ඉතාලිය ඇතුලු රටවල් කිහිපයකට අත්හිටුවා ඇති ද්විත්ව පුරවැසිකම් ගැනිමේ අවස්ථාව නැවත ඉක්මනින් ලැබෙතියි එම රටවල පදිංචි ශ්‍රි ලාංකිකයෝ දැඩිබලාපොරොත්තුවකින් පසු වේ.විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා මේ පිලිබදවලංකාදිප එසැණට කියා සිටියේ එම අත්හිටවු ද්විත්ව පුරවැසිකම නැවත ලබා දීමපිලිබඳව මෙ වන විට පාර්ලිමේන්තු කතා බහකට ලක්වෙමින් තිබෙන අතර එය ක්‍රියාවට නැංවීමේ දිනයක් නිශ්චිතව කිව නොහැකි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දෙන්න එපා කියලා කෑගහන අය මතක තියාගන්න ලංකාවට ලොකු විදේශ විනිමයක් උපයලා දෙන්නේ පිට රට වල දුක් විඳින මිනිස්සු කියලා... ඕකට ද්විත්ව පුරවැසි භාවය නොදී ඉන්න එක නෙමේ විසඳුම... ලංකාව පාවා දීල පිට රටවල් වලට පැනගත්ත කිහිප දෙනෙක් නිසා පිට රටවල් වල ජිවත් වන හැමෝටම ලංකාවේ පුරවැසි භාවය නැති කරන එක අසාධාරණයි (ස)
කාලය අරන් කතා කලත් පාඩු නැහැ (දී)
ඔය කියන ඉක්මනට ඒ රටවල් වලිනුත් පුරවැසිකම ලැබුනේ නැහැනෙ. ඒක ගන්න ඉවසුවා වගේ මේක ගන්නත් ඉවසන්න. (නි)
එතකොටරටවල් දෙකේම පුරවැසියෝ වෙන්න පුලුවන්ද (දී)
ලංකාවේ මිනිස්සුන්ට ලැබෙන හොද අවස්තාවක් මේ (දී)
කරන්න පුලුවන්නම් හොද වැඩක් (දී)
දෙරට අතර හොද වැඩක් තමයි කරන්න යන්නේ (දී)
ඔය එපා කියන අය දැනගන්න ඕනේ අපි මාසයක් ලංකාවට සල්ලි එවන එක නතර කළොත් ඔයාලා කන පාන් ගෙඩ්ය තව තෙගුනයක් වෙයි. ඔය වරායවල්, ගුවන්තොටුපොළවල් වහන්න වෙයි.(නදී)
කරනවානම් හොද වැඩක් (දී)
ලංකාවේ බොරු කියමින් වෙන රටවල් වල පුරවැසිභාවය ගත් ඩයස්පෝරාවේ අය නැවත ලංකාවට එන එක ගැන දෙපාරක් හිතන්න ඕනෑද? සම්පුර්ණයෙන් නවත්වන්නැ ඕනෑ වගේම ලංකාවේ පුරවැසියන් වශයෙන් මෙවැනි බොරු කියූ අය ගැන හරි හෝඩුවාවක් දෙන්න පුළුවන් වගේම ,ඒ රටවල් වලට එම කන්වෙන්ෂන් රෙෆුජිකම ගත්තු අය, ඒක බොරු කියල ඔප්පු කරන්න අපේ රජය හරි අවස්ථාවක් සපයලා දෙන්න ඕනෑ. ලංකාවේ ඉන්නවා මේවා දන්නා අය. (නි)
දියුණුවුනු රටවල් බහු පුරවැසිබාවය ලබාගැනීමට ඉඩ දීල තියෙනවා. දොරවල් වසාගෙන, සංක්‍රමණයවූ ලාංකිකයන්ට නැවතත් මව්බිමට පැමිණෙන්න කියල රජයෙන් කෙරෙන ආරාධනා පුස්සක් නේද? (නදී)
අපේ ලක්බිමේ ඉපදුනත්, වෙනරටක පුරවැසි කම ගත්තම ලක්බිමේ පුරවැසි කම නැති වෙන්නෙත් ලාංකිකයන්ටම විතරමයි. පිටරටින් එන සුද්දො හරි වෙන ජාතියක් හරි ලංකාවට ඇවිත් ලංකාවෙ පුරවැසි කම ගත්තට එයාලගෙ රටේ පුරවැසි කම නැති වෙන්නෙ නැහැ. මේ සේරම ලාංකික අපිට විතරමයි. ඒ මදිවට පුරවැසි කම ගත්ත වැඩියක්ම විදේශිකයො කරන්නෙ ලංකාවටම අපහාස කරන එක..(.(....
