කොස්ලන්ද මීරියබැද්දේ මළවුන් සෙවීමේ කාර්ය මහවැසි නිසා අද (29) සන්ධ්‍යාවේ නතර කැරිණි.සහන සේවකයින් පැවසුයේ පෙර පාසලට ගිය දරුවන් ගෙදර එන විට මව්පියන් පමණක් නොව ගෙයද නොදුටු බවයි.එම දරුවන් මව්පියන් ඉල්ලා හඬා වැටුණාහ.ඔවුහු පසුව ගනේෂා විදුහල් කඳවුරට රැගෙන යනු ලැබුහ.
මීරියකන්දෙන් ගමේ බොහෝදෙනා අද ඉවත් වීමට සුදානමින් සිටි බව සහන සේවකයෝ පවසති.පෙර දිනයේද ගමෙන් ඉවත් වන ලෙස දැන් වු බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු අහිංසක දරුවෝ! (නි)
සුනාමි වෙලාවේදීත් අසරණ උන දරුවන් පැහැර ගත්තා. අසරණ වුන දරුවන් ගැන විශේෂ අවධානය යොමු කල යුතුය. මේවා කලේ පිට රටින් ඇවිත් නොවේ. අපේම රටේ මිනිස්සු. (නදී)
2005, 2011 සහ 2013 දී මේ ප්‍රදේශයට සුනාමි අනතුරු ඇගෙව්වලු. එ්ත් ඒවා ගණන් ගත්තෙ නැහැ කියලා බක පණ්ඩිත නිලදාරීනුත් මාධ්‍ය වේදීනුත් කියනවා මම අහගෙන හිටියා. මේ මිනිස්සු අන්ත අසරණ විදියට ජීවත් වෙන ලංකාවේ දුප්පත්ම ජනතාව. මේ මහා පොලවේ බිම් අඟලකවත් අයිතියක් නැති මිනිස්සු. අනතුරු ඇඟෙව්වට ඒ මිනිස්සු කොහෙටද යන්නේ. ලයින් කාමර කියන්නේ මොනවද කියලවත් ලංකාවේ හුඟක් අය දන්නේ නැතිව ඇති. ඒවා සත්තු ගාල් කරන කූඩු වගේ. දැන් මේ නැති වුනු ජීවිත වලට වග කියන්නේ කවුද ?. දෙමව්පියන් අහිමිව අසරණ වුනු දරුවන්ට කාගේ පිහිටක්ද?. වැදගත්ම ප්‍රශ්නය නම් අනතුරු අැඟවීම හමුවේ ක්‍රියාත්මක නොවූ වතු සමාගටත්, වතු අධිකාරී වරයාටත්, ප්‍රාදේශීය ලේකම් වරයාටත් එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගය කුමක් ද යන්නයි. පිළිතුර සක්සුදක් සේ පැහැදිලියි. "කිසිවක් සිදු නොවේ". මොකද මේ වසර 5000 ක ප්‍රවුඩ ඉතිහාසයක් තියෙන වසර 2500 ක ලිකිත ඉතිහාසයක් තියෙන රාවනා පරපුරෙන් පැවතෙන "ශ්‍රී ලංකාවයි". (නදී)
හතුරෙකුටවත් මෙවන් විපතක් නොවේවා! මියගිය සියලු දෙනා දුකින් මිදේවා (නදී)
මෙවන් ඛේදවාචකයක් ත්සුනාමියෙන් පසු අසන්නට සිදු උනා. රට වැසියා පුළු පුළුවන් විදිහට අවංකව කැපවීමෙන් මේ වෙනුවෙන් උදවු කළ යුතුයි. අපේ ගමින් මා ඇතුළු 30 දෙනෙක් අද එහි යනවා. සැවොම එක්වන්න යැයි මනුෂ්‍යත්වයේ නාමයෙන් ආරාධනා කරමි. (නදී)
මේ වෙලාවේ එම සහෝදර ජනතාවට අධික සීතලෙන් ආරක්ෂා වීමට ඇඳුම් පොරොවන රෙදි වැනි දේ ලබා දෙන්න අපිට යුතුකමක් තියෙනවා. මේක සුනාමියෙන් පස්සේ අපේ රට මුහුණ දුන්නු බරපතලම ස්වාභාවික විපත. (නදී)
