තිස්සමහාරාම බෝගහපැලැස්සේ ඌරු කොටුවකි. ඇරැඹුණේ වසර කිහිපයකට කලිනි. පාලනය ආගමික සංවිධානයකිනි.
කාත් කවුරුත් නැති දරුවෝ මෙම ඌරන් බලා ගැනීමට යොදවනු ලැබ සිටිති. සුනාමියෙන් අසරණ වූ දරුවෝ ද එහි සිටිති.
ඔවුන්ට එකම පිහිට තාත්තාය. තාත්තා යනු ඌරු කොටු හිමියාය. ඔහු අන කළ විට දරුවෝ කැති අමෝරාගෙන ඌරන් සප්සේ දුවති. ඌරොත් මර හඩ තලාගෙන දුවති.
ඒ ඌරන් මරන්නටය. සිව් පැයක් වෙස් වලාගෙන කැලේ සැඟවී සිටිමින් මෙම වීඩියෝව පටිගත කරද්දී ඒ දරුවන් අතින් මැරුණු ඌරන්ගේ ගණන පහකි.
දරුවන් කැලේට වී පිළිස්සුණු ඌරුමස් ගිජු ලෙස කන අවස්ථාවක් ද දැක ගත හැකිය. එහි තේරුම එම දරුවනට ඌරුමස් කන්නට අවසර නොලැබීම විය හැකියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අපේ බලසේනාව? (නි)
මේ ළමයින්ට නිසි මග පෙන්වීමක් නැහැ (දී)
මහනාම,හැමදාම පොලිසියෙන් හරක් ලොරි අල්ලන්නෙ හරක් ප්‍රවාහනය තහනම් නිසා නොවෙයි. එක්කො මේ හරක් හොර හරක්, නැත්නම් මේ සත්තුන්ගෙ ජීවිතයට අනතුරුදායක ලෙස ප්‍රමානයට වැඩියෙන් පටවාගෙන යාම... ඔවැනි කරුණු නිසා තමයි හරක් ලොරි අල්ලන්නෙ. ඒ අරගෙන ගියත් දස වද දීලා තමයි හරක් මරන්නෙ. ආගම කිව්වයි කියලා හරකා බෙල්ල දීගෙන ඉන්නෙ නැහැ මරන්න කියලා. ඉතින් කොහොමද මේ හරක් මස් හලාල් වෙන්නෙ. (නි)
මෙහෙම ළමයි තව ලොකු මහත් වුණහම මිනී නොමරා ඉදීවිද? (නි)
මහානාම, හලාල් ක්‍රමයට මැරිලා බලන්නකෝ සතුටුද කියලා. (නි)
මේකට ලියන්න වචන නැහැ. අහෝශ්‍රි ලංකා! (නි)
මේක වහාම නවත්වන්න කියන්න. තිස්සමහාරාමය වගේ පූජනීය ආගමික පරිසරයක මේ වගේ වැඩ කරන එක කොහොමවත් සුදුසු නැහැ.(නදී)
අහෝ අපේ සුන් දර දිවයිනකට ගිය කල.....! මනුස්සකම ගිලිහී තිරිසනුන්ටත් අන්ත ලෙස දරුවන්ගෙන් මෙවන් වැඩ ගන්නා අය (නම ගම ඇතිව) ඔබගේ පත්තරය මගින් හෝ වගකිවයුත්තනට බාර කලහැකිනම් එය මුලු රටටම ලොකු සේවයක්.! කෙසේ වෙතත් මේ ලෙසින් හෝ පලකිරීම ගැන ස්තුතියි.!(නදී)
අබුසාලි මහත්තයා, එතකොට හරක් මරණ එකට බොදු බල සේනාව මොකද කරන්න ඕනෑ?(නදී)
මේ අය තමයි කවදා හරි නමගිය අපාරධකරුවන් වෙන්නේ. බලධාරීන් මැදිහත්වෙලා මේ ළමයින්ට හොද පනිවිඩයක් දීලා ඉක්මනට මේ ළමයි ටික යහමගට ගන්න උදව් කරන්න පින්වතෙක් ඉන්නවා නමි.(නදී)
ආගමික සංවිධාන මරන්න සත්තු ඇති කරන්නේ නැහැ නේද? මේක ආගමික සංවිධානයක් වෙන්න බැහැ. තරා තිරම නොබලා දඬුවම් දිය යුතුයි.(නදී)
දැඩි පිළිකුල් සහගත වැඩක් (දී)
මේවා කරන එක ජාති ජාති පලදෙන අකුසල කර්ම (දී)
හමුදාවට බදවා ගන්න තියෙන්නේ.(නදී)