ලංකාව පාවා දීලා කේලම් කියන්න ගිය අයට ද්විත්ව පුරවැසිබාවය ලබා දෙන්න එපා. ලංකාවට වැඩක් කරන විදේශ විනිමය ගෙනෙන අයට ද්විත්ව පුරවැසිභාවය ලබා දෙන්න.(නදී)
අපි කොහොමද එහෙම කරන්නේ (දී)
මේ අලුත් ක්‍රමය අනුව යමෙක් වෙනත් රටක පුරවැසිකම ගන්නකොට ඉස්සෙල්ලා ලංකාවේ එක නැතිකරගෙන ඊට පස්සේ නැවත වසර පහක් ගියාට පස්සේ ලංකාවේ එක නැවත ගන්න ඕනෑ. නමුත් සමහර බටහිර රටවල් කලින් කිව්වා පුරවැසිකම රදවාගැනීමට ඉඩ දුන්නත් , අපි කැමැත්තෙන් වෙනත් රටක එකක් ගත්තොත් ඒ රටේ එක නැතිවෙනවා. ලංකාවේ මේ අලුත් ක්‍රමය පිටරටවල නීති සමග ගැටෙනවා! මෙන්න මේ නිසයි ලංකික පුරවැසිකම රදවා ගැනීමේ ක්‍රමය ලාංකිකයන්ට ඉතා වැදගත් වන්නේ. මේක කාටවත් තේරෙන්නේ නැහැ, හැම එකේදිම වගේ හොදට තිබුන ක්‍රමයන් අලුත් කරන්න ගිහින් පඹ ගාලක් කොරගෙන හත්පොලේ ගාගන්නවා, අධ්‍යාපනයට වුනා වගේ. (නි)
ලංකික පුරවැසිකම අහිමි නොවී 'රදවා ගැනීමේ ක්‍රමය' බොහොම වටිනා එකක්. ඒ නිසා වෙනත් රටවල පුරවැසි නීති සමග ගැටළු ඇතිවෙන්නේ නැහැ . නැත්නම් ලංකාවේ එක අලුතින් ගන්නකොට පිටරට එක නැතිකරනවා , සියලු අදායම් අහිමි වෙනවා. හැමෝම ඒ ඒ රටවල පුරවැසි පනත් නීති කියවා බලන්න. ඔබ යම් රටක පුරවැසිකම ගන්නකොට ලංකාවේ එක රදවා ගන්න ඔවුන් ඉඩදෙනවා. නමුත් ඔබ මෙය අහිමි කරගෙන ඒ රටේ පුරවැසියෙකු වී නැවත ලංකාවේ එක ගන්න ගියොත් නීති අනුව ඒ රටේ එක නැති වෙනවා. මේ අලුත් ක්‍රමය පාර කපන්නේ එවන් ගැටළුකාරී තත්වයකටයි. පෙර වගේ ලාංකික රදවා ගැනීමේ ක්‍රමය මේ අලුත් ක්‍රමයේදී කතාකරන්නේ නැහැ. මේක හදලා තියෙන්නේ විජාතිකයන්ට මිසක් ලාංකිකයන්ට නොවෙයි. (නි)
කාගෙන් ඇහුවත් කියන්නේ අපේ රට පින්බිමක්, උතුම් බිමක්, මේකේ ඉපදීමම වාසනාවක් කියලා. හැබැයි හැමෝම බලන්නේ වෙන රටක පුරවැසිකමක් ගන්න. (නි)
ඇයි දෙයියනේ, මේ "උතුම්" රට දාලා යන්න මේ තරම් දගලන්නේ? (නි)
කුමක් වේවිද (දී)
ඇමෙරිකාවේ , ඕස්ට්‍රේලියාවේ , එංගලන්තයේ , කැනඩාවේ සුද්දෙක් කවදාවත් ලංකාවේ ද්විත්ව පුරවැසිකම ඉල්ලනේ නැහැ. ලංකාවේ ඉපදුන නියම ශ්‍රී ලාංකිකයෙක්ට තමයි ඩොලර් එකක් හරි ලංකාවට වියදම් කරන්න වුවමනාවක් තියෙන්නේ. පිටරටවල ඉන්න දක්ෂ මිනිසුන්ට ඒ දේ නුදුන්නොත් වෙන්නේ කවදාවත් ඒ කවුරුවත් ලංකාවට නෑවිත් ඉදිමයි. (නි)
මමනම් දින්නේ මේ ක්‍රමය හොද වැඩක් නොවෙයි ... මේ ක්‍රමය නැවත වමි (දී)
