අමතක කරන්න එපා. (දී)
මේ අයගේ මහන්සියත් ,කර්මාන්ත අයිතිකරුවන් හොයා ගන්න මුදලුත් බලද්දී මේ අයගේ පඩිය 50%කින් වැඩිකළ යුතුයි කදා ඇති තේ දළු ප්‍රමාණය බලන්ඩ මේ සේවිකාවට කී කාලයක් ඔය වේගෙන් වැඩ කල හැකිද? පඩිය වැඩි කරන්න (දී).
මැද පෙරදිග වහල් සේවයට යන අයට මේක හොඳ පුවතක් . කගේ කාගේත් නෙත් ඇරේවා. (දී)
ගාමිණී රුවන්ට නියම පිළිතුරක් දී තිබෙනවා (නි)
රුවන් අදහස් කළේ මොන රැකියා ගැනද? පොඩ්ඩක් පිටරටකට ගිහින් බලන්න.පිටරටක කවදාවත් රස්සාව නිසා පහත් කර සළකන්නේ නැහැ.කුණු අදින මිනිහත් එකයි දොස්තරත් එකයි (නි)
ඇයට මීට වැඩිය වැටුපක් දෙන්න වටිනවා. ඇය ගොඩක් මහන්සි වෙනවා (නි)
හරි ආස හිතෙන ප්‍රවෘත්තියක්! ඒත් අනේ මේ ධෛර්යවන්ත අම්මාගේ සිතට සහ දෑතට නොවටිනා කෙනෙකුගේ වැටුපක් ගැන කියා අපහාස කරන්න එපා. වැඩක් නොකර, වංචා කරමින් රට වනසන අයගේ වැටුප් ලැබීම සදාචාරයට විරුද්ධයි. (ස)
ඔවු.ඔවුන් මහන්සිවෙන තරමට තව වැඩියෙන් ගෙවුවත් කමක් නැහැ (නි)
මේ වගේ වැටුපක් ගන්න පුළුවන් හොඳට වැහැලා දළු තිබෙන මාසවල පමණයිනේ. සමහර මාසවල මෙයාලට වැඩ තියෙන්නේ සතියට දවස් තුනක් පමණක් වගේ. (නි)