වැල්ලව නිකදළුපොත පන්නම අඹකොළවැව තමාරා කේෂාණි බණ්ඩාර දැරිය පැහැරගත් බව කියන පිරිස ඔවුන්ගේ නෑදැයන් බවත් කලකට පෙර පවුල්වල දෙපිරිස අතර ආරවුලක් සිදු වූ බවට තොරතුරු ලැබී ඇත. දරුවා පැහැරගෙන ඇත්තේ කුමක් සඳහා ද යන්න ගැන පොලිසිය ප්‍රශ්නකාරී තත්ත්වයකට පත් සිටින බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමල්, ඔය වෙනස කළයුත්තේ මහජනතාව වන අප විසින්ම තමා. මේ සියල්ල වෙන්න කලින් අපේ රටේ දේපල සූරාකන දේශපාලකයින් පන්නා දමන්න ඕනෑ. (නි)
ඔය වගේ අයට උපරිම දඩුවම් දෙන්න ඕනෑ (නි)
කමල් සහෝදරයා, මේ රටේ වෙන අපරාධ සහ මෙවන් විකාර සිද්ධීන් එක්ක ඔබ ඔබේ ස්ථාවරය ගලපාගෙන ඇති ආකාරය අපූරුයි. විධායක ජනපති ක්‍රමයයි මේ සිද්ධියි අතරේ ඇති නෑකම පැහැදිලි කරගන්න මේ වේදිකාව මදි වේවි. ළමුන්ගේ සිට මෙකී සියලු වරිගයාගේ යහපත වෙනුවෙන් ස්ථාපනය කලයුතු නීතියේ ස්වාධිපත්‍ය හා ක්‍රියාත්මකවීම අඩපන වෙලා තියෙන්නේ ඔබට තේරුම් ගන්න බැරි විධායකය වටා එක්රොක් වී ඇති බලය නිසයි. (නදී)
පොඩි දරුවා පැහැරගෙන ගිය අයවවත් ආයුධ පෙන්නන එක්කගෙන යන්න ඕනේ. ඒ වගේ ම මීට කලින් පුතෙක් පැහැරගෙන ගිය අය ආයුධ පෙන්නුවනම් යළිත් මෙහෙම දේවල් වෙන්නේ නැහැ. (ස)
නෑදෑයන් විස්වාස කරන්න බැරි බව මම නම් සෑහෙන කලක ඉඳල විස්වාශ කරනවා. තමාගේ සහෝදරයන්ගේ ගේ දරුවෙක් ගැන වුනත් ඉරිසියා කරන උදවිය තමයි වැඩිපුර ඉන්නේ. මගේ අම්මගේ නංගි එනම් පුංචි අම්ම අපේ අක්කට ආපු හැම විවාහ යෝජනාවක්ම නිර්නාමික ලියුම් යවල වෙනත් උදවිය ලවා බොරු කියවා කැඩුවා. අපි දැන ගත්තේ බොහෝ කලකට පස්සේ. ඒ නිසා මම මේ පොඩි දරුවාට නෑදෑයන් කල වැඩේ ගැන පුදුම වෙන්නේ නැහැ. (නදී)
මේ කාලයේ තමන්ට අඩුවෙන්ම විශ්වාස කරන්න පුළුවන් මිනිස් කොට්ටාශය නෑදෑයෝ. දරුවන් පැහැරගෙන යාම විතරක් නෙවෙයි, දේපල වලට රණ්ඩු කරන එක, යටි කුට්ටු වැඩ කරලා විවාහ යෝජනා නවත්තන එක, චරිත ඝාතනයට බොරු ප්‍රචාර යැවීම , බොරු පෙත්සම් ආදී පහත් වැඩ ඔක්කොම කරන්නේ පිට මිනිස්සු නෙවෙයි නෑයෝ ම තමයි. (නදී)
කමල්, විධායක ජනාධිපති ක්‍රමය ලංකාවේ අවුරුදු 36ක් තිබුණා. දැන් වෙන්නේ මේක තියා තවත් අපරාධ වැඩි කරන එක. නීති සකස් කිරීම විධායකය නොකරන බව සිතන්න. පාර්ලිමේන්තුවට ඒක කරවන්න පුළුවන්. (නදී)
කමල්ගේ අදහස් වලට මේවාත් එකතුවිය යුතුය. මිනී මරුවන්, කුඩුකාරයන්, සත්ව ගාතකයන් අනුබල දෙන්නන් (නදී)
තියන නීති පද්ධතිය යටතේ වුනත් දැනට සමහර අපරාධකාරයින්ට, කුඩුකාරයින්ට, යකඩ හොරුන්ට මෙකී නොකී සියලු දෙනාට ඒ අයගේ කටයුතු කරගෙන යන්ට පුළුවන්කම තියනවා නේද? නිදහසේ සාධාරණ මැතිවරණය තියන්න උනත් බොහොම අමාරුයි නේද? (නදී)
