IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දරුවාත් යාචකයාත් ජාන පරීක්ෂණයට

අම්බලන්ගොඩ බස් නැවතුම්පොළෙදී සිය මිත්තණිය සමඟ සිටියදී පැහැරගෙන ගොස් දඹුල්ලේදී හිගා කෑමට යොදා ගත් බව කියන කුඩා දරුවා පැහැරගත්තැයි කියන ලොකු මුදියන්සේලාගේ කමල් නොහොත් කළු මල්ලි යළි ලබන 14 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි බලපිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා නියෝග කළේය.

දරුවා ගාල්ලේ ළමා නිවාසයකට යොමු කරන ලෙසත් නියෝග කළ මහේස්ත්‍රාත් යාචකයාද දරුවාද මව හා පියාද ලබන තුන් වැනිදා  ජාන පරීක්ෂණයක් සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කරන ලෙස පොලීසියට දැන්වීය .

දරුවාගේ මව හා පියා බව කියන දෙදෙනාද උසාවි පැමිණ සිටියහ.හඩමින් උසාවි පැමිණි යාචකයා ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලා සිටියේය. ජාන පරීක්ෂණයෙන් පසු ඊට අවසර ලබා දෙන බව මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

ඔහු සමාජ රෝග හා මානසික රෝග පිළිබද වෛද්‍යවරයකුට යොමු කැර වාර්තාවක් ලබා දෙන ලෙසද මහේස්ත්‍රාත් බන්ධනාගාරයට නියෝග කළේය.උසාවිය අවසන් වී දරුවා ඉදිරියට රැගෙන යද්දී යාචකයා හඩමින් ඔහු පසු පසින් එළියට ගියේය.

7

3 4.jpgkk 5

 



අදහස් (0)

දරුවාත් යාචකයාත් ජාන පරීක්ෂණයට

පසිදු Saturday, 01 November 2014 01:15 PM

අවසානය සත්‍ය ජයගනියි, විද්‍යාවට බොරු බෑ. (හේ)

:       0       0

සාරසී Saturday, 01 November 2014 04:44 PM

සත්‍ය ජය ගත්තාට දරුවාට සැබෑ ලෙසම ආදරය සෙනෙහස දෙන්නේ කවුද? (නි)

:       0       0

අශෝක Saturday, 01 November 2014 07:25 AM

හිගන්නා වුණත් ඒ ඔහුගේ හිතේ දරුවා ගැන ලොකු ලෙන්ගතුකමක් තියෙනවා.වරදක් කලාට එයා දරුවට හොද සෙනෙහසක් දක්වපු අයෙක්.(හේ)

:       0       0

රූපවති Saturday, 01 November 2014 07:38 AM

කව්රු හෝ වේවා ..! සැබෑ දෙමාපියන්ට දරුවාගේ නිසි අයිතිය ලැබේවා..!!ඒ වගේම දරුවට නිසි ආදරය රැකවරණය..පෝෂණය ලැබේවා..!!.(හේ)

:       0       0

මහින්ද Friday, 31 October 2014 07:13 AM

අවසානය කුමක් වේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 45 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 932 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site