කැළණි රජ මහා විහාරයේ දුරුතු මහා පුජෝත්සවයේ අවසන් රන්දෝලි පෙරහර සිකුරාදා (22) රාත්‍රී වීදී සංචාරය කළේය.
කැළණි රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියන්ගේ අනුශාසනා පරිදි රාත්‍රී 8.15 යෙදුණු නැකැතින් පැරැණි චාරිත්‍රානුකූලව සධාතුක කරඬුවට පුද පුජා පැවැත්වීමෙන් අනතුරුව ප්‍රධාන බස්නායක නිළමේ ධම්මික ආටිගල මහතාට සධාතුක කරඬුව බාර දුන්නේය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එම කරඬුව මංගල හස්තියා පිට තැන්පත් කළේය.
අලි ඇතුන් ද උඩරට පහත රට නැටුම් ඇතුළු ශ්‍රී ලංකාවේ සම්ප්‍රධායික නැටුම් ගැයුම් වැයුම් මෙහිදී පිළිබිඹු විය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd