ආසියා සත්වෝද්‍යානයක මෙන්ම දෙහිවල ජාතික සත්වෝද්‍යාන 79 වසරක ඉතිහාසයේ ප්‍රථම වරට දෙසැම්බර් 14 දින උපත ලද අති දුර්ලබ කැලෑ අශ්ව පැටවකු වැස්සට තෙමී පිටගැස්ම වැළඳීමෙන් මිය ගියේය.
රතු දත්ත පොත අනුව අතිශයින් වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින කැලෑ අශ්වයින් දැනට ලෝකයේ ඇත්තේ 800කට අඩු ප්‍රමාණයකි.
අශ්ව පැටියා වැස්සට තෙමිලා නිව්මෝනියාව හැදිල මිය ගිය බව සේවකයන් පැවසු බවද නමුත් මරණ පරීක්ෂාණ වාර්තාව පරීක්ෂා නොකර එසේ කිව නොහැකි බවත් සත්වෝද්‍යාන අතිරේක අධ්‍යක්ෂිකා ධම්මිකා මල්සිංහ මහත්මිය කීවාය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරීක්ෂණ නොකලට සත්තු එක්ක ගැවසෙන සේවකයෝ දන්නවා හොදින් සත්තු ගැන. (ර)
තෙමෙන්න තිබ්බේ ඇයි.? (ර)
සේවයේ අකාර්‍යක්ෂමතාවය පව්නෙ. (බ)
දුර්ලබ සතෙකුගේ වටිනාකම තේරුම් ගන්නේ නෑ කවුරුත්. (ර)
මොකද කැලේ ඉන්න අස්සවයෝ තෙමෙන්නේ නැද්ද.? (ර)
මේක හරි වැඩක් නේ. කැලෑ අශ්වයෝ කැලෑවෙ ඉන්නකොට තෙමුණේ නෑද්ද? උන් දැන් පොෂ් වෙලාද.? (ර)
කැලේ ඉන්න සතුන් වගේ නෙමෙයි මේවායේ ඉන්නකොට සත්තු අවුවට වැස්සට හුරු නැතිවෙනවා. උන්ව හරියට බලාගන්න ඕනෑ. අනේ පවු! (නි)
සත්තු වත්තට ගියාම හිතට ඇතිවෙන්නේ දුකක්.ගොඩක් සත්තු දුකින් ඉන්නේ. ජීවිතාන්තය දක්වා පොඩි පොඩි කූඩු වල හිරවෙලා ඉන්න අහිංසක සත්තු දැකලා මනුසත්තු සතුටක් විඳින්නේ කොහොමද කියන එක මට ප්‍රශ්නයක්. සමහර සතුන්ට කෑම වතුර ටික, ඉඩ පහසුකම් ප්‍රමාණවත් නැහැ. සහකරුවෙක් සහකාරියෙක් නැතුව, දරු හුරතලයක් බලන්න, මවක් පියෙක් වෙන්න උරුමයක් නැතුව, මුළු ජීවිතේම තනියෙම කූඩුවල ඉන්න සත්තු මොනතරම් දුකක් විඳිනවා ඇද්ද? (නි)
සත්තු වත්තක් බලන්න ගියාම කාටවත් දුක හිතුනේ නැද්ද කූඩු වෙලා ඉන්න අහිංසක සත්තු දැකලා (බ)
මෙතනත් හරියට දුෂිත තැනක් සතුන්ට දෙන මස් ටිකත් ගෙදර ගෙනියන එවුන් ඉන්නේ , සතුන්ට බෙහෙත් නොකර වැඩ කරන එවුන් ඡන්දෙ වැඩ වලට යන්න ඇති (බ)
කුමාර ඔබ හරි. අශ්වයෝ කැලේ ඉන්නකොට තෙමෙනවද නැද්ද කියන එක නෙමෙයි ගැටළුව. කූඩු කරගෙන ඉන්න අහිංසක සතුන්ට අඩු තරමේ නිසි සැලකිල්ලක් දැක්වීම තමයි නේද යුතුකම? දෙහිවල සත්වෝද්‍යානය අපට තියෙන සම්පතක් ඒ වගේම එහි සිටින සතුන් ආරක්ෂා කිරීමත් වගකීමක් කියන එකයි මගේ අදහස. (බ)
