වැල්ලව අඹකොළවත්තෙන් අඟහරුවාදා අලුයම අතුරුදන් වූ තමාරා කේෂාණි බණ්ඩාර දැරිය ගැන අද තුන් වැනි දිනටත් තොරතුරක් ලැබී නැත.
දැරිය සෙවීමට රහස් පොලිසිය ද කැඳවා ඇත.
කටඋත්තරයක් ලබා ගැනීම සඳහා දැරියගේ මව අද වැල්ලව පොලිසියට කැඳවා තිබිණි.
වැල්ලව අඹකොළවත්තෙන් අඟහරුවාදා අලුයම අතුරුදන් වූ තමාරා කේෂාණි බණ්ඩාර දැරිය ගැන අද තුන් වැනි දිනටත් තොරතුරක් ලැබී නැත.
දැරිය සෙවීමට රහස් පොලිසිය ද කැඳවා ඇත.
කටඋත්තරයක් ලබා ගැනීම සඳහා දැරියගේ මව අද වැල්ලව පොලිසියට කැඳවා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නම් ඉවසුවා ඇති. මේ අපරාධ නවත්වන්න රටේ නීතිය හරි හැටි ක්‍රියාත්මක කරන්න. නැත්නම් අපරාධකාරයින්ට රට බාරදීලා අපි මුහුදේ පනිමු. (නි)
අර කලින් දරුවා උස්සපු අයට හරි දඩුවමක් දුන්නා නම් තව ඔය වගේ දේවල් වෙන්නේ නැහැ. මේ ගොල්ලන්ව අල්ලලා එක පාරෙන් එලොව යවලා දාන්න මොන නඩුද (නදී)
රටේ නීතිය අගාධයටම ගිහින් තියන රටේ මේවා මොනවාද? මේවාට දඩුවම් දෙන්න ගල්ෆ් වල වගේ බෙල්ල නෙමෙයි, මුළු කඳම වෙන්වෙන්ව කපන්න ඕනෑ. හිරේට නම් දාන්න එපා. තවත් රටට ණය වෙනවා (නි)
ධම්ම, ආරංචියක් තියනවා ඔය කියපු වර්ගයේ කෙනෙකුත් පසුගිය කාලයේ මේ ගෙදර කරක් ගැහුවා කියලා. එයාගෙනුත් ප්‍රශ්න කෙරුනාලු. (නදී)
ඇයි ඒ ළමයා ඇඩුවේ නැත්තේ ගෙදරින් එලියට ගන්න කොට (නදී)
මොකක්ද මේ වෙන විනාසේ. ඇයි අහිංසක දරුවාගෙන් මේ විදියට පලි ගන්නේ ? (නදී)
ධම්ම මෙන්න ඔයාට මගේ ප්‍රණාමය. එහෙම කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් ඔයාගේ වියදමෙන් බාගයක් මම දෙනවා විතරක් නෙමෙයි වැඩේ හරියට කරන මිනිහට (ඒක කවදාවත් කෙරෙන දෙයක් නෙමි ඒක වෙනම කතාවක් ) ලොකු මුදල් තෑග්ගකුත් (අමාරුවෙන් හරි ) දෙනවා පුළුවන් නම් එන්න. මට නම් හරිම සැකයක් තියනවා අර "කට්ටඩිය " කියන මිනිහ ගැන අපි බලමු (නදී)
මිනිසුන්ට ජීවත් වෙන්න අමාරු වෙනකොට අපරාදයක් කරලා හරි ජීවත් වෙන්නයි හදන්නේ. එ්කට අහිංසක ජීවිත පලි නැහැ තමයි. එ්ත් රටේ ඉන්න වගකිවයුත්තන් මේ ගැන සිතන්න ඕනේ (නදී)
ගහලයන් සේනාව වැරදි අර්ථකතයන්ට යොදාගෙන පහත් පෙලේ රසයක් විදිනු පෙනේ (නදී)
කුෂී,ඔබ හරියටම හරි. මමත් දැක්කා ඒ දැරියගේ රූපයක්. ඇස්වහක් කටවහක් නැහැ රජ පැටියෙකුගේ පෙනුම තියෙන්නේ දැරියට. දුප්පත් පවුලක කියලා නම් හිතන්නවත් බැහැ පෙනුම. හරිම පින්පාටයි. (නි)
දැන් අපේ ධර්මද්වීපයේ සිද්ධවෙන දේවල් ගැන පුදුමයි (නි)