කමල් මහත්තයෝ එහෙම අය දැන් නැහැ. හිටියේ දැනට අවුරුදු 30 කලින්. දැන් තියෙන්නේ බඩ ගෝස්තර දේශපාලන ක්‍රමයක් (නදී)
වේයා, මීයා අභිබවා නයා ඉදිරියට යයි (නදී)
ගෙදර මොන අඩුපාඩුකම් තිබුනත් මව්පියන් ළමයෙන් ගැන මිට වැඩ සැලිකිලිමත් විය යුතුයි. (නදී)
කමල්, ඔබගේ අදහස් හරියට හරි. මේ ක්‍රමයෙන් කරන්නට බැරි ගැහැණියෙකු මිනිසෙකු කිරීමත්, මිනිසෙකු ගැහැනියක් කිරීමටත් පමනයි. (නදී)
ඕනෑම කොන්ද පන තියෙන කෙනෙක් බලයට පත් උනාම කොන්ද පන නැති වෙනවා. රටට හිත නැති වෙනවා. තමනුත් තමන්ගේ නෑදෑ සනුහරේත් ගොඩ දා ගන්න එක විතරයි මතක තියෙන්නේ. එ්ක අද කාලේ කාටත් පොදුයි. කියලා වැඩක් නැහැ. (නදී)
මෙම ක්‍රියාව මුළු මහත් ලංකාවම කම්පාවට පත් උණු ක්‍රියාවක්. මෙවන් දේවල් කරන මිනිසුන්ට නීතියෙන් උපරිම දඩුවන් ලැබිය යුුතුයි (නදී)
ප්‍රසිද්ධියේ එල්ලා මැරිය යුතුයි (නි)
ඔබ හරි කමල්. (ස)
මරණ දණ්ඩනය නියම කරන්න. මොවුන් ප්‍රසිද්ධියේ එල්ලා මැරිය යුතුයි. (ස)
කමල් ,දේශපාලුවන්ගේ හිතවතෙකු බරපතල අපරාධයක් කළහොත් ඔහුව බේරාගැනීමට විධායක ක්‍රමය යටතේ ඇති දඩුවම් අහෝසි කිරීම බලය යටතේ පුළුවන්. ඒ වගේම දේශපාලුවන්ගේ ඇති අසීමිත බලය නිසා ඔවුන්ට පොලිසියෙන් ගැළවීමටත් ,සාක්කි සැඟවීමටත් පුළුවන්. මේ ක්‍රමය නිසා උසාවි,පොලිසි අසරණ වෙනවා. (නි)
කමල්, ඔබේ අදහසත් සමඟ එකඟවිය නොහැක. ස්වාධීන පොලිස් කොමිසම, ස්වාධීන අධිකරණ සේවා කොමිසම වැනි ආයතන විධායක බලය කේන්ද්‍රගත වූ ක්‍රමයක් තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැක. මේ නිසා අනාගතයේදී විධායකය ගැන අනාවැකි පළකළ නොහැක. අපරාධ අඩුකිරීමට නම් විධායක ක්‍රමය අහෝසි කිරීම අත්‍යවශ්‍ය කාරණයකි (නි)
රටක් වටිනා කියමන කමල් (නදී)
නෑයා ,ඈයා,වේයා ,කිසිදාක විශ්වාස කරන්න බැරි ,විනාශකාරී ,අන්තරාදායක සත්ව විශේෂයක් !කට්ටඩියා සහ නෑයින්ගේ සුක්ෂම වැඩ සටහනක් ! (නදී)
ඔය නෑයෝ වේයෝ මීයෝ ...කවුරුත් එකයි. (නදී)
නරකද ශරියා නීතිය ක්‍රියාත්මක කළොත්? (නි)
නෑ බෑ කියන අය තමයි නෑදෑයෝ (නදී)
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ප්‍රථම ළමුන් පැහැර ගැනීම, අපයෝජනය සහ ස්ත්‍රී දූෂකයින්ට දැඩි දඩුවම් පමුණුවා, ජීවිතාන්තය දක්වා හිර දඩුවම් නියම වන නීති පද්ධතියක් සකස් කරන මෙන් කොන්ද පණ ඇති රටට හිතැති පක්ෂ, විපක්ෂ සියලු දේශපාලකයින්ගෙන් හා නිලධාරීන්ගෙන් දෙනාගෙන් ඉල්ලා සිටිමි. එහෙම අය ඉන්නවා නම් මෙන්න අවස්ථාව ජනතාව උනන්දුවෙන් බලන් ඉන්නවා (නදී)
අපේ අයට මොකක්ද මේ වල තියන අපරාධය (නදී)
මේ අයට සුදුසුම දඬුවම ගමෙන්, පොලිසියෙන්,රිමාන්ඩ් එකෙන්, උසාවියෙන්, හිර ගෙදරින් නොඅඩුව ලැබේවා! (නදී)