(කේ. බුද්ධික කුමාරසිරි)

හංවැල්ල ජල්තර ප්‍රදේශයේ දී 16 හැවිරිදි ශිෂ්‍යාවක සමූහ දූෂණයට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි තරුණයන් 08 දෙනා පසු ජුලි මස 05 වන දින දක්වා යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි හෝමාගම වැඩ බලන මහේස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන මහතා නියෝග කළේය. 

අතවරයට පත් වින්දිත දැරිය තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බැවින් අද (28) දින පැවැත්වීමට නියමිතව තිබූ හදුනා ගැනීමේ පෙරෙට්ටුව යලි කල් තැබීමට ද නියෝග කළේය.

ඒ අනුව එදින පලමු සහ තුන්වන සැකකරුවන් දෙදෙනා හැර අනෙක් සැකකරුවන් හය දෙනා එදින හදුනා ගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිත වේ

දූෂණය සිදු කිරීම, බලහත්කාරයෙන් රඳවා ගැනීම, පැහැරගෙන යාම සහ නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම යන චෝදනා හතරක් යටතේ චෝදනා ගොනුකර මෙම සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි