(හර්ෂණ තුෂාර සිල්වා)
වත්මන් ආණ්ඩුව යටතේ දරුණු ගණයේ අසමත්වීම් සිදුව නැතැයි ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති තුංලායි මාග් මහතා කොළඹ දී අද (16) ප්‍රකාශ කළේය. අසමත් වීම් සිදුව නැතැයි කීමෙන් සියල්ල සර්ව සම්පූර්ණ බව අදහස් නොවන බව ද හෙතෙම කීවේය.
සිකුරාදා (19) සිට ශ්‍රී ලංකාවට ජී.එස්.පී තීරුබදු සහනය හිමිවන බව දැනුම් දීම සඳහා කොළඹ යුරෝපා සංගම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මාග් මහතා එම කරුණු පැවැසීය.
ළමා විවාහ, සමාජ වෙනස්කම්, නීතිය ක්‍රියාත්මක වීම, වදහිංසා පැමිණවීම් හා එවැනි සිදුවීම් ඇතුළු සිදුවීම් සම්බන්ධයෙන් තවදුරටත් කරුණු වාර්තා වන බවද කී ඔහු ඇඟළුම්, රබර්, තේ ඇතුළු නිෂ්පාදන රැසක් ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට අපනයනය කරන බැවින් මෙය ශ්‍රී ලංකාවට සුවිශේෂී අවස්ථාවක් බව පෙන්වා දුන්නේය.
‘‘මෙය ශ්‍රී ලංකාවේ වෙළෙඳ හිඟය අවම කරගැනීමට ලැබෙන අවස්ථාවක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. ජී.එස්.පී ප්ලස් සහනය හිමිවීමත් සමඟ ශ්‍රී ලංකාවේ සමාගම්වලට, නිෂ්පාදකයන්ට සාම්ප්‍රදායික අපනයන වෙනුවට නව නිෂ්පාදන අපනයන කිරීමට අවස්ථාව ලැබෙනවා.“
“ජී.එස්.පී ප්ලස් සහනය ලබාදීම පහසු ක්‍රියාවලියක් වුණේ නැහැ. එය නැවත ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව පසුගිය වසරේදී අයදුම් පත්‍රයක් යොමු කළා. ඉන් අනතුරුව විවිධ දේශපාලනික, තාක්ෂණික ක්‍රියාවලි රැසක් ක්‍රියාත්මක වුණා. විවිධ තත්ත්වයන් යටතේ ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය ලබා දෙන්නේ නැද්ද යන්න තීරණය කළා. සාකච්ඡා ආදී බොහෝ දේ සිදු වුණා‘‘ යැයි ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි, හරි, ඔය කියන සේරම වෙනස්කම් කරන්න බැහැ. අනික ඔව්ව මොනවත් නැති වුනොත් චිනත් ඉන්නවනේ? දෙනවනම් දෙන්න.
මේවා කලින් තිබුණු වෙලාවේ අපි සංවර්ධිත රටක් වෙලා තිබුනේ.