දෙරණ රූපවාහිනියේ ‘‘දෙරණ සිහින තරුව’’ ලෙස රියැලිටි ඉතිහාසයේ වැඩිම කෙටි පණිවිඩ ප‍්‍රමාණයක් ලබා කිරුළ පැළඳු ඇඹිලිපිටියේ එම්.ජී. ධනුෂ්ක සිය ගම් ප‍්‍රදේශයට 13දා සන්ධ්‍යාවේ පැමිණියේ දහස් සංඛ්‍යාත රසිකයන්, සහ ඔහුට උදව්කළ හිතවතුන් පිරිවරාගෙන ඔවුන්ගේ පීත්‍රී ඝෝෂා මැද්දේය.
රත්නපුර සිට ඇඹිලිපිටිය දක්වා යාමට ඔහුට දස පැයක් ගත විය.ඔහුගේ රසිකයෝ මඟ දෙපස පෙළ ගැසී ඔල්වරසන් දෙමින් ඔහු පිළිගත්හ. ධනුෂ්ක පැමිණියේ විශේෂ යතුරු පැදි පෙරටු කැරගත් රිය පෙරහරකිනි.
ධනුෂ්කගේ මෙම ජයග‍්‍රාහී ගමන සඳහා ඔහුට සුවිශේෂී දායකත්වයක් දුන් ඇඹිලිපිටිය නගර සභාවේ නාගරික මන්ත‍්‍රී ලසන්ත සිරිපුර, සබරගමුව පළත් සභාවේ සභාපති කංචන ජයරත්න යන මහත්වරු ඇතුළු පිරිස් ඔහු සමග රථ පෙළපාළියේ ආහ.
විවෘත ජීප් රියක නැඟී සිටි ධනුෂ්ක තමන් හිමි කරගත් ‘‘දෙරණ සිහින තරුව’’ කුසලානය ද ප‍්‍රදර්ශනය කරමිනි. වාහන සියයකට වඩා ප‍්‍රමාණයක් පෙළපාළියේ පැමිණියේය.
පෙරවරු නවයට පමණ රත්නපුර සබරගමු මහ සමන් දේවාලයට පැමිණ විශේෂ දේව පුජාවක් පවත්වා මහා සංඝරත්නයේ ආශිර්වාද ලැබ රථ පෙරහර පිටත්විය. රත්නපුර නගරයට පෙරවරු 11 ට පමණ පෙරහර පැමිණි අතර පස්වරු 01.30ට වනවිට පැල්මඩුල්ල නගරයට ළඟා විය. කහවත්ත, ගොඩකවෙල සහ පල්ලේබැද්ද යන ස්ථානවලද පිළිගැනීම් පැවැත්විණි.
සවස පහට පමණ උඩවලව හන්දියේදී සබරගමු පළාත් සභා මන්ත‍්‍රී හේෂා විතාන මහතා ඇතුළු පිරිස් විසින් ධනුෂ්ක පිළි ගනු ලැබුහ. එහි වු විවෘත වේදිකාවේ ගීතයක් ගායනාකර පැමිණ සිටි පිරිසට සමුදී යළිත් විවෘත රථයේ නැඟී පිටත්විය.
උඩවලව හන්දියේ සිට ඇඹිලිපිටිය දක්වා මග දෙපස ද ඔහුගේ රසිකයෝ වුහ. උඩවලවේ සිට ඇඹිලිපිටිය දක්වා පැමිණිමට පැය දෙක හමාරක් පමණ ගතවිය.
ඇඹිලිපිටිය හිඟුරආර ශ‍්‍රී බෝධිරාජ විහාරස්ථානය අසල පිළිගැනිමෙන් පසු ඔහු බෝධිරා විහාරස්ථානයේ බුදු මැදුරට මල්වට්ටියක් පිදීය.