සරත් හොඳයි පොලිසියට. ඒක හොඳ තර්කයක්. ඇයි ළමයා එළියට ගන්නකොට සද්ද නොකළේ? ඒ කියන්නේ ළමය අඳුනන කෙනෙක් ළමයාව අරගෙන ගියා කියන එක වෙන්න බැරිද? (නි)
හොරයි, බබයි දෙන්නෙක්ම නිසා ග්‍රේරුගේ ඉව පාර සාර්ථක කරගන්න බැරි අපහසු තාවය කුමක්ද යන්නයි ප්‍රශ්නය ! (ස)
මොකක්ද අප්පා අපේ රටට හැමදාම මේ පාත්වෙන හෙණගෙඩි. (ස)
දශමයකින් හෝ රටේ දේශසපාලුවෙකුට සම්බන්ද නම් ඉතින් දරුවට දෙවියන්ගේම පිහිටයි. (නදී)
පිට රට විකාශනය වන සිංහල රුපවාහිනී චැනලයක මෑණිවරු, හුලවාලියෝ, කට්ටඩියෝ, ගුරුන්, ශාස්ත්‍ර කාරයෝ, ජ්‍යෝතිෂ ඔස්තාද්ලා ආදීන්ගේ ලිපිනයන් සහ දුරකථන අංක නිතර දෙවේලේ විකාශනය කරනවා. මා ආරාධනා කරනවා එයින් කෙනෙකුට මේ දැරිය හොයා ගන්න ඉදිරිපත් වෙන්න කියලා. වියදම මා දරන්නම්. (නදී)
මහා භයානක රෝගයක් විධියට රට පුරාම මේකත් පැතිරෙන්නයි එන්නේ, හරි පිළියමක් නොයෙදුවොත් රට විනාස වෙයි. (ස)
ධනිදු හොයන්න ඉහලින් ලැබුණු උපකාර මෙම දුප්පත් දැරියටද ලැබේවා!!! එතෙක් තෙරුවන් පිහිට , දෙවි රැකවරණ මෙම දැරියට ලැබේවා !!!(අ)
ආරංචියක් තිබෙනවා මේ ගෙදරට නිතර දේවාල කපුවෙක් ආවා ගියාලු. මේ ගෙදර දරුවන් එක්ක නිතර ගැවසුනාලු. අතුරුදහන් වූ දැරිය දරු කමට හදා ගන්නත් ඉල්ලුවාලු. හැබැයි පොලිසියට කියලා තියෙන්නේ එයා මොනවත් මේ ගැන දන්නේ නැහැ කියලාලු. මට නම් විශ්වාස නැහැ. පිටස්තරයන් සම්බන්ධයෙන් මේ කාලයේ විස්වාශ කරන්නේ කොහොමද තමන්ගේ කෙනෙක්වත් හරියට හිතා ගන්න බැරි කොට.(නදී)
මේ රත්තරන් දු සිඟිත්තා හැකි ඉක්මනින් සොයාදෙන්න. පොලිසියේ උතුම් නිලදරුවනි, ඔබ අපේ විශ්වාසයයි. මාධ්‍යයේ නිලදරුවනි, ඔබ අපේ ශක්තියයි. (නි)
ලංකාවේ ළමයි උස්සන එක දැන් සෙල්ලමක් වෙලා. ලොකු අය ළමයි හුරතල් කලාට මේ වගේ අතුරුදහන් වෙන දරුවන්ගේ දුක දන්නේ නැහැ. මේ විනාශේ මෙතනින් නවතින්න ඕනා. එ්කට ගන්න තියෙන එකම හොදම දේ මේ වැරදී කරන මිනිස්සුන්ව ප්‍රසිද්දියේ මරලා දන්නා ඕනා. එක්කෙනෙකුට හරි ඕක කලා නම් ලංකාවේ ඔය වගේ අපරාධ වෙන එක නවත්තන්න පුළුවන්. මේ දරුවා අරන් ගිය අය අහු උනාම උසාවි දාලා හුරතල් කරලා එලියට දැම්මම අනිත් අයත් කරන්නේ ඒ දෙයමයි. හොරුන්ට අනුකම්පාව ඕන නෑ. (නදී)
මම දරුවාගේ ඡායාරූපයක් පත්තරේක දැක්කා. ඇස් වහක් කටවහක් නැහැ රජ පැටියෙකුගේ පෙනුම තියෙන්නේ දැරියට. දුප්පත් පවුලක කියල නම් හිතන්න වත් බැහැ පෙනුම. හරිම පින්පාටයි. තෙරුවන් සරණින් ඉක්මනින් ඇයව හමු වේවා. (නදී)
සේනාවට බාර දුන්නා නම් මෙලහකටත් අතුරුදහන් කල අය සුන්. (නදී)