ඇමති රාජිත සේනාරත්න මහතාගේ පුතකු විසින් පැහැරගත්තා යැයි කියන බාලවයස්කාර දැරිය සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වීමක් හෝ කිසිදු විරෝධයක් නොදක්වන බවට එම දැරියගේ මව් පියෝ අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ ප්‍රතිඥා දුන්හ.
ගාමිණී රණසිංහ හා ඉන්දිරා රණසිංහ යුවළ තම දියණිය ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ හබයාස් කෝපුස් පෙත්සම මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ දී එම යුවළ මෙලෙස ප්‍රතිඥා දුන්හ. එම දරුවා රාජිත සේනාරත්න මහතාගේ නිවසේ බලෙන් රඳවාගෙන සිටින්නේ දැයි පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි මහාධිකරණය මහේස්ත්‍රාත්වරයාට නියෝග කැර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දැරිය රාජිතගේ පුතා අරගෙන ගිහිල්ල තියෙනේ කාලෙකට පෙර... මට තියන ගැටලුව මේ දෙමාපියෝ මොකද මෙචර කල් බලන් හිටියේ කියන එක...... නිතිය පිළිබඳව ඉස්සර විශ්වාසයක් තිබිල නැද්ද? (බ)
අනේ සුමුදු හේවා අර දැරිවියන් 100 ක් ගැන සමරපු අකුරැස්සේ ප්‍රාදේශීය සභාපතිගේ කාලයේ ඔයාගේ ඔය දරු කැක්කුම දොරේ ගැලුවේ නැද්ද ? අපොයි හරි නීතියට වැඩ කළ කාලයක්නෙ අපි පහු කළේ. මේ සළු වඩන නිලමේලාට හැමෝටම අතීතය මතක නැති ලෙඩක් තියනවනේ. (බ)
යහපලානේ පටන්ගත්තේ නීතියට අතතියන්නේ නැහැ කියල. දැන් කොහොමද වැඩ. මහා බැංකුවට මොකද වුනේ. මේ නඩුවට මොකක්ද වෙන්නේ. ළමයාගේ වයස 18 පනිනකම් නඩුව අහයි. ඊට පස්සේ කියයි දැන් වයස හරි නඩුව ඉවරයි කියල. පොඩි එකෙක් කළානම් ජිවිතේ තියන කම් හිර ගෙදර යකඩ කුරු ගනිනවා. (බ)
රාජිත තර්ජනය කරලා ඇති! (බ)
මේ කතාවේ නිවැරදි තොරතුරු නොදැන මට නම් අදහස් ලියන්න බැහැ. හැබැයි ඔය ඉස්සර තිබුනේ දරු දුකට අඬන්න පුළුවන් කාලයක්ද කියල අර අකුරැස්සේ හිටපු ප්‍රාදේශීය සභාපතිගෙන් අහගන්න කියල මම සුමුදු හේවාට යෝජනා කරනවා. (බ)
ප්‍රකාශන හිමිකම වෙලා මළගම (ම)
සරසි , ඔබගේ කතාව හරියටම හරි, මේ අදහස් දාන වැඩි දෙනෙක් මේ කතාවේ සත්‍ය දන්නේ නැහැ. දැරියගේ අකමැත්තෙන් ඉන්නවනම් පොලිසිය එක්ක ගිහින් එක්ක එන්න පුළුවන්නේ. මොකද එ්ක පැහැරගැනීමක් කියල කියන්න පුළුවන් නිසා. ගොඩක් දෙමව්පියෝ තමන්ගේ සල්ලි ප්‍රශ්න වලට දරුවෝ බිලි දෙනවා.(බ)
දරුවන්ගේ ආදරය බලෙන් ගන්න බෑ, අපි ආදරය කරන තරමට තම දරුවෝ අපිට ආදරය කරන්නේ, අපේ ආදරය අඩු උනාම වෙන අදර සම්බන්ධකම් ඇතිකර ගන්නවා, ඒ ළමය මේ දෙමුපියන්ට ආදරේ නෑ, එ්කනේ ඔහොම එන්නේ, සමහරවිට දැන් ඉන්න අය ආදරේ ඇති අනික සැපට එන්න පුළුවන්නේ,අම්මල දැනගන්න ඕනේ දුවල හදාගන්න රට්ටුන්ට දොස් නොකියා, ළමයි නොමග යන්නේ අම්මලාගේ වරදින්, දුව ඒ කොලුවා බැන්දොත් ආයේ මුණ බලන්න පුලුවන්ද, මොන ලජ්ජා නැති දේවල්ද කරන්නේ, ඒ කොල්ල අත හැරියොත් ඒ දැරිවිට ආයේ වෙන එකෙක් එක්ක යන්න පුළුවන්ද මෝඩ ගෑණු (බ)
සෑම දෙමව්පියෙක්ම පතන්නේ සුනිල් එදිරිසිංහ මහතාගේ " දුවේ ඔබ මගේ ප්‍රාණයයි" යන ගීතයට අනුකුල ගැහැණු දරුවෙක්. (ම)
තමන්ගේ ළමයින් තමාටත් සමාජයටත් හිසරදයක් නොවී හදා ගන්න එක තමන්ගේ වගකීමක්. මේක අනුන්ට විතරක් වරද පටවන්න පුළුවන් අවස්ථාවක් නෙවෙයි (ම)
යහපාලනය දෝර ගලනවා.(හේ)
පුතලාම තුන් දෙනෙක් ඉන්න මම දුවෙක් නැතිව පසුතැවිලි වෙන එක නැවැත්තුවේ මෙන්න මේ පලහිලව්ව අහලා. හපොයි දුවලා නැති එකම හොඳයි කියලා හිතුනා. (අ)
මේ කාරණය දිහා විවිධ කෝණ වලින් බැලිය හැකියි. මෙතන කතා නායකයා වී සිටින්නේ දේශපාලකයෙකුගේ පුතෙකි. ප්‍රශ්නය දික් ගැහෙන්නෙත් කෙනෙකුට සාකච්ඡාවකට මාතෘකාවක් වෙන්නෙත් ඒ නිසයි. කෙසේ වෙතත් මේ සිද්ධිය විවිධ මාධ්‍ය මගින් තමන්ට රිසි සේ විවිධාකාරයට හෙළි කර ඇත. එහෙත් එහි තත්වය දන්නේ සිද්ධියට අදාළ දෙපාර්ශවය පමණි. එහෙයින් මා සිතන්නේ කරුණු හරිහැටි නොදැන කතා කරනු වෙනුවට සිදුවන දේ බලා සිටීම ඉතාම හොඳම දේය. අපි කුමක් කිවත් මේ කාරණය යටින් දුගඳ වහනය වන දේශපාලන හස්තයක් එහා මෙහා වනු වැටහෙන හෙයිනි. එහෙත් කාටත් සාධාරණ නිතිය මේ පුවතේ මාතෘකාවට අනුව නියෝග කිරීමක් ගැන අපි ඇහුවාමයි. (බ)
ඇයි දැරිය සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වීමක් හෝ කිසිදු විරෝධයක් නොදක්වන බවට ප්‍රතිඥා ගත්තේ එතන මානව හිමිකම් කඩ කරලනේ. අනික බාලවයස්කාර දැරියක් (කේ)