හොදම උදාහරණය ඊශ්‍රායලය ඇමරිකාවේ ඉන්න යුදෙව් ආර්ථික සමාජ බලය කොපමණද කියනවා නම් ඔක්කොම පාලනය කරන්නේ ඔවුන්. ඊශ්‍රායලය මේ තරම් ප්‍රභලව ඇමෙරිකන් රැකවරණය ලබන්නේ ඒ නිසයි. නමුත් මෙහෙ සිංහලයෝ ගොඩක් අඩුයි. ඉන්න අයටත් ලංකාවේ පුරවැසිබව නැති වෙලා. ගන්න ක්‍රමයක් නැහැ. ඇමෙරිකාවේ පුරවැසිකම ගන්නේ නැතුව ඡන්ද බලය නැහැ. එතකොට කිසිම ජන බලයක් ගොඩනගන්න බැහැ. අපි ගොඩක් බුද්ධිමත් වෙන්න ඕනෑ, උපක්‍රමශීලී වෙන්න ඕනෑ ගොඩක් ඉස්සරහ ගැන හිතලා සැලසුම් කරන්න ඕනෑ. ඉස්සරහට අපට ඇතිවන යම් වාර්ගික ප්‍රශ්නයකදී චීනයට වඩා රැවුල් කාරයන් පෙන්නන්න බැරි ඇමෙරිකාව උදව් කරයිද කියල කව්ද දන්නේ. (නි)
ඇයි මේ අලුත් නීතියක්? ලංකාවේ සමහර ලොකු ලොක්කෝ දැනටමත් ද්විත්ව පුරවැසියෝ නේද ? එයාලා ඔක්කොම මේ අයිතිවාසිකම අරගෙන දැන් අලුතෙන් ගන්න හදන අයට වළ කපන එක මොන තරම් අසාධාරණද ? (නි)
නියමයි මමත් කැමති ඒ ක්‍රමයට (දී)
ලංකාවේ ඉපදී විදේශ රටවලට සංක්‍රමනය වූ අප ද්විත්ව පුරවැසි භාවය බලාපොරොත්තු වන්නේ ලංකාවට ඇති ආදරයට හා අපගේ මුල් සබදකම් දිගටම පවත්වා ගැනීමටයි. සමහර ත්‍රස්තවාදීන්ට ලංකාවේ පුරවසිභාවය ලබාදී ඇති මේ රටේ ද්විත්ව පුරවැසිභාවය බලාපොරොත්තුවෙන් සිටිනා අපව අමතක කර ඇති බවක් පෙනේ.(ස)
ඔස්ට්‍රේලියාවේ රජයට සහ එවැනි බටහිර රටවලට බොරු කියලා අසරණ බව අරගෙන ලංකාවේ ද්විත්ව පුරවැසි භාවය ගන්න ඉඩ තියන්න එපා . ඒ අයට නැවත ලංකාවට එන්න විසා දෙන්න එපා (ස)
මොකද්ද අපිට ලැබෙන ප්‍රතිලාබය මේ වැඩේ සාර්ථක උනොත් (දී)
අනිවාර්‍යයෙන් දෙන්න එපා (ස)
සාකච්චා කරන්න ....... මේ වැඩේ හරි ගියොත් බොහොම හොදයි (දී)
කොහොමවත් දෙන්නම එපා. (නි)
මැදපෙරදිග ඉන්නවට වඩා පස් හය ගුණයක් එක අයකුගෙන් ලැබෙනවා බටහිර රටවලට යන උගත් ලාංකිකයන්ගෙන්. මේ කොටස ලංකාවත් සමග නොකැඩී සම්බන්ධකර තබා ගන්නේ මේ ද්විත්ව පුරවැසිබවෙන්. අනික මේ කොටස බොහෝ විට නැවත ලංකාවට එනවා මොනයම් හෝ කලෙක, ඒ එන්නේ ලොකු අදායමක් ලංකාවට මාසිකව ගෙන්වාගන්න හදාගෙන, ඒ නිසා මේ ක්‍රමය ලංකාවට ගොඩක් වාසිදායකයි. මේ අනුව බටහිර රටක පුරවැසිකම ගැනීම නිසා හිමිවෙන ආර්ථික දේශපාලනික ලාභ සහ වාසි වක්‍ර ආකාරෙයෙන් ලංකාවට ලැබෙනවා. කොහොම වුණත් බටහිර ශ්‍රී ලාංකික දේශපාලන නියෝජනය වැඩි කිරීමට අපි ක්‍රියාකළ යුතුයි. අපේ රටට හිතවත් හඩක් බටහිර දේශපාලන වේදිකා වලට ගෙනියන්න පුළුවන් වෙන්නේ බටහිර වසන අපට හිතවත් ලාංකිකයන් ගණන වැඩි කිරීමෙන්ම පමණයි. කැනඩාවේ සහ බ්‍රිතාන්‍ය දෙමල ඩයස්පෝරාව කරන්නේ ඔන්න ඔය සෙල්ලමයි. (නි)
අපි උපයන මුදල් ආයෝජනය කරන්නේ ලංකාව තුලයි. ඒ සඳහා පුරවැසි භාවය අවශ්‍යයි. මෙයට වහා විසඳුම් දෙන්න (ස)