අම්බලන්ගොඩ බස් නැවතුම්පොළෙදී සිය මිත්තණිය සමඟ සිටියදී පැහැරගෙන ගොස් දඹුල්ලේදී හිගා කෑමට යොදා ගත් බව කියන කුඩා දරුවා පැහැරගත්තැයි කියන ලොකු මුදියන්සේලාගේ කමල් නොහොත් කළු මල්ලි යළි ලබන 14 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි බලපිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා නියෝග කළේය.
දරුවා ගාල්ලේ ළමා නිවාසයකට යොමු කරන ලෙසත් නියෝග කළ මහේස්ත්‍රාත් යාචකයාද දරුවාද මව හා පියාද ලබන තුන් වැනිදා ජාන පරීක්ෂණයක් සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කරන ලෙස පොලීසියට දැන්වීය .
දරුවාගේ මව හා පියා බව කියන දෙදෙනාද උසාවි පැමිණ සිටියහ.හඩමින් උසාවි පැමිණි යාචකයා ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලා සිටියේය. ජාන පරීක්ෂණයෙන් පසු ඊට අවසර ලබා දෙන බව මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.
ඔහු සමාජ රෝග හා මානසික රෝග පිළිබද වෛද්‍යවරයකුට යොමු කැර වාර්තාවක් ලබා දෙන ලෙසද මහේස්ත්‍රාත් බන්ධනාගාරයට නියෝග කළේය.උසාවිය අවසන් වී දරුවා ඉදිරියට රැගෙන යද්දී යාචකයා හඩමින් ඔහු පසු පසින් එළියට ගියේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසානය සත්‍ය ජයගනියි, විද්‍යාවට බොරු බෑ. (හේ)
සත්‍ය ජය ගත්තාට දරුවාට සැබෑ ලෙසම ආදරය සෙනෙහස දෙන්නේ කවුද? (නි)
හිගන්නා වුණත් ඒ ඔහුගේ හිතේ දරුවා ගැන ලොකු ලෙන්ගතුකමක් තියෙනවා.වරදක් කලාට එයා දරුවට හොද සෙනෙහසක් දක්වපු අයෙක්.(හේ)
කව්රු හෝ වේවා ..! සැබෑ දෙමාපියන්ට දරුවාගේ නිසි අයිතිය ලැබේවා..!!ඒ වගේම දරුවට නිසි ආදරය රැකවරණය..පෝෂණය ලැබේවා..!!.(හේ)
අවසානය කුමක් වේද? (නි)