හැම දෙමපින්ක්ම තම දියණිය හොදින් රක ගන්න උනන්දු වෙනවා .එ්වගේම තම දියණියන්ට හොද මගක් කියල දෙන්න හැම දෙමපින්ම බැදී සිටිනවා .මෙම දෙන්නත් ඒ වගේම කැමතියි,හොදට හිතල බලන්න. දෙමාපියන්ට දරුවා වටිනවා.(කේ)
යහ පාලනයේ අප්පාගේ පුතාගේ වැඩද මේ.(කේ)
“මම ආයෙත් මගේ අම්මා ළඟට යන්නෙ නෑ" කියල දුවෙක් කියනවා නමි ඒ ළමයාව කෙසේ අනාරක්ෂිත ලෙස ඇයගේ මව ළඟට යවන්නද? “මේ දරුවා කැමති නම් අපි ඇයව යවන්න සූදානම්" යයි ඇමතිවරයා පුවත්පත්වලට දැනුම් දී තිබුණා නේද? මෙය බලෙන් රඳවා තැබීමක් නම් නොවෙයි වගේ !!! (බ)
තමුන්ගේ දරුවා නැති වේදනාව තියෙන්නේ දෙමව්පියන්න්ට , එම නිසා ඒ ගැන අදහස් දැක්වීමට හෝ විරෝදතා දැක්වීමට ඔව්නට සාධාරණ ඓතියක් තිබිය යුතුය්.තාත්තල දේසපාලනේ කරනකොට පුතාල සමාජය තුල පිස්සු කෙලීම දැන් පුරුද්දක් වෙලා .(කේ)
දරු දුකට අඬන්නවත් දරු දුක කියන්නවත් ඉඩ නැති නීතියක් ! (කේ)
මිලානෝ හී ජීවත් වුණත්,ලංකාව ගැන මෙය කියවූ, මට ලැජ්ජයි! අම්මා කෙනෙක් වශයනෙ මට හරිම දුකයි. අපි කොච්චර මහන්සි වෙනවාද ළමයෙක් හදන්න…විශේෂයන් ගැහැණු ළමයක්, නරක වයසෙ දී වැරදි ආශ්‍රයෙන් තරැණ ළමයි නොමග යන මෙවැනි අවස්ථාවලදී ඔවුන් හරි මග යැවීමට උත්සහ ගැනීමට රජය ආධාර කළයුතු අතර රැකුල් දැමීම නොකල යුතුයි. කරැණාකර සැම දෙනාම මේ අම්මා සහ තාත්තා සමග එකතු වී දරැවාව සාම විනිසුරු මණ්ඩලයක් ඉදිරියේ දෙමව්‍පිය මුණගැස්සවීමට කටයුතු කරන මෙන් ඉල්ලමු. එහිදී ඇත්තටම ළමයාට අම්මාව එපාවෙලාදඞ නැතිනම් කාට හරි බයෙන් , හැංගිලා ඉන්නවාද කියලා හරි තීරණයක් ගන්න පුලුවන්. මේ රටවල එවැනි හමුවීම් කීපයක් කිරීමෙන් පසුවයි හරි තීරණයකට එළඹෙන්නේ.මට මා මේ රටේ කරන රක්ෂාව අනුව මේ සම්බන්ධ සෑහෙන අත් දැකීම් තියෙනවා. දරැවෙක් නොමගට යවලා දෙමව්පියන් ගෙන් වෙන් කරලීම සාප දෙන පවක්! වහාම නීතිය ක්‍රියා කළ යුතුයි. (කේ)
ඇමති රාජිත මේ ගැන වහා ක්‍රියාත්මක විය යුතුයි
අනේ අම්මේ තාත්තේ, අපි ඉතින් මොනවා කරන්නද? (නි)
දේශපාලනය නීතියට උඩින්ද? (නි)
චන්දන මහත්තයෝ,තේරෙන්නේ නැද්ද? සාමාන්‍ය පොඩි කෙනෙක් මෙය කළා නම් මෙහෙමද විසඳෙන්නේ ? (නි)
අනේ මේ! ලොක්කෙක්ගේ ප්‍රශ්නයක් නේද? අපි කට වහගෙන ඉඳිමු (නි)
තමන්ගේ දරුවෙක් ගැන දෙමාපියන්ට අදහස් දක්වන්න බැරිද? (නි)