දෙමව්පියන් සිටියදීත් ළමයින් පැහැරගෙන ගොස් අපරාධ කරන රටක මේ ළමයින් කොයිතරම් අසරණද? අනේ දෙවියනේ මේ ළමයි ආරක්ෂා කරන්න.. (නි)
දැන් ඉතින් අර අසරණ දරුවන්ට කගේ පිහිටද? තව සතියකින් හැමෝටම ඔය සිද්දිය අමතකවෙලා යයි. අර දරුවෝ ඊට පස්සේ සමාජයට බරක්. හරි මග පෙන්වීමක් නැතිව, හරි අධ්‍යාපනයක් නැතිව සමාජයෙන් කොන්වෙනකොට ඒ දරුවන්ට කාගේ පිහිටද. ඔය වැනි තත්වයට පත්වෙන ළමයි තම පසුවට ත්‍රස්තවාදී සංවිධාන වලට බැදෙන්නේ. ඔය ගැටළු හොයල බලල හරි ඉස්තිර විසදුම් ලබාදෙන්න රජය කටයුතු නොකළහොත් නැවත ත්‍රස්ත වැනි ප්‍රශ්ණ උඩට එන එක වලක්වන්න බෑ. හොදම විසදුම මේදරුවෝ කාගෙවත් අතකොලු බවට පත් වෙන්න කලින් දරුවෝ යමගට ගන්න හරි වැඩ පිළිවෙලක් රජය මගින් සකස් කරන ඕනේ, පැලැස්තර විසදුම් වලින් වෙන්නේ ප්‍රශ්ණ තවත් දික් ගැහෙන එක පමණි. බලධරයන්ගේ දෙනෙත් ඇරේවා.(අ)
මෙබදු විපතකට ලක්වූ දරුවන්ගේ මානසිකත්වය සකස් කිරීම ඉතා අසීරු කරුණක්. අනේ..! මොනවා කරන්නද? (ර)
දරුවන්ගේ ආරක්ෂාව ගැන සොයන්න, පෙර පාසලට පැමිණි අය සහ වෙනත් ස්ථාන වලට පැමිණි අය සොයා බලන්න, අතර මගදී ළමුන් පැහැර ගැනීමකට ලක් නොවිය යුතුයි. බොර දියේ මාළු බාන අය ගැන සෙවිල්ලෙන් ඉන්න. (ර)
අනේ දෙවියනේ.! මේ අහිංසක දරුපැටව් අසරණ කරන්න එපා. කවද මේ දරුවන්ට අම්මා, තාත්තා වෙන්නේ. ඒ අය තමයි දෙවිවරු. (ර)
අද උදේ දෑතේ එල්ලී පාසල් ගිය දෙමවුපියන් දැන් නැත. ඊයේ රාත්‍රී සුවසේ නිදාගත් නිවහන දකින්නටවත් නැත. සොහොයුරු සොයුරියන්, යහළුවන් සමග සෙල්ලම් කළ ඉසව්ව කොහේදෝ සැඟවෙලා ගොස් ඇත. කුසට අහරක් නැතත් දෙමවුපියන්ට තුරුලුවී සැනසෙන්නට තිබු ඒ වාසනාව අද ඔවුනට නැත. දරු සෙනෙහස විදින්නට පෙරුම් පුරන එහෙත් කුමන හෝ හේතුවක් නිසා දරු සුරතල් අහිමි වූ අයෙක් ඇත්නම් මේ අහිංසක දරුවන්ට සැබෑවටම දෙමවුපියන් වීමට හැකිනම්...මොහොතක් සිතන්න....ඔබේ දරු සෙනෙහසින් යලිත් මේ ලොව දැකිය හැකි ඒ දරුවා මේ අහිංසකයන් අතර සිටිය හැකියි නොවේද...ඔබේ මනුෂ්‍යත්වය ඔවුනගේ ලොව වෙනසක් කරනු ඇති බව මගේ විශ්වාසයයි..(අ)
කවදාවත් මෙවැනි දේවල් වෙන්න එපා ...හැකි ඉක්මනින් අනතුරු දායක සියලු තැන වලින් අනිත් අයව ඉක්මනින්ම ඉවත් කිරීමට බලධරයන් කටයුතු කල යුතුය .අනාත වූ අය හැකි ඉක්මනින් පිහිට වෙමු .තව දුරටත් අනතුරු වීම වලකමු (අ)