දැන් ඉතින් ලස්සනට මේකත් යට ගහවි. අපිට නම් කමක් නෑ එත් අසරණ දරුවෝ නේද? .පුළුවන් නම් මේකත් බොරු කියන්න. හුගක් ළමා නිවාස වල මෙහෙම තමයි. හැබැයි මේකෙන් වෙන්නේ සමාජෙට එකතුවෙන මේ වගේ ළමයින් නිසා දවසක මේවට උදව් කරපු අයටත් පොරෝ පාර හම්බෙන්නේ මෙහෙමයි. මේ ළමයි නිසි මගට අරන් බලාගන්න කවුරුවත් නැද්ද?(නදී)
හලාල් කියන්නේ සතාගේ ආත්මය දෙවියන්ට පූජා කරලා වේදනාව අඩුම විදියට මරණ එක. ඉතින් හලාල් කොච්චර හොදද?(නදී)
දරුවන් ලවා මේ කරවන අපරාධය අපි නතර කල යුතුයි (දී)
අපිට මේවා පෙන්නුවට ගොඩක් ස්තූතියි (නි)
මේ මොන අපාරධයක්ද (දී)
මෙවැනි මිසදුටු ආගමික සිද්ධස්ථාන අද ලංකාව පුරා විසිරී ඇත. වගකිවයුත්තනගේ දෑස් යොමු වේවා!(නදී)
කරුණාකර සියළු ආගම් එකා මෙන් එක්ව මෙවන් දූෂණ නවත්වන්න. (නි)
මේවා දකින්නත් මොකක්ද වගේ. (නි)
බොදු බල සේනාව, කෝ ප්‍රතිචාර?(නදී)
මොනතරම් අමානුෂිකද? අවුරුදු 2500 ක ඉතිහාසයක් ඇති අපේ රටේ කිසිම දෙයක් සැලසුම් සහගතව කරන්න බැරි ඇයි. අමාත්‍යංශ වලින් මොනවද රටට වෙන්නේ.(නදී)
ලංකාවේ මෙහෙමත් වෙනවද?(නදී)
මේ ළමුන් අනාගතයේ කවුරුන් වේවිද? (නි)
අනේ! මේ අපේ ලංකාවද? (නි)
බලන අපිටත් පව් පිරෙනවා (දී)
මෙන්න මේවටයි බොදු බල සේනාව ක්‍රියාමාර්ග ගන්න ඕනෑ. (නි)
මේ අහිංසක ළමයි ලවා ? (දී)
මේ පාප කාර්ම වලට ළමයින් සම්භන්ධ කර ගන්න එපා (දී)
මෙහෙමත් පාපයක් (දී)
ෂපීක්, ලංකාවේ හරක් විතරද මරන්නේ. ඌරෝ මරනවා දැකලා නැද්ද?(නදී)
ඌරො ඇති කරන්නේ මරන්න නෙමයි නත්තලට කඩේ යවන්න. කොහොම නමුත් මේ අයට උපරිම දඬුවම් දිය යුතුයි. (නි)
අනුමත කරන්න බැහැ කීයටවත් (දී)
ළමයින් පොඩි කාලෙදිම වැරදි පාරේ (දී)
වනචාරි යුගයකට ඇදෙන මේ වගෙ තිරිසන්නු සහ ඊට අනුබල දෙන තිරිසන්නු වහා කූඩු කළ යුතුයි. (නි)
සත්තු මරණ එක ඒ තරම් හොද නැහැ (දී)
මේ වගේ දේවල් කොපමන වෙනවා ඇද්ද රටේ? බලධාරීන් නිදි. නැත්නන් ජරාව කාලා. මෙහෙමහරි හෙලිදරවු කළාට ලංකාදීපෙට ගොඩක් ස්තුතියි. (නි)
අපෝ, දුක හිතෙනවා (දී)
හැබැයි ඉතින් මේ කොල්ලන්ට මේ කැමරා කරපු කෙනාව හම්බ වුණා නම් අද මේ වීඩියෝ එක අපිට බලන්න ලැබෙන්නේ නැතිවෙයි. (නි)
බොදු බල සේනාව, ඔබ කොහිද? (නි)
හැමෝම උත්සාහ කරන්නේ තමන්ගේ ආගම ඉස්මතු කරන්න මිසක් ආගම පිළිපදින්න නෙමෙයි. පිටරට පත්තර වල යන්නේ හරියට අපි ගෝත්‍රික රටක් වගේ අදහස් වෙන දේවල්. ඇයි අපිට බැරි සාමයෙන් ඔක්කොම එකතු වෙලා ජීවත් වෙන්න. (නි)
කෝ දැන් එතකොට ළමා රක්ෂක අධිකාරියේ අය? (නි)
තාත්තගේ වැඩේ පුතා කෙරුවේ නැත්නම් ඌ අර කාගෙද පුතා කිවුවලුනේ. (නි)
මේවා බලන්න අපේ ඇස පව් කලානේ (දී)
මේවට නීතිමය පියවර ගත්තම රජයේ උත්සව වර්ජනය කරයිද?(නදී)
ඌරොනේ, ඔන්න ඔහේ මරපුදෙන්.(නදී)
තාත්තා නැති වෙලාවක දරුවන් විසින් කරනලද වැඩක් බවයි පේන්නේ. සතත්ව ඝාතනය ඉතාමත් පව් වැඩක්.(නදී)
දවල් මිගෙල් රෑ ඩැනියෙල්.... අහෝ! (නි)