ගංවතුරින් විපතට පත්වූ පාසල් දරුවන්ට අහිමි වූ පොත්පත් ඇතුළු පාසල් උපකරණ ලබා දීම සඳහා ෆේස්බුක් මිතුරන් හා දුම්රියේ මගීන්ගේ ගුඩ් ෆ්‍රෙන්ඩ් නමැති සංගමය එක්ව ‘‘දරුවන්ට යළි සිනහව කැන්දන දිනය 30දා“ යනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබයි. ඔවුන් ඉල්ලා සිටින්නේ ලබන 30 දා (සඳුදා) උදෑසන ශ්‍රී ලංකාව පුරා දුම්රියෙන් කොළඹ එන මගීන්ට හැකි පමණින් පාසල් උපකරණ ගෙනවිත් දෙන ලෙසයි. තමන්ට හැකි අයුරින් පොතක්, පෑනක්, පැන්සලක්, පාට පෙට්ටියක්, කවකටු පෙට්ටියක්, වතුර බෝතලයක්, පාසල් බෑගයක් හෝ තමන්ගේ ම දරුවන් කියවූ කතන්දර පොතක් මෙලෙස ගෙන එන ලෙස මෙම සමාජ සත්කාරය සංවිධානය කරන කණ්ඩායම ඉල්ලා සිටියි.
ඔවුන් පවසන්නේ දුම්රියෙන් කොළඹ එන මගීන් වැඩිම පිරිසක් බැස යන බම්බලපිටිය, කොල්ලුපිටිය, කොම්පඤ්ඤවීදිය, මහ ලේකම් කාර්යාලය, කොළඹ කොටුව, මරදාන හා දෙමටගොඩ දුම්රිය ස්ථානවල දී මේ පරිත්‍යාග එකතුකරන බවයි. එලෙස එකතුකරන පරිත්‍යාග අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිර්දේශිත පාසල්වෙත ලබා දීම සංවිධායකවරුන්ගේ අපේක්ෂාවයි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් මෙය සැළසුම් කර ක්‍රියාත්මක කරමින් පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෙතු පිරුණු කඳුලින් බැලුවෙමි මේ පුවත්... ෆේස්බුක් මිතුරන් කරන හොඳ වැඩ අගය කරමින්... එකා මෙන් එක්වෙමින්- රකිමු දරුවන් යළි සිනාවෙන්! (නි)
ඉතාම හොඳ සත්කාර ක්‍රියාවක් , අගය කලයුතු ,,,, (ස)
හොද වැඩක් ..කයිවාරු නැති හොද සමාජ සත්කාරයක් ..ඒවගේම මේ දේ ඉතා ඉහලින්ම සාර්ථක වේවායි අපි ප්‍රාර්තනා කරමු. (ස)
අනේ හරි හොද වැඩක් ,මොලේ ඇති වැඩක් ,ලෝකයේ මේ වගේ දේවල් කරන අයව තව තවත් දහිරිය කරවන්න අපි සම්මාදම් වෙන්න ඕනේ (ස)