(මනෝප්‍රිය ගුණසේකර)
බිස්කට් ලබාදෙන බව රවටා පෙර පාසල් දරුවකුට ලිංගික අතවර කිරීමේ චෝදනාවන්ට වරදකරු වු එක්දරු පියකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා බරපතළ වැඩ සහිත වසර 9 ක සිර දඬුවමක් නියම කළේය.
මීට වසර 12කට පෙර පස්හැවිරිදි වියේ පසුවු පෙර පාසල් දරුවා රවටා ඔහුට ලිංගික අතවර කළ විත්තිකරුට නියම කළ සිර දඬුවමට අමතරව රුපියල් ලක්ෂ 2ක වන්දියක් අතවරයට පත් දරුවාට ගෙවන ලෙස නියම කළ විනිසුරුවරයා වන්දි මුදල ගෙවීම පැහැර හරිනු ලැබූවහොත් අමතර වසරක බරපතල වැඩ සහිත සිර දඬුවමක්ද නියම කළේය”
විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් විත්තිකරුට සිරදඬුවම් හා වන්දි නියම කළ විනිසුරුවරයා ඊට අමතරව රුපියල් 15000/- දඩයක් ද නියම කළ අතර එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබවොත් අමතරව මාස 03 ක සිර දඬුවම් නියම කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මෙතන ප්රශ්නයකට ඇත්තේ මේ නඩුවේ තීන්දුව දීමට ගතවූ කාලයයි. මේවා එසැණින් විසඳිය යුතු නඩු වන අතර අපගේ නීති පද්ධතියේ තිබෙන නඩු වවාගෙන කෑමේ සම්ප්රදායට ඊට අදාළ සියල්ලෝම වගකිව යුතු බවයි...