පසුගිය සතියේදී වැල්ලවත්ත මහල් නිවාස සංකීර්ණයෙන් දැරියක් ඇද වැටී මිය ගියේ එහි ආරක්ෂක වැට අතුලු පහසුකම් නොතිබු නිසා යැයි දෙහිවල ගල්කිස්ස නගර සභා මන්ත්‍රී ෆරීනා කසීර් මහත්මිය ලිපියක් යවමින් ජනපතිට දන්වා ඇත.
මේ ගැන පරීක්ෂණයක් පවත්වන ලෙසත්, මහල් නිවාසය අනතුරුදායක තත්වයෙන් වලක්වන ලෙසත් ඇය එයින් ඉල්ලා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැරිය ගැන ඇත්තටම දුකයි. නමුත් වැඩිහිටියන් දැනගන්න ඕනෑ පදිංචිවෙන්න පෙර සොයාබලන්න (නි)
මේකට කවුරුවත් වගකියන්න, මේකේ පදිංචි වෙන්න කියලා කවුරුවත් බලකළේ නැහැනේ? (නි)
මේ ගැන අදාළ සමාගමට හෝ පොලිසියට කළහැකි දෙයක් තිබේද? (නි)
ආරක්ෂක වැට විතරක් නෙමෙයි, අවුරුදු 4 දැරියකගේ ආරක්ෂාව අවුරුදු 8 දැරියට බාරදුන් අම්මාගෙත් වැරැද්දක් තිබෙනවා. තමන්ගේ නොවන තැනක ඒ දැරියන් දෙන්නාට වැඩිහිටි ආරක්ෂාවක් නැතුව ඇවිදින්න සැළැස්සුවා. මට නම් හිතෙන්නේ එහෙමයි. (නි)
ඕනිම දෙයක් කාට කාටත් පේන්නේ එක්කෙනෙක් දෙන්නෙක් මැරුණම තමා. ඇයි ඊට කලින් වාසයට සුදුසුද, නැද්ද කියල බලධාරීන්ට පෙනුනේ නෙත්තේ.? (ර)
මේ දරුවා වැටුන එක ඇහුණාම පුදුම දුකක් ඇතිවුනේ. එත් ඔතන අඩි 4ක බැම්මක් තියනවා. ඒ වගේම දරුවෙකුට මෙල්ල කරන්න එතරම් පහසු නැති දොරකුත් තියනවා. ඔය වගේ පුංචි කෙලිපැටියෙක්ට ඕක උඩින් පනින්න පුලුවන්ද.? මේක ගැන මීට වඩා හොයන්න. (ර)
මා හට නම් මෙය පිළිගත නොහැකියි. නමුත් කුඩා දරුවන් තනිවම සෝපානයක් දිගේ ඉහළට යැවීම නම් දෙමාපිය නොසැළකිල්ලයි. වැටීම තවම අබිරහසක්. නමුත් වතුර ගැනීමට නැවත ඉහළ මහළට යාමට සිදුවුණේ පහළ සෙල්ලම් කරන උයනෙහි බීමට ජල පහසුකම් ලබාදී නොතිබුන නිසයි. එය ගොඩනැගිලි සැළසුමේ වරදක්. (නි)
මම නම් කියන්නේ මේක දෙමව්පියන්ගේ නොසැලකිල්ල. වග කිව යුත්තෝ දෙමාපියෝය. (නදී)
ආරක්ෂාවක් නොමැතිව නිවාස සංකීර්ණ හදලා මොවුන් කරන්නේ සමාජයට මහත් වූ ද්‍රෝහී කමක්. මේවාට අනුමැතිය දෙන්නේ කව්ද ? (නදී)
මේකට කාටත් වරද පටවන්න ඕනේ නෑ. ළමයාව බලා ගත්තා නම්. සමහර දෙමාපියන් ළමයින්ට දක්වන්නේ අඩු සැලකිල්ලක් .මටත් අත්දැකිම් දෙකක් තියෙනවා.. යතුරු පැදියක අවු. දෙකක් පමණ වයස ඇති දරුවෙකු පිටුපස අසුනේ හිඳවාගෙන යතුරු පැදි ධාවනය කරගෙන යනවා. ළමයාට නින්ද ගිහින් ඒ මේ අත වැනේනවා. මා කිහිප විටක් ඔහුට මේ බව පැවසුවත් ඔහු කිසිදු ගානක් නැතිව ගියා. මේ හා සමාන සිද්ධියක් ඩීමෝ ලොරි රථයක පිටුපස දුටුවා කිසිදු අවාරණ නොමැති ලොරි රථයේ මේට්ටයක් දමා කුඩා දරුවන් දෙදෙනෙකු නිදි කරවා ගෙන අම්මා තාත්තා ඉදිරිපස යනවා. එයද දැන්වුවත් ඔවුන් සැලකිළිමත් වුණේ නෑ(දිල්)