පසුගිය පස් වසරේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැඩිම ආදායම පසුගිය සෙනසුරාදා සිව්දින නිවාඩුවත් සමඟ වාර්තා විය.
රුපියල් එක්කෝටි හැත්තෑ හය ලක්ෂයක් පමණ ආසන්න එදින ආදායම වේ.
වාහන හැටදාහසකට ආසන්න ප්‍රමාණයකින් මෙම මුදල උපයාගෙන ඇත.
කටුනායක අධිවේගී මාර්ගයේ පසුගිය දෙවසරේ වැඩිම ආදායම ලෙස සිකුරාදා වාර්තා වේ.
එදින වාහන 38000කින් පමණ රුපියල් අනු තුන් ලක්ෂයක් ලැබුණ බව වාර්තා වේ.
මේ සති අන්තයේ පිටකොටුව සිට පිට පළාත් සඳහා වැඩිපුර අතිරේක බස් යෙදවීමට සිටියත් මගීන්ගේ පැමිණිම අවම වීම හේතුවෙන් අතිරේක බස් රථ අඩු කළ බව ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිවේගී මාර්ග කන්නද කියල ඇහුවලු එක්කෙනෙක්. තව පොඩ්ඩෙන් මේක වී වේළන්න දානවා අනික් වී ගබඩා වගේ. (නි)
දක්ෂිණ අධිවේගී මාර්ගය ඉස්සෙල්ලම පටන් ගන්න හැදුවේ ප්‍රේමදාස (ර)
මේ අර රතු මල්ලිලා කියපු, රාජපක්ෂලට ඇඹුල් තියල් ගෙනෙන්න හදපු පාරනේ. කොහොමද මෙච්චර අාදායමක් උපයාගත්තේ. (නි)
යහපාලන කට්ටිය දුකටද මන්දා අදහසක්වත් දාන්නෙ නැහැ (නි)
ඒ වුනාට ජනතාවට සහනයක් නෑනේ.(හේ)
බදු ගහලා දඩ ගහලා මහජනයාගේ සල්ලි හූරා කන්නේ නැතුව මේ වගේ වැඩක් කරලා කීයක්හරි හොයාගන්න බලන්න (නි)
මේවායේ ආදායම් ගන්නකොට කිසිම කතාවක් නැහැ. ඒ වුණාට තවමත් කියන්නේ රාජපක්ෂලගේ ණය ගෙවනවා කියලා. (නි)
මහින්ද ජනාධිපතිතුමාට පින් සිදුවේවා! (නි)
මේ මුළු ආදායමම ලංකාවට එනවද? (ර)