නීතිවිරෝධී ලෙස දුර්ලභ ගණයේ පක්ෂීන් ඇතුළු ශ්‍රී ලංකාවට ආවේණික සතුන් කූඩුකර සිටි පුද්ගලයකු එම සතුන් සමග අත්අඩංගුවට ගත් බව වනජීවී හදිසී වැටලීම් අංශය කියයි.
පඩු ගිරවුන් දෙදෙනෙක්, අලු ගිරවුන් දස දෙනෙක්, ගල් ඉබ්බන් දෙදෙනෙක් සහ වළි කුකුලන් සිව් දෙනෙක් එම සතුන් අතර සිටිති.
එම පක්ෂීන් බෝ කර අළෙවි කිරීම සදහා වැඩිහිටි පක්ෂීන්ගේ බිත්තර යොදා ගන්නා බවත් මේ සඳහා විදුලි බිත්තර රැකුම් යන්ත්‍රයක් ද භාවිත කර ඇති බවත් එම අංශය කියයි.
වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතට ගැනෙන ආරක්ෂිත සත්ව විශේෂයක් ජීවග්‍රාහණයෙන් හෝ මියගිය නිදර්ශකයක් වශයෙන් හෝ තම සන්තකයේ තබා ගැනීම, ප්‍රදර්ශනය හෝ විකිණීම නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අයට කොහෙද අපේ දේවල් වල අගයක් තියෙන්නේ? (නි)
ආයෙත් කවදාවත් නොකරන්න උපරිම දඬුවම් දියයුතුයි. (නි)