
(චාපා මධුභාෂිණී)
යතුරු පැදියෙන් සිය දරුවා පාසලට රැගෙන ගිය දෙදරු මවක බකමූණ ගෙඟ්යාය මාර්ගයේ සිරිකඳුයායා ප්‍රදේශයේදී බස් රථයට යටවී මියගොස් ඇතැයි බකමූණ පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ ගගේ යාය, කෝට්ටපිටියේ පදිංචි ෙචාන්දනී මධුෂාණී මුදුන්කොටුව නමැති වයස අවුරුදු 31 වන දෙදරු මවකි.
බකමූණ ගෙඟ් යාය ප්‍රදේශයේ සිට දඹුල්ල දෙසට ධාවනය වූ බස් රථයක් සිරිකදුයාය ප්‍රදේශයේදී මගීන් නංවා ගැනීමට නතර කර තිබූ අවස්ථාවක බසයට පිටුපසින් ධාවනය වූ යතුරුපැදිය බස්රථයට ඉස්සර කිරීමට යාමේදී මාර්ගය ලිස්සා ගොස් පෙරලී ඇති අතර යතුරුපැදියේ ගමන්ගත් මෙම මව බස් රථය සෙට වැටී ඇතැයි පොලිසිය කියයි.
යතුරුපැදියේ පටුපසින් ගමන් ගත් ඇගේ දරුවා මාර්ගයෙන් පිටතට විසිවී ඇති අතර දරුවාට කිසිදු හානියක් සිදුව නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම කණගාටුදායක පුවතක්.. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට බොහොම ක්‍රියාශීලීව දායක වන දෙමව්පියන් කී දෙනෙක් අපි උදේට දකිනවද? පවු, එයා හෝ දරුවා හෝ හිතන්නට ඇතිද එවැනි දෙයක් සිදුවෙයි කියලා... දරුවා කොච්චර වැළපෙනවා ඇද්ද? පවුලේ අයට මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන අතර එයාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි..