(හර්ෂණ තුෂාර සිල්වා)
දීර්ඝ කාලීන සාමයක් උදා කරගැනීමට සහ වාර්ගික අර්බුදයට විසඳුමක් දීම සඳහා කරගෙන යන ක්‍රියාවලිය අනෙක් අතට හැරවීමට උත්සාහ කරන ආණ්ඩුව තුළ සිටින ඇතැම් කොටස්වලට ඉඩ නොදීමට ශ්‍රී ලංකා රජය හා ජනතාව කටයුතු කළ යුතු යැයි මානව හිමිකම් සහ ත්‍රස්තවාදය පිටු දැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් මහතා අද (14) ප්‍රකාශ කළේය.
වසර 26ක් මුළුල්ලේ පැවැති යුද්ධය සමයේදී සහ ඉන් පසු කාලයේදී සිදු වූ දරුණු මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මෙතෙක් කිසිවක් කර නැතැයි ද එමර්සන් මහතා එහිදි කීය.
ශ්‍රී ලංකා රජයේ ආරාධනාව මහතා පස්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි බෙන් එමර්සන් මහතා එම සංචාරය අවසන් කරමින් කොළඹ තුන්මුල්ල එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම අදහස් පළ කළේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ලබා දුන් වසර දෙකක දිගුවෙන් මාස හතරක් ගෙවී ගොස් තිබුණ ද කවුන්සිලය හමුවේ ඉටු කිරීමට පොරොන්දු වූ ප්‍රධාන අරමුණු ළඟා කරගැනීමේදී ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ඉතාමත් පහළ මට්ටමක පවතින බවත් ඇතැම් අවස්ථාවලදී එම ඉලක්කවලට ගමන් කරන බවක් හෝ නොපෙනෙන බව ද හෙතෙම කීය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම තීරණය වන්නේ අදාළ වසර දෙකක කාලසීමාව අවසානයේදී බව පැවැසූ බෙන් එමර්සන් මහතා සත්‍ය ප්‍රගතියක් අත්පත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ සංක්‍රාන්ති යුක්තියක් ස්ථාපිත කිරීම සඳහා කිසිදු පියවරක් ගෙන නැතැයි ද කීය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන ඒමට යන ත්‍රස්ත විරෝධී යෝජනා සම්බන්ධයෙන් අමාත්‍යවරුන්ගේ, පාර්ලිමේන්තුවේ සහ මහජන උපදෙස් ලබා නොගැනීම කනගාටුවට කරුණක් බව ද ඔහු කීවේය.

(ඡායාරූප-ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ට්‍රම්ප් මහත්තයට කියලා බලන්න.. මොකද වෙන්නේ කියලා?
මේ වගේ අයට තමුන්ගේ වැඩක් බලාගෙන ඉන්න කියලා කියන්න කෙනෙක් නෑ නේ...
මෙතුමා අදහස් කරන සාමය නම් සිංහල බෞද්ධයාට අයිති මුල්තැන නැති ලංකාවක්. අත යටින් සන්තෝසම් ලැබෙනකොට කවුරුත් මෙහෙම යෝජනා ගෙනාවා. ඉතාලිය අයිති ඉතාලි කාරයොන්ට, ප්‍රංශය අයිති ප්‍රංශ ජාතිකයන්ට, ස්විට්සර්ලන්තය අයිති ස්විස් ජාතිකයන්ට නමුත් මේ හෙළදිව සිංහල බෞද්ධයාගේ කිව්වොත් ජාතිවාදිලු.
නිවටකම දැක්කහම හැම කෙනාම එන්නේ ඔලුවට අත හෝදන්න තමයි.
මේවාට එහෙයි කියන අය තමයි අපේ රටේ ඉන්නේ...
රට පාලනය කරන්න මෙයාලටම දෙන්න.... කතාව ඉවරයිනේ....
සංහිඳියාවට කඩේ යන කවුරුත් මේවා දකින්නේ නැති එක ලොකු ප්‍රශ්නයක්. ඇත්තටම අපේ රටේ සහ රජයේ වුවමනාවකට දැනට රටේ වෙන දේවල් නොවන බවට මේක හොඳම උදාහරණයක්. මේක අධිරජවාදී කුමන්ත්‍රණයක් නොවන්නේ කෙසේද? "යුද වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණු ආරක්ෂක අංශ සාමාජිකයන් සම්බන්ධයෙන් පියවර ගැනීමත් මන්දගාමීවයි සිදුවන්නේ" මේකත් එතුමාගේම ප්‍රකාශයක්.
පිටිගල මිලානො.. ශ්‍රී ලංකාව අයිති ශ්‍රී ලාංකිකයන්ට..
බෙන් එමෙර්සෝන්... තමන්ගේ වැඩක් බලාගත්තොත් බොහොම හොඳයි නේද? අනුන්ගේ දේවල්වලට කතා නොකර...
මෙන්න අපේ අලුත් අගමැති...
අනේ... කොහෙද යන කෙනෙක් වගේනේ වැඩකරන්නේ...
මෙතුමා කියන්නෙ අගමැතිතුමාව ඉවත් කරන්න කියලා නේද?
මේ හදන්නේ ආණ්ඩුව පෙරලන්න තමයි.
මේ වගේ අය ඇවිත් අපේ රටේ ගිනි අවුලනවා. යහපාලන සංහිඳියාකරුවන් ගින්නට පිදුරු දානවා. මෙම අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය පරදවමු. විජේදාස ඇමති තුමා වගේ කොන්ද කෙලින් තියෙන මිනිස්සු යහපාලන ආණ්ඩුවේ හිටියනම් අපි ජිවත් වෙන්න ඕන සුන්දෝ කියන විදිහට නොවෙන බව සුද්දන්ට කියල දෙන්න තිබුනා...
යුරෝපේ ඒවා කතානොකර හිටියානම් ඉවරනේ..
ඇයි මේ මාධ්‍ය සාකච්ඡාවේදි මෙයාගෙන් වීරයොවගේ ගිහිල්ලා ප්‍රශ්න කළේ නැත්තේ?ලංකාවේ ගැලරිය පිනවන්න වහසිබස් දොඩන අයට ගිහිල්ලා කට වැහෙන්නම කියලා එන්න තිබ්බනේ.
ත්‍රස්ත විරෝධී පනතක් වගේම මේ වගේ අයට විරෝධීව පනතක් සම්මත කරගන්න ඕනේ. ඔලුවට අත හෝදන්න එන..., තම තමන්ගේ සැලසුම්වලට අහිංසක මිනිසුන් ගැන නොබලන අයට විජේදාස රාජපක්ෂ මහත්තයා වගේම උත්තර දෙන්න ඕනේ...
ලංකාවේ ජනවාර්ගික අර්බුදයක් නැති බව මේ මහත්තයට කියන්න.
ඇත්තටම අද ලංකාවේ දෙමළ ජනයාට නැති සිංහල ජනයාට විතරක් තියෙන අයිතිවාසිකම් මොනවාද? එදා යුද්ධය පවතින විට රටේ ඕනෑම තැනකට දෙමළ ජනතාවට පදිංචියට අවකාශ තිබුණා. නමුත් සිංහල වූ පමණින් උතුරට යන්න අපිට අවසර තිබුණද ඒ දවස්වල?
මෙතන මේ ලොකු කතානේ... රටට වෙලා තියෙන දේ ගැන දන්නේ නැති කට්ටියක් විතරයි. දැක්ක නේද කටාර් වලට සම්බාධක දාලා වුන දේ? ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න දැනගන්න ඕනේ....
මේකේ තියෙන ප්‍රතිචාර දැක්කාම අපේ අයගේ මතකයේ තරම හිතා ගන්න පුළුවන්. යුද්ධය අවසානයේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්තුමා ලංකාවේ සංචාරය කරලා අවසානයේ කරපු කතාව කාටත් අමතක වෙලා නේද? යුද්ධයේදී මානව හිමිකම් කඩවීම පිලිබඳව සොයා බලා වැරදි කරුවන්ට දඬුවම් ලබා දීමට පොරොන්දු වූ බවත් 13 වන සංශෝධනයෙන් එහා ගිය බලතල පළාත් සභා වලට ලබා දෙන්න පොරොන්දු වූ බවත්, ඒ පිළිබඳව (හිටපු) ජනපතිතුමන්ට ස්තුතිවන්ත වෙන බවත් එතුමා කිව්වා නේද? දැන් වසර කීයක් ගතවෙලාද ඒ පොරොන්දු එකල රජය හෝ වර්තමාන රජය ඉෂ්ඨ කලාද? ඉහත අදහස් දැක්වූ බොහෝ දෙනෙක් මේ කියන බෙන් ඉමර්සන් මහතා ගැන අවඥාවෙන් කතා කලාට ඔහුගේ අදහස් හෝ තීරණ ජාත්‍යන්තර මට්ටමේදී අපේ ජනපති හෝ අගමැතිතුමන්ලාගේ අදහස් හෝ තීරණ වලට වඩා ඉහළින් පිළිගැනීමට ලක්වෙනවා.
අපේ අයගේ කතාවලින්ම පේනවා කියන දේ. ජාතිවාදය, ආගම්වාදය ඉහවහා ගිහිල්ලා....
මේ අය කවුරුන්ද?
එදා එක්සත්ජාතීන්ගේ මහ ලේකම්තුමාට හිටපු ජනාධිපතිතුමා දුන් පොරොන්දුව එතුමාගේ පොරොන්දුවක්... ඒක රටේ අදහස හෝ මතය නොවේ. හදිසියේම මහලේකම්තුමා. පැමිණිය අනික දැන් ඊස්‍රාලයට දීපු නියෝග එකක් වත් ඊස්රායලයට ක්‍රියාත්මකද ?
උස් තැන් දැක හැකිළෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ "නිවටුන්" බව සිතමින්නේ'' අපේ එවුන් ලොකු වන්නේ...