IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දරුවන්ට ආසයි බයයි

20-1429535461-02painප්‍රශ්නය - මම 35 හැවිරිදි කාන්තාවක්ම. රජයේ රැකියාවක නිරතව සිටියි. සැමියා ද පුද්ගලික ආයතනයක විධායක නිලධාරියෙකි. මට ඇති ගැටළුවනම් දරුවකු බිහිකිරීමට අධික බියකින් පසුවීමයි. මට උපදින දරුවා අංගවිකල දරුවකු හෝ මන්ද බුද්ධික දරුවකු වේ යැයි මට බියක් තිබේ. මෙය වසර ගණනක සිට මගේ සිත පීඩාවට පත්කරන බැවින් දරුවකු සෑදීමට ආසාවක් ඇතත් එයට බියෙන් පසුවෙමි. මෙයට සුදුසු උපදෙසක් දෙන්න.

පිළිතුර - අංගවිකල දරුවන් ඇතිවන්නේ ඉතා කලාතුරකිනි. අපට පාලනය කරන්න නොහැකි හේතූන් නිසා ඕනෑම කෙනෙකුට අංග විකල දරුවන් ඇත්වන්න හැකියාව තිබේ. ඒ අවදානම ඉතා සුළු අගයක් ගන්නා දෙයකි. අංග විකල දරුවකු ඇතිවේ යැයි බියෙන් දරුවකු බිහිනොකර සිටීම මාර්ගයේ දී අනතුරක් වේයැයි බියෙන් පාරේ නොගොස් නිවසටම වී සිටීම වැනි කිසිදු තේරුමක් නැති අර්ථ ශුන්‍ය දෙයකි. දරුවකු අංගවිකල වීමට වඩා පුද්ගලයකු පාරේදී අනතුරට ලක්වීමේ සම්භාවිතාව වැඩිය.

කෙසේ වෙතත් ඔබට ඇත්තේ මානසික ගැටළුවකි. අවදානම ගැන සිතිවිල්ල තමන්ගේ පාලනයකින් තොරව නැවත නැවත සිතට මතුවෙන්න පුළුවන. ඔබට එය පාලනය කර ගැනීමට නොහැකි වී තිබේ. ඇතැම් අයට ගර්භණී බව දකින විට, කතා කරනවිට මේ සිතිවිලි නැවත නැත මතුවෙයි. එය මානසික රෝගී තත්ත්වයකි. පුද්ගලයකු නිතර නිතර අත සෝදන්නේත් දොරගුළු දමා ඇත්දැයි නිතර නිතර බලන්නේත් එවැනිම රෝගී තත්ත්වයක් හේතුවෙනි. ඒ නිසා වහාම ළඟම ඇති රෝහලේ මනෝ වෛද්‍ය සායනයට යොමුවී ප්‍රතිකාර ලබාගන්න.

(විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා විසින් පිළිතුරු දුන් ප්‍රශ්නයකි)



අදහස් (0)

දරුවන්ට ආසයි බයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 84 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site