ඇඹිලිපිටිය කාවන්තිස්ස විහාරස්ථානය අසලදි රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනි රෝහණ කොඩිතුවක්කු මහතා මල් මාලයක් පළඳවා ධනුෂ්ක පිළිත්තේය. ඇඹිලිපිටිය නගර සභාපති වේවැල්දුවේ ඥානප‍්‍රභ හිමි, ඇඹිලිපිටිය ප‍්‍රාදේශිය සභාවේ සභාපති සුරන්ත වීරසිංහ මහතා ද ඊට එක්ව සිටියහ.
එතැන් සිට නැටුම් ගැයුම් සහිත පෙරහරකින් පාගමනින් නගරය වෙත ධනුෂ්ක කැඳවාගෙන යාමට කටයුතු සංවිධානය කර තිබුණත් එහෙත් මීටර් විස්සකට වඩා පාගමනින් ඔහු කැඳවාගෙන යා නොහැකිවිය.
මඟදෙපස සිටි රසිකයෝ ඔහු වට කර ගත්හ.ඔහු බදා ගන්නට වුහ.සෙනහස දක්වන්නට වුහ. යළිත් විවෘත රථයට නංවා ගැනීමට සිදු විය.
රාත‍්‍රී නවයයි තිහට පමණ ඇඹිලිපිටිය නව නගරයේ ගම්උදා භූමියේ සංගිත ප‍්‍රසංගයට පැමිණි ධනුෂ්ක ප‍්‍රථමයෙන්ම ගැයුවේ ‘‘හිස් ටින් එකක් වාගේ මේ ජීවිතේ’ යන ගිතයයි. ‘‘දෙරණ සිහින තරුව’’ වැඩ සටහනේ දෙවැනි සහ තෙවැනි තැන් ලද ජයග‍්‍රාහකයෝ ද මෙන්ම වැඩසටහනේ සුවිශේෂී කුසලතා දැක්වු ආධුනික ගායක ගායිකාවෝ ද සංගීත ප‍්‍රසංගය රසවත් කළහ.
ධනුෂ්කගේ ජයග‍්‍රාහි ගමනේ උදව් උපකාර කළ හිතවතුන් වේදිකාවට පැමිණ ඔහුට සුබ පැතුහ. එහෙත් රැස්ව සිටි අති විශාල ජනකාය නිසා ආරාධනා ලැබසිටි ආරාධිතයන් රැසකට වේදිකාවට ලංවීමටවත් නොහැකිවුයේ යොදා තිබු බාධක බිඳ රසික රසිකාවන් වේදිකාව සමීපයටම පැමිණ සිටි නිසාය.ඔහුගේ පියා ඒ බව දැන සිටියේය. ඔහු අසල තේ කඩයක කහට කෝප්පයක් බොමින් පුතාගේ දස්කම් ගැන නිරහංකාර සතුටක් වින්දේය.
ආධුනික ගායන ශිල්පියෙකුට ඇඹිලිපිටියේදි ලද උණුසුම් ප‍්‍රතිචාරය මෙය බව රැස්ව සිටි බොහෝ දෙනෙක් පැවසුහ.














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු දෙවි රැකවරණින් දිගු ගමනක් යාමට ලැබේවා! (නි)
ඔබට සදා ජය! (නි)
පිටිගල මහත්තයෝ ඔයාට ප්‍රසන තිබුණාට අපට නැහැනේ.එනිසා ඔයාගේ ගෙදර ප්‍රසන ඔයාම බලාගන්න (අ)
මමත් එයාට කෙටි පණිවුඩ යවලා කැමැත්ත පළකළා. මටත් ඇත්තෙන්ම සතුටුයි (නි)
තමන්ගේම ගීත පමණක් කියන්න පුලුවන් නම් කොච්චර හොඳද? (නි)
මේ පේනවනේ, හොදට බලන්න මේක තමයි සත්‍ය බඩට කන්න නැතත් ලෙඩට බේත් නැතත් මේ වගෙ විකාරවලට මොන තරම් මිනිස්සු ඉන්නවද? (නදී)
ඔබට දිගු ගමනකට හදවතින්ම සුභ පතනවා.ඔබ ජාතියට ආඩම්බරයක්.ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ අනාගතයක්. ඔබ වැනි පුතෙක් හැදූ අම්මා තාත්තා ජාතියට ණය නැහැ. තෙරුවන් සරණයි! (නි)
ශාන්ල වගේ කම්මැලියන්ට බඩගින්නේ දගල්ලන්න නෙවි බඩගින්නේ මැරෙන්න වෙන්නේ. මොකද ගෙදරට වෙලා බුදියගෙන හිටියම කන්න ලැබෙන්නේ නැහැ. එහෙම කම්මැළි කමේ බුදියගෙන ඉදල අනුන්ට ඉරිසියා කරනවා. ඔයාල වගේ අය තමා ජිවිතේ විදින්නේ නැතිව විදවන්නේ. පව් පෙර කල කරුම තමා ඔය (නදී)
අපේ මිනිස්සුන්ට බඩගින්නේ හිටියත් කමක් නැහැ ඉඳලා හිටලා හරි පොඩි විනෝදයක් තියෙනවා නම් (නි)
ඔබට සුභ අනාගතයක් වේවා! (නි)
අපේ රට රැකගත් රණවිරුවන්ටත් අපි මේ ආකාරයෙන්ම බුහුමන් දැක්විය යුතුයි (නි)
ඉතාම නිරහංකාර චරිතයක්. ඔබට ජය! (නි)
හිත හොද අවංක කොල්ලෙක්. කන්කරච්චල් සංගීතයට තිත තියලා අපේ මනස සැහැල්ලු කරන්න හොඳ සින්දු ටිකක් අපට දායාද කරන්න ඉදිරියට. දිගු ගමනකට සුභ පතනවා. (නි)
දිගු ගමනක් යාමට හැකිවේවා! (නි)
ඔබට සුභ අනාගතයක්! (නි)
ලංකාවෙ මිනිස්සු ඊර්ෂ්‍යා නැහැ (නි)
ඔබගේ ගී ගැයීම අගය කරන අතරම හරවත් නිර්මාණ වලින් පිරිපුන් දිගු අනාගතයකට ආසිරි පතන්නෙමි. ඔබට ජය !!! (නි)
මම දන්නා තරමින් සිරස සුපර්ස්ටාර් ගයාන් අරෝෂට එස්.එම්.එස් 850000 වඩා ලැබුනා. මෙයාට ඊට වැඩිය හමුබ වුනාද? (නදී)
මම ඔහුට හදවතින්ම සුභ පතනවා! (නි)
සමහර සිහින තරු ඉන්නවා ප්‍රසිද්ද ගායකයන්ගේ ගීත විනාශ කරගෙන වවාගෙන කනවා. ඔබ එවැනි රැලි වලට අසුනොවී ඔබගේම ගීත වලින් ජනතාව පිනවන්න. (නදී)
මේ ඔක්කොම වෙද්දී තාත්තා අසල කඩේක කහට කෝප්පයක් බොමින් හිටියා කියන එක ටිකක් පැහැදිලි මදි. (නදී)
අපේ මිනිස්සු ඡන්දෙ දෙන්නෙත් මේ වගේ තමයි. කිසි තේරුමක් නැහැ ඔහේ රැල්ලට යනවා. (නදී)
රටේ මිනිස්සු බඩගින්නේ දගලනවා මේහේ ජෝගි නටනවා (නදී)
මේ තරුණයා ලැබුන තෑගී මුදල් ආදිය යහපත් ආයෝජනයක යෙදෙව්වොත් හොඳයි. ඇසුරට සුදුස්සන් විතරක් කිට්ටු කර ගනිමින් මුල අමතක නොකලොත් අනාගතයේ ජය නියතයි. මේ වගේම ඈත ගමකින් ආපු කලාවට දක්ෂ කාන්තාවක් අද කොළොඹ හතේ වගේ ජීවත් වුනත් ඇගේ සල්ලි පිටුපස ඇත්තේ මොනවාදැයි දන්නෝ දනිති. ධනුෂ්කට නම් නම්බු පිටම ඉදිරියට යන්න ලැබේවා. (නදී)
ඔහුට හදවතින්ම සුභ පතනවා. නියම තරුවක්. ඔබට ජය (නදී)
පළමුවෙන්ම මෙම ගැමි තරුණයාට සුභ පතමි. මතක තියා ගන්න අමරදේව වික්ටර් රත්නායක, නන්දා මාලනී, වැනි අපේ රටේ ශ්‍රේෂ්ඨ ගායකයෝ බිහිවුනේ තරු හැටියට නෙමෙයි. ඔවුන් අපේ මහා පොළොවෙන් බිහිවී මහා මුදුන් මුලකින් අපේ පොලොවට සවි වී සිටින අයයි. ඒ නිසයි ඒ ශ්‍රේෂ්ඨයින්ගේ ගීතම ගායනා කොට තරු හැටියට අහසට වීසි වෙන්න මොවුනට හැකිවෙලා තියෙන්නේ. දිගටම අහසේ හිටින්නට හිතන්න එපා. පොලොවට බැහැලා හොඳ ශක්තිමත් ගහක් විදිහට වැඩෙන්න බලන්න. මෙහෙම උන්නු ගමන් අහසට විසි උන සමහර තරු මේ වෙනකොට නිවිලා ගිහින්. සමහර තරු උඩ ඉඳගෙන බිමට පහරනවා. අපි කාලයක් තිස්සේ රස විඳපු, ඔවුන්ට ඒ තත්වයට ඒමට උදවු උන උසස් නිර්මාණ ඔවුන් විනාශ කර දමනවා. මේ ගායකයා අතින් එවැනි විනාශයක් නොවේවා යයි පතමි. (නදී)
හැරිසන් ඔබ හරි නමුත් මෙහි අදහස් දමපු "අශාන්, මිලානෝ ජයන්ත, පිටිගල, ශාන්, කියන කීප දෙනා හොඳම ඉරිසියා කාරයෝ ? (ස)
පළමුවෙන්ම මෙම ගැමි තරුණයාට සුභ පතමි. හොඳට බලන්න. මේක තමයි සත්‍යය. බඩට කන්න නැතත් ලෙඩට බේත් නැතත් මේ වගේ ප්‍රසංග වලට මොනතරම් මිනිසුන් ඉන්නවාද? (නි)
සනත් මල්ලි මෙහෙමයි ඔය සින්දුවේ අර්ථය. අපේ ලාංකිකයෝට රෙදි ටික ගෙනත් දුන්නම ඇති ඒ ගොල්ලෝ කපල මහගෙන ඇදගන්නවා. ඔය කියන තාත්තා දන්නවා ඇති අද මේ පනදෙන්න වගේ හිටියට හෙටේ උදේ ඉඳල කහට එකක් අරන් දෙන්නවත් එකෙක් නැහැ කියලා. අතීතය අමතක නොකර උන්දැ තමන්ගේ පාඩුවේ තේකක් බිබී ඉන්න ඇති. (නදී)
මේ ඔක්කොටම පිස්සු. වෙන අපට ප්‍රශ්න නැති නිසා වෙන්න ඇති. (ස)
පිටිගල මහත්තයෝ ඔබට අන් සියලු දෙනාම පිස්සෝ වගේද පේන්නේ? එය දන්නෝ දනිති. (නදී)
මේවා තරු විදිහට දකින්නේ ජිවිතේට තරු නොදැකපු අන්දයෝ (නදී)
ජයසිරි මනිමේන්ද්‍ර .....ඔබ හරි. සමහරුන්ට කිසිම දෙයකින් සැනසීමක් නැති බව තේරෙනවා එයාලගේ අදහස් බලපුවාම. දාහක් ප්‍රශ්න තිබුනත් මිනිසාගේ හිත මොහොතකට හරි සැනසීමක් ගෙන්න මෙවැනි සුන්දර මිනිසුන්ගේ හඬට පුළුවන්..වින්දනයක් නැති මිනිසුන් පව් .. (ස)