හාවා අහිංසක සතෙකි. සතුරකු දුටුවිට පලා යන හාවා වෙනත් සතුන් හා සටන් වදින ආකාරය බොහෝ දෙනකු දැක නැතුවාට සැකයක් නැත. නමුත් මේ වීඩියෝවේ දැක්වෙන්නේ හාවකු දරුණු සර්පයකු හා මාරාන්තික සටනක නිරතවන ආකාරයයි. ඒ දරු සෙනෙහස වෙනුවෙනි. තම කුසින් උපන් කිරි කැටියන් අමු අමුවේ මරා දමන මව්වරු සිටින ලෝකයක මේ හා මව සැමට ආදර්ශයකි.
තම පැටවුන් ගොදුරු කැර ගැනීමට පැමිණි සර්පයකු සමග ඇය සටන් වදියි. මව නැති අතරතුර හා පැටවුන් ඩැහැ ගැනීමට මේ සර්පයා පැමිණෙන්නට ඇත. එය දුටු යම් පුද්ගලයකු සර්පයා එළවා නොදමා සිය කැමරාව ක්‍රියාත්මක කරමින් බලා සිටියි. හා මව හදිසියේ ම එතැනට පැමිණේ. පැමිණි වහාම තම කටින් සර්පයා හපා කමින් සිය පැටවුන් බේරාගැනීමට මාරාන්තික සටනකට එළඹෙයි. සර්පයා එළවමින් වරින් වර හපා කමින් තමන්ගේ ද දිවි බේරාගෙන සටන් කරන හා මව අවසානයේ ජය ගනී. සර්පයා පලා යයි. හා පැටවුන් සර්පයාට ගොදුරු වූ බවක් සර්පයා දෙස බැලූ විට පෙනෙන්නේ නැත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අකීම්.ඔබේ කථාව මමත් අනුමත කරනවා (බ)
මේවත් අහන්න, දකින්න ලැබුනානේ.(නදී)
ලෝකයේ හැටි ඉස්සරලම විඩියෝ කරපු පුද්ගලයට දරු සෙනහස මොකක්ද කියල දැනෙන්නේ නැතිව ඇති. අනිත් පැත්තෙන් මේ විඩියෝ එක මුලු රටටම ආදර්ශයක්. මොකද දරු සෙනෙහස දන්නේ නැතිව ගම හදන සමහරක් අම්මලාට මේක හොද ආදර්ශයක් (නදී)
ලංකාවේ යමක් සිද්ධ වෙනවා (නදී)
අයියෝ අකීම්.. සර්ප කුළයේ සත්තු මාංශ භක්ශකයින්. වුන් මස් කන එක නැවැත්තුවොත්, කන්න දෙයක් නැතිව මැරිලා යාවී. පූසා කුරුල්ලෙක්, ලේනේක්ව ඇල්ලුවත් ඒ සතාව බේරගන්න තරම් හොඳ සංස්කෘතියක් සිංහල අපිට තිබ්බට පූසා මීයෙක්ව ඇල්ලුවහම නම් සංස්කෘතිය මතක් වෙලා මීයාව බේරා ගන්නේ නැහැ නේද?(හේ)
මෙය ලෝකයට ආදර්ශයක්.(හේ)
සතෙකු තම පැටවුන් බෙරා ගැනීමට සටන් වදින අවස්ථාවක් යනු සිත් ඇත්තවුන්ට ඉතාමත් සංවේදී අවස්ථාවක්. එය දැක වලක්වා ගැනීමට නොගිය කැමරාකරු නම් මිනිස් සිතක් ඇති මනුශ්‍යයෙක්ද යන්න ප්‍රෙහලිකාවකි. මදක් සිතන්න (නදී)
පසුගිය දවසක "ලංකාදීපේ "පලවී තිබ හිපො සතා තම පැටියව කිඹුලකු ගෙන් බේරා ගන්න අයුරු.මෙයත් ඒ වගේ සිදුවීමක්. මවූ සෙනෙහස කියන්නේ එයයි. දරුවන් කරදරයකට පත්යුවිට ජීවිතය පරදුවට තබා හෝ ඔවුන් එයින් මුදවාගන්න බලනවා. (අ)
ජීවිතය පරදුවට තබා දරුවන් සුරකින මවට හෝ පියාට අද සමහර දරුවන් සලකන විදිය දකිනකොට පුදුම දුකක් කලකිරීමක් තියෙන්නේ. තම දෙමව්පියන් පනමෙන් සුරකින්නට සියලු දරුවන්ට ඇස් ඇරේවා. (අ)
මව් සෙනෙහස සත්ත්ව ලෝකයේ සෑම කෙනෙකුටම එක හා සමානව දැනෙන බව සනාථ කරයි. සමහරෙක් එසේ නොකළාට (ම)
අනුන්ගේ මරණය රූගත කරලා ලබන නරුම වින්දනය (ම)
අකිම් ඹබ ලියා ඇති දේ මම ද අනුමත කරමි.(නදී)
මේ කතාවෙන් ගොඩක් දේ පෙනෙනවා. මිනිස් සමාජයේ තිබියයුතු ගුණාංග ඔවුන්ගෙන් ගිලිහී සත්ව සමාජයට ගොස්,සත්ව සමාජය තුළ පවතින ඔවුන්ගේ ජීවන පැවැත්ම උදෙසා සොබාදහම දුන් ගුණාංග අද මිනිස් සමාජය කරා ඇවිල්ලා. බලන්න ඔබත් මම කියන දේ වැරදිද කියලා (නි)
ආදරය සෙනහස දයාව කරුණාව මිනිසුන්ගේ සිත්සතන් තුළින් ඈත්වන එක ඒ තරම් සුබ දායක නැහැ.දකින දකින දෙය ඩැහැ ගන්න යන මිනිසා වියවුල් මනසකින් කටයුතු කරන නිසා හොඳ නරක තේරුම් ගන්න අමාරුයි.එකයි සමහරු කුරිරු දෙයක් දැක්කත් අනු කමුපාවක් ඇති වන්නේ නැත්තේ ..ඇත්තටම ඒ කරුණාව මෛත්‍රිය ගොඩ නැගන්න ඕන තම නිවසින් ..තාත්තා අම්මට කරුණාවෙන් කතා නොකරන විට ..අම්මා සෙනහසක් දයාවක් තාත්තාට නොදක්වන විට යහපත් පිළිගැනීමක් පවුල තුළ නැතිකොට ..ලද දෙයින් සතුටුවීමක් හා තියන දෙය අගය කිරීමක් නිවෙස්වල නැති කොට ඒ තුළ ගොඩ නැගෙන දරුවො නරුමයන් බවට පත්වීම වැළක්විය නොහැකියි...එවිට ඔවුන්ට ආදරය කරුණාව තේරේවිද..ඒම නිසා පවුල පළමුව යහපත් කර ගන්න කවුරුත් උස්සාහ වන්ත විය යුතුය. විශේෂයෙන් දෙමාපියෝ වැඩිහිටියො මේ කෙරෙහි අවදානය යොමු කරන්න ඕන..(ම)
මේක සත්ව ලෝකේ සිදුවීමක් (බලවන්තයා දුබලයා මර්දනය කිරීම සතුන්ගේ ක්‍රමයයි ) උසස් යැයි කියා ගන්න (බ)
මේක සත්ව ලෝකේ සිදුවීමක් (ප්‍රබලයා දුබලයා මර්දනය කිරීම තිරිසන් සතුන්ගේ ක්‍රමයයි ) නමුත් උසස් වර්ගයායි තමා තමාටම කියාගන්නා මිනිස් වර්ගයා ක්‍රියා කරන්නෙත් මේ හා සමානවම නොවේද ... තීරණය ඔබ අතේ ...? (ම)
අකීම් ලෝකය උඩුයටිකුරු වෙලා. මිනිස්සු සත්තු වෙලා සත්තු මිනිස්සු වෙලා. (අ)
සෙනෙහස සත්ව ලෝකයටත් පොදු යථාර්ථයකි (නි)
ආදර දරුවෝ (බ)
හැමදාම කැලේ සතෙක් ජිවත් වෙන්නේ තවත් අහිංසකයෙක් ගිලලා. මේක ඒ පුද්ගලයා වීඩියෝ නොකර සර්පයා එලෙව්වා නම් සර්පයා එතනින් ගිහිල්ල ආපහු ඇවිත් පැටවූ ගිලලා දමයි. මෙහෙම කරපු නිසා තමයි මුළු ලෝකෙම ඒක දැක්කේ සහ සර්පයා හොඳ පාඩමක් ඉගෙනගත්තේ. අනික මොනයම්ම දේකට වත් ස්වබාවධර්මයට අත තියන්න යන්න නරකයි ඒවා ඒ වෙන විදියට උනාවේ (නදී)
දරුවොත් ළඟ තියාගෙන සතෙක් තවත් අහිංසක සතෙක්ව ගොදුරු කරගන්න හැටි වීඩියෝ කරන්න තරම් නරුම මිනිස්සු ඉන්නවද කියලත් හිතෙනවා. ඔය පොඩි එව්වෝ තමයි ලොකු උනාම අයි එස් වගේ ත්‍රස්තයෝ වෙන්නේ. ගෙදර ඇති කරන පූසා කුරුල්ලෙක්, ලේනේක්ව ඇල්ලුවත් ඒ සතාව බේරගන්න තරම් හොඳ සංස්කෘතියක් සිංහල අපිට තියෙනවා. (බ)
වීඩියෝ කරපු කෙනාට සර්පයාව එලවන්න හැකියාවක් තියෙන්න ඇති . නමුත් ස්වභාව ධර්මයේ ක්‍රියාවලියන්ට මිනිසා මැදිහත් වීමෙන් වෙන්නේ පරිසරයේ සමතුලිතතාවය නැති වීමයි . එය ඉතාමත් භයානකයි . මමනම් කියන්නේ වීඩියෝ කළ කෙනා ක්‍රියාකළ ආකාරය නිවැරදියි .(බ)
ඔය සර්පයා ගේ ආහාරය කුඩා සතුන් විය යුතුයි . සර්පයා තමන්ගේ ආහාරය ගන්න සුදානම් වුනා , මව් සෙනහස ඊට හරස් වුනා , දෙකම ස්වාභාවිකයි .නමුත් මිනිස්සු කුසගින්නට නොව විනෝදයට සුරාපානය කරද්දී කටගැස්ම සඳහා දිනකට අහිංසක සතුන් කීදෙනෙක් ජීවිතය පූජා කරනවද .(අ)
ඔබේ කථාව මමත් අනුමත කරනවා අකීම් (බ)
අකිම් ඹබ ලියා ඇති දේ දුටුවහම මට මතක් උනේ දකුණු වෙරළේදී ජීවිතය ඉල්ලා පින්සෙන්ඩු වෙන තරුණයෙකුට ගහල මුහුදට දමනවිට තරුණයාගේ මල සිරුර ගොඩට එනකල් වීඩියෝ ගත කරපු සිද්ධිය. වෘතියමය හේතු දක්වන්න පුළුවන් ඇති. එහෙත් වටින්නේ ජීවිතයක් බේරාගන්න උත්සහයක් ගත්තා නම්ය. (නදී)
මිනිස්සු වෙච්චි අපි කොච්චර සතුන් මරලා කනවාද? ඒ අතර කොච්චර දරුවෝ ඇද්ද, අම්මලා ඇද්ද.(ම)