කොහොමද සමහරුන්ගේ වැඩ? ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ... (නි)
ප්‍රතිඥාව එයාලා ස්වකැමැත්තෙන්ම දුන්නද? (නි)
අපි බලමුකෝ ඉදිරිය ගැන (නි)
මේක ආසියාතික රටවල තිබෙන ගැටලුවක්.මේකට නීතියක් ගෙන ආ යුතු බව මගේ හැඟීමයි. නිසි වයසට පෙර විවාහ කරදීම හා වීවාහවීම දඬුවම් ලැබිය හැකි වරදක් (නි)
මේ සේනාරත්න කියන පුද්ගලයා රජයේ ඇමතිවරයෙක් නේද? මම දන්නා තරමට මෙවැනි චෝදනා තිබෙන කෙනෙක් කොහොමද රජයේ ඇමති කෙනෙක් විදිහට වැඩ කරන්නේ? මෙයාගේ තීරණ ගැනීමේ හැකියාව ගැන ජනතාවට විශ්වාසයක් තැබිය නොහැකි නිසා ලෝකයේ දියුණු රටවල කරනවා වගේ, ඔහු ඒ චෝදනා වලින් නිදහස් වනතෙක් පාර්ලිමේන්තුවෙන් තාවකාලිකව ඉවත් කළයුතුයි කියලයි මට නම් හිතෙන්නේ. (නි)
අනේ පවු අසරණ දෙමව්පියෝ.නීතිය දැන් අකුරටම ක්‍රියාත්මකයි වගේ නේද? (නි)
ලංකාවේ නීතිය නම් හරි ෂෝක්.දෙමාපියන්ට කතාකරන්න බැහැ? (නි)
මෙහි සත්‍ය සිදුවීම නොදැන කිසිවක් නොලියමි (නි)
උසාවිය කාවද ආරක්ෂා කරන්නේ? වගඋත්තරකරුවන්වද? නැත්නම් පැමිණිලිකරුවන්වද? (නි)
නීතිය යටගිහින් දෙමාපියන් බයකරලා තිබෙන බව පෙනෙනවා.හැමදෙනාටම නීතිය අකුරටම ක්‍රියාත්මක බව කියන රාජිතමද මේ? (නි)
අනේ පවු ඒ දෙමාපියන් (නි)
රාජිතගේ අතීත කතා දන්නා අය කටවහගෙන ඉන්න එක හොද බව තේරුම් අරගෙන මම හිතන්නේ. (බ)
දැරිය බාල වයස්කාර දරුවෙක් නම්, තම දරුවා වෙනුවෙන් මාධ්‍යට ප්‍රකාශ කිරීමේ අයිතියක් දෙමව්පියන්ට නැද්ද? (ම)
ප්‍රියා, මහත්මිය කියන දේවල් වල ඇත්තක් තියෙනවා. (ර)
මම දන්නේ නැති නිසයි අහන්නේ මොකද කරන්නේ? මම හිතන්නේ මානව හිමිකම් කඩවෙනවා ඇති (බ)
තාත්ත බලවතෙක්නම් තමන්ගේ දරුවා ගැන කටවහගෙන ඉන්න කියල උසාවිය කියන නීතියක් තියන රටවලුත් මේ ලෝකයේ තියනවද? "උනහපුලුවටත් උගේ පැටියා මැණිකක්" කියන්නේ නිකන්ද. බලය නැත්නම් තමන්ගේ දරුවා හප කරලා ඉවරවුනාට පසු පැහැරගෙන ගිය අයට අවවාද කරලා නිදහස්කරයි. ලාබාල ගැහැණු දරුවා අරන් ගිහින් වයස හරියනතුරු කල්ගතකරමින් සිට දැන් ඉතින් දරුවට වයස හරි කියන්නයි යන්නේ. (බ)
ඔන්න ඔන්න යහපලානේ....අධිකරණයෙන් අායිමත් කියනකම් කටහොල්ලන්ට තහනම්. රිට් නියෝගයක් ගන්න හැකි ඉක්මනට..(බ)