කොටදෙණියාව බඩල්ගම දැරිය කෙළෙසා මරා දැමීයැයි කියන සැකකරු ගම්පහ, බදුවතුගොඩ කැලේ සැඟවී සිටියදී අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඔහු දැරිය ජීවත්ව සිටි නිවෙස ආසන්නයේ පදිංචි අයකු බවත් කියති.
දැනට මේ සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් දෙදෙනකු රිමාන්ඩ් භාරයේ පසුවෙති.
සැකකරු අල්ලා ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් සිදුකළ මෙහෙයුමකදී කැලයේ සැඟවී සිටි සැකකරු අල්ලා ගැනීමට පොලිසිය සමත්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පස්සේ මෙයත් නෙමෙයි කියයිද දන්නේ නෑ...(අ)
මේ අපරාධකාරයා නිදහස් කරන්න නම් එපා (අ)
හරියාකාරව වරද තහවුරු වන තුරු මිනිසුන්ට චෝදනා කිරීම විශාල හානියක් එනිසා වරද ඔප්පුවන තුරු හැමේම වගකීමෙන් වැඩ කරන්න ඕන (අ)
නැහැ ශාන්ත තියෙන්නේ ක්‍රම දෙකයි 1) සගවපු ආයුද සොයාගැනීමේ තරගයට හෝ 2) තරග කරුවනට මාංචු පිටින් පමණක් සහභාගි විය හැකි පිහිනුම් තරගයකට මෙයාව සහභාගි කිරීම ( පහුගිය රජයේ කාලයේදී නම් අපරාද කාරයෝ මහත් උද්යෝගයෙන් මේ තරංග වලට සහබාගි වුණා පදක්කම් දිනුව (අ)
මෙවැනි අපරාද කරපු නරුමය මොකද ලෝකයට නොපෙන්වන්නේ,අයෙත් ඔවැනි දේවල් කරන්නද, කලින් පුංචි දරුවන් 2ක් මැරුවට අවරුදු 5යි, මෙදරුව වෙනුවෙන් අවරුදු කියද? එල්ලුම් ගස් නැද්ද ? (අ)
ඩි එන් ඒ පරීක්ෂණ වලින් ඔප්පු වුණොත් ප්‍රසිද්ද වේදිකාවකට ගෙනත් ජනතා දඩුවම් ලබා දීමට අවස්ථාව දෙන්න. එහෙනම් පළමු දඩුවම මගෙන්. (අ)
නියම සැකකරු සුක්සම ලෙස සොයා ගත යුතුයි නැත්නම් නිකම් සැක හිතෙන පලියට එක එක්කෙනාට චෝදනා කරන කොට ඒ අය සමාජයට මුහුණ දෙන්නේ කොහොමද? පස්සේ නිවැරදි කාරයෝ කියුවත් වැඩක් නැහැ (බ)
එතකොට කලින් අල්ලපු අයත් මේකෙ හවුල්කාරයොද නැද්ද කියල මාධ්‍ය කියන්නෙත් නෑ.පොලිසිය කියන්නෙත් නෑ. (බ)
කලින් අල්ලාගෙන පත්තරවල දාපු ළමයට මොකද වෙන්නේ (බ)
අනේ මොකද මේ සෞදි නීතිය ගෙනෙන්න බැරි? (නි)
මේ නඩුව ඉක්මණින් අසා අවසන් කරන්න (නි)
ඒක තමයි සුනිල් මටත් තියෙන ප්‍රශ්නය (නි)
උෟ ගෙනැල්ල උසාවියෙන් නියෝග දෙන්නේ නැතුව සෞදියේ වගේ මුළු රටටම පේන්න ගල් ගහල හරි එල්ලලා හරි මරල දන්නා ඕනි. (බ)
මෙය බෞද්ධ රටකි. එනිසා මරණ දඬුවම සුදුසු නැත. සැමටම මෛත්‍රිය දක්වමු. එමඟින් වරදකරුවන් යහමඟට පැමිණෙනු ඇත (නි)
මේ හැමදෙයක්ම එක්කෙනෙක්ම කළා කියලා හරියටම කියන්න අමාරුයි. අනික කැලේ හැංගිලා හිටිය එකෙත් මොකක්හරි රහසක් තියෙනවා. (නි)
මේ චෝදනාව සුලුපටු නැහැ (නි)