දිනේෂ් උපේන්ද්‍ර
පාසලේදී වයස 17ක සිසුවිය ලිංගික අපයෝජනයට ලක් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා එළැඹෙන 1 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි එස් විජේතුංග මහත්මිය අද (26) නියම කළාය.
කුලියාපිටිය නගරය ආසන්නව පිහිටි ප්‍රධාන පාසලක විදුහල්පතිවරයකු ලෙස සේවය කළ අයෙකු එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
පොලිසිය එහිදී කරුණු දක්වමින් අධිකරණයට පැවසුවේ අවස්ථා කිහිපයකදීම වාචිකවත් කායිකවත් විදුහල්පතිවරයා විසින් දැරිය අතවරයට ලක්කළ බව විමර්ශනයේ දී හෙළිවූ බවයි.
සැකකාර විදුහල්පතිවරයා වෙනුවෙන් කරුණු කී නීතිඥයින් කියාසිටියේ මෙය විදුහල්පතිකම ලබාගන්නට කැසකවමින් සිටින ගුරුවරියක් විසින් සංවිධානාත්මකව සිදුකරන කුමන්ත්රණයක ප්‍රතිඵල බවයි.
සැකකාර විදුහල්පතිවරයා පාසලට පැමිණි වසර එක හමාරක් වැනි කාලයකදී සාමාන්‍ය පෙල ප්‍රතිපළ 60% දක්වා වර්ධනය කර පෙන්වා ඇති අතර සමස්ත ප්‍රතිඵලය 40% කින් වර්ධනය කරඇති බවද නීතිඥයින් අධිකරණයට කරුණු දැක්විය.
සිද්ධිය වූ දිනය හා පැමිණිල්ල කළ දිනය අතර ඇති කාල පරාසයද සැකයට තුඩුදෙන බව පැවසූ නීතිඥයින් සැකකාර විදුහල්පතිවරයාට ඇප ලබාදෙන ලෙසට ඉල්ලීම් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුහල්පතිවරුන් දරුවන් අපයෝජනය කරද්දී, සමහර ගුරුවරු, ගුරුවරියන් දරුවන්ට අමානුෂික කායික සහ මානසික දඬුවම් පමුණුවති. සමහරු මෙවැනි දඬුවම් ගුරුවරුන් සතු අයිතියක් සලකති. තමන්ගේ දරුවා රෝගියෙක් වුනදාට තමයි තේරෙන්නේ.
කොහොමද අපේ නීතිඥයින්? මොන ගැහැණු ළමයක් හෝ සිසුවියක් ස්වෙච්චාවෙන් බොරුවට ඉදිරිපත් වෙනවද තමන් ලිංගික අපයෝජනයට ලක්වුණා කියලා? මේ වගේ නීතිඥයින් ඉන්නකල්, මේ රට හදන්න පුලුවන්ද?