චන්ද්‍ර ඔබ 100% ක්ම හරි. මේක නිව්මෝනියාව වියයුතුයි. තෙමුනහම පෙනහළු ආසාදනය වෙලා නිව්මෝනියාව හැදෙන්න පුළුවන් නිසි ප්‍රථිකාර නොකළොත් (නි)
සමහරවිට උන් සිටි රටවලට මෙතරම් වර්ෂාවක් නැතුව අැති. මතකනෙ පසුගිය දවස්වල වැස්ස? (නි)
මොවුන්ගේ නිජබිම් කාන්තාර දේශගුණයක් තිබෙන රටවල්. වැස්ස ඉතාමත් අඩුයි. (නි)
සත්තු වත්තේ බලධාරීන්ගේ වගකීම තමයි සත්තු වත්තේ ඉන්න සතුන්ට අවශ්‍ය පාරිසරික වටපිටාව උපරිමය ලබාදී ආරක්ෂාකාරීව රැකබලා ගැනීම. ශ්‍රී ලංකාවේ වනාන්තර වලට වැටෙන වර්ෂාපතනය නෙමෙයි ඒ සතුන්ගේ ජන්ම භූමිවල තිබෙන වනාන්තර වලට වැටෙන්නේ.ඒවා ගොඩක් දන්නා අය තමයි සත්තු වත්තේ ලොකු කට්ටිය. එහෙත් අවාසනාව කියන්නේ අපරාදේ සත්තු මැරෙන එක. ඇනකොන්ඩා පැටවූ කීයක් මැරුණද? කළු රයිනෝ,හිපෝ... ලිස්ට් එක ගොඩක් ලොකුයි මහත්තයෝ. අහිංසක සතුන්ව හිරකරගෙන ඉන්නවා නම් ඒගොල්ලෝගැන මීට වඩා හොයලා බලන්න ඕනෑ (නි).
අපරාදේ! (නි)
කැලේ ඉන්න ඕනෑ සත්තු හිටියේ කුඩුවල. ඒ අය ආවරණ තුළ වැඩුනේ. කෑම බීම වුවත් කැලේ වගේ සොයාගෙන කෑමට බැහැ. මිනිසා විසින් දෙන දේවල් පමණයි කෑමට ගන්නේ. එම නිසා ඔවුන්ට වර්ෂාවෙන් තෙමීම එතරම් ඔරොත්තුදීමේ ශක්තියක් නැහැ. (නි)
හේතුව මොනවා වුණත් අහිංසක සතා පවු (නි)
වැස්සට තෙමුනහම පිටගැස්ම හැදෙනවද? මා නම් අසා තිබෙන්නේ ක්ලොස්ට්‍රීඩියම් ටෙටනයි කියන බැක්ටිරියාව ශරීරගත වූවිට පිටගැස්ම හැදෙන බවයි. (නි)
මේ වගේ දුර්ලභ සතෙක් ගැන මීට වඩා අවධානයෙන් ඉන්න තිබුනා (නි)
මේ වගේ සත්තු මීට කලිනුත් මියගියා. මේ වගේ තැන් වලට පත්වෙන්න ඕනෑ සත්ව කරුණාව තිබෙන අය. මේවාට බලධාරීන් වගකිවයුතුයි (නි)
ඕස්ට්‍රේලියාවේ ඉන්න චන්ද්‍ර වීරසිංහත් දන්නා දේවල්? (නි)
පවු අහිංසයා! (නි)
මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා කියන්න කෙනෙක් නැද්ද දන්නෙ නැහැ (නි)
සත්තු නිකන් මැරෙනකන් බලන් ඉන්නේ ඇයි.(හේ)
දැන් සත්තු කොච්චර නම් මැරුණද .. එත් බලධාරීන්ට නම් කිසිම ගානක් නැහැ වගේ .